පැණි කද සමග වැටුණු වැද්දා - වැද්දාපැණි ඇල්ල 🍯 (Wadda Peni Ella Falls🍃)

පැණි කද සමග වැටුණු වැද්දා - වැද්දාපැණි ඇල්ල 🍯 (Wadda Peni Ella Falls🍃) - Your Choice Way
අද අපි ඔයාලා එක්ක කතාකරන්නේ පොඩි දියඇල්ලක් ගැන.. පොඩි වුණාට සැරයි..ඒ ඇල්ලේ නම නම් ඔයාලට අමතක වෙන එකක් නෑ..එය නමින් වැද්දාපැණි ඇල්ල.

මම මුලින්ම ඔයාලට කියන්නම් ඒ ඇල්ලට ඒ නම වැටුනේ කොහොමද කියලා..කලකට ඉහත දී ඇටන්වල ගමේ විසූ වැද්දෙක් පැණි කදක් රැගෙන ඇල්ලෙන් එගොඩවීමට යාමේදී පහළට වැටී මරණයට පත්වූ නිසා මේ ඇල්ලට මේ අපූරු නම ලැබී ඇති බවයි ජනප්‍රවාදයේ කියවෙන්නේ...

මේ ඇල්ල අපිට හම්බෙන්නේ - ඉලුක්කුඹුර රත්නින්ද හරහා ඇටන්වලට යන බොරලු පාරේ ගමන් කරන විට මේ ඇල හමුවෙනවා. තෙලිගමු ඔයෙන් තමා වැද්දාපැණි ඇල්ල  නිර්මාණය වන්නේ..

ඇල්ල අසලට යාමට පයින් කිලෝමීටරයක් පමණ ගමන් කළ යුතුයි. මීටර දෙකක් පළල ගල්පර්වත දෙකක් අතරින් ඔය කඩාහැලීමෙන් මේ අලංකාර  ඇල්ල නිර්මාණය වී තිබෙනවා.

දියඇල්ලට ඉහළින් හෙල්මලු කුඹුරු සහ එළවලු වගාබිම් දක්නට ලැබෙනවා. ඊට එපිටින් ඇදී යන්නේ මානිගල කන්දයි. 

දැන්නම් මේ ඇල්ල ආසන්නයෙන් මෑතක දී කුඩා පාලමක් තනා තිබෙන නිසා දැන් ගමනාගමනය පහසු වෙලා තියෙනවා.

වැසිදින වල නම් නාන්න යන එක අවදානම් කියලා එතන සදහන් කරලම තියෙනවා.. ක්ෂණික ජල ගැලීම ඇතිවෙන්න පුලුවන් ලූ යන අය පරිස්සමින් හොදේ..ඒ මොකද දන්නවද මේ ඇල්ල තෙලිගමු ඔයෙන් නිර්මාණය වන නිසයි.. කතාවකුත් තියෙනවා "ගහකින් ගහකට වඳුරෙක්‌ පැන්නත් තෙල්ගමු ගඟ උතුරනවා" අන්න ඕකයි පරිස්සම් වෙන්න කියන්නේ

Wadda Peni Ella Falls

Wadda Peni Ella Falls is located in a wonderful piece of land surrounded by the margin of Knuckles Forest Reserve. It is nurtured by the waters of Thelgamu oya, and boasts for enriched bio diversity with endemic aquatic species.

The fall can be seen on the way in Manigala Hike, so it's a perfect place to have a good rest on the way. There's a bridge over the waterfall, where you can have a good view.

There's a folklore about how this fall got its name; once a 'wedda' (a member of a minority indigenous group of people in Sri Lanka)while on his way with some honey(peni), fell into a deadly dip when crossing the fall and died. Hence the Laggala folks started calling it Wedda Peni Ella.

මෙහි ඇතුලත් පින්තූර මුල් අයිතිකරු සතුයි.📸🙏
පැණි කද සමග වැටුණු වැද්දා - වැද්දාපැණි ඇල්ල 🍯 (Wadda Peni Ella Falls🍃) - Your Choice Way

පැණි කද සමග වැටුණු වැද්දා - වැද්දාපැණි ඇල්ල 🍯 (Wadda Peni Ella Falls🍃) - Your Choice Way

පැණි කද සමග වැටුණු වැද්දා - වැද්දාපැණි ඇල්ල 🍯 (Wadda Peni Ella Falls🍃) - Your Choice Way

පැණි කද සමග වැටුණු වැද්දා - වැද්දාපැණි ඇල්ල 🍯 (Wadda Peni Ella Falls🍃) - Your Choice Way

පැණි කද සමග වැටුණු වැද්දා - වැද්දාපැණි ඇල්ල 🍯 (Wadda Peni Ella Falls🍃) - Your Choice Way

පැණි කද සමග වැටුණු වැද්දා - වැද්දාපැණි ඇල්ල 🍯 (Wadda Peni Ella Falls🍃) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
පැණි කද සමග වැටුණු වැද්දා - වැද්දාපැණි ඇල්ල 🍯 (Wadda Peni Ella Falls🍃) පැණි කද සමග වැටුණු වැද්දා - වැද්දාපැණි ඇල්ල 🍯 (Wadda Peni Ella Falls🍃) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 14, 2020 Rating: 5

0 comments:

Post a Comment