සියැටල් (Seattle)

සියැටල් (Seattle)

ලිපියෙඅන්තර්ගතය ✍️🌎

🚫🚫🚫 සියැටල් ගැන ඉතිහාසය හා රතු ඉන්දියානුවන් ගැන
🚫🚫🚫 2020 කොරෝනා වසංගතය ඇමරිකාවට උඝ්‍රව බලපෑම...

යමු ලිපියට❤️
(විනාඩි 10 යොදවලා කියවලා බලන්න වටිවී ජිවීතෙටම)✍️❤️🌎
" පොළො තලය මිනිසාට අයිති නැත.
එහෙත් ගොඩක් නොමිනුසුන් සිතන්නෙ එය තමන් රැගෙන ආවක් බවය.. මිනිසා අයිති වන්නේ මහපොළොවටයි. ඥාතීන් සියලු දෙනා එකම ලේ බැම්මකින් බැදෙන්නාක් මෙන් මෙළොව ඇති සියලු දෑ ද එකිනෙකට බැඳී පවතී. 

ජීවන ජාලය වියන ලද්දේ මිනිසා විසින් නොවේ. ඔහු හුදෙක් එහි එක් වර පටක් පමණකි. ඔහු මෙම ජීවන ජාලයට යම් බලපෑමක් කරයි ද, හෙතෙම එය තමන්ට ම සිදුකරගත්තා වේ”

ඉහත සහදන් ලිපිය  ඒක්සත් ජනපද වොෂින්ටන් නගරයේ ආණ්ඩුකාරයා රතු ඉන්දියානු ජාතිකයන් විසින් තම සියලුම ඉඩම් විකුණා දැමිය යුතු යයි කරන ලද නිවේදනය පිළිබඳ රතු ඉන්දියානු නායක සියැටල් එවකට ඇමරිකානු ජනාධිපති ෆ්‍රැන්ක්ලින් පියර්ස් වෙත ලියා යැවුවේ මීට බොහෝ කලකට පෙරය.
ඔව් පොඩි කෙනෙක් උනත් අහලා තියෙන නමක් තමයි සියැටල් කියන්නෙ 🤔
ඇත්තටම කවුද මේ,

සියැටල්

🚫🚫🚳🚫🚫
රතු ඉන්දියානු නායකයකු වුණු සියැටල් උපත ලද්දේ 1788 වර්ෂයේ පූගට් සවුන්ඩ් ප‍්‍රදේශය අසල පිහිටි දූපතක් වන බේන්බ්‍රජ් දිවයිනේය. ඔහුගේ පියා ස්ක්වේමේ ස්කුවාමිල් නම් විය.  ඔහු ද ගෝති‍්‍රක නායකයකු විය. මව නමින් ස්කොලට්සා දුවාමීෂ් වුණු අතර ඇය ගෝති‍්‍රක නායකයකුගේ දියණියක් වූවාය.සියැටල් ගේ නියම නම වුණේ සීත්ල් ය. එය ඉංග්‍රීසි උච්චාරණයට අනුව සියැටල් නම් විය. තරුණ කාලයේදීම යුද විරුවකු වුණු සියැටල් ගෝත‍්‍ර හයකටම නායකයා වූයේය.වසර 78 ක් ජීවත් වුණු නායක සියැටල් 1866 දී පූගට් සවුන්ඩ්හි දී අභාවප‍්‍රාප්ත විය. එහෙත් ඔහු අද ද අමරණීය චරිතයක් වී ඇත.

අනෙකුත් ගෝත්‍රිකයන් ගෙන් වෙන්ව කැපීපෙනෙන අඩි 6කට ආසන්න උසකින් යුතු වූ මෙම නායකයා එවකට යුරෝපීය රටවල් වලින් පැමිණි වෙළඳුන් හැදින්වූයේ ''ලෙග්‍රොස්'' හෙවත් විශාල මිනිසා යන නමිනි. එමෙන්ම ඔහු සතුව මනා කථීකත්වයක්ද පැවතුනි. තොරතුරු වල සඳහන් වන පරිදි සැතපුම් 3 හමාරක් පමණ ඈතට ඇහෙන පරිදි කතා කිරීමට ඔහුට හැකියාවක් තිබිණි.

සියැටල් සිය ජනතාවට මෙන්ම සොබාදහමට ද බොහෝ සෙයින් ආදරය කලේය. මිනිසා පෘථීවියේ කොටසක් බවත් පෘථීවිය මිනිසාගේ කොටසක් බවත් ඔහු ඇදහීය. සුදු මිනිසාගේ පැමිණීම සිය ජන වර්ගයාගේත් සංස්කෘතියේත් අවසානය බව ඔහු දැන සිටියේය. තමන්ට වඩා තාක්ෂණයෙන්ද පිරිස් බලයෙන්ද වැඩි සුදු මිනිසා සමග සටන් වැදීමෙන් පලක් නොවන බව ඔහු තේරුම්ගත් අතර ඔවුන්ගෙ පරිසර විනාශය ද පිලිකුල් කරාය...

සියැටල් විසින් එවකට ඇමරිකානු ජනාධිපති වෙත ලියා යැවු ලිපියේ මොනාද තිබ්බෙ 🤔😳

පුංචි කොටසක් ගන්නම් මං❤️✌️
🚫🚫🚫  “ගෝත‍්‍ර සෑදී ඇත්තේ මිනිසුන්ගෙනි. ඊට වඩා දෙයක් නැත. මුහුදු රළ මෙන් මිනිස්සු පැමිණෙති. එමෙන්ම විනාශ වී යති. තමන් සමග සක්මන් කරමින් කතා කරනවා යැයි පවසන සුදු මිනිසාගේ දෙවියාට ද මේ පොදු ඉරණමෙන් ඔවුන්ව ගළවා ගත නොහැක.”

🚫🚫🚫 “දිගින් දිගටම ඔබ සැතපී සිටින මේ යහන විනාශ කළහොත් යම් දිනෙක ඔබ ඒ යහන මතම හුස්ම හිරවී මරණයට පත්වනු ඇත.එහෙත් විනාශ වී යන ඔබ නිවෙන්නට පෙර දීප්තිමත්ව දැල්වෙන පහන් වැටියක් මෙන් උද්දීප්තිමත්ව බැබළෙනු ඇත. “ 

🚫🚫🚫 “අප ආදරය කළාක් මෙන් මේ පොළොවට ඔබත් ආදරය කරන්න.අප එය ආරක්‍ෂා කළා මෙන් ඔබද එය ආරක්‍ෂා කරන්න. ඔබ මේ භූමිය අපගෙන් මිලදී ගන්නා විට එය තිබූ ආකාරය ගැන මතකයේ තබා ගන්න. ඔබේ මුළු හදින්ම, මුළු ශක්තියෙන්ම ඔබේ දරුවන් වෙනුවෙන් මේ මහ පොළොව ආරක්‍ෂා කර ගන්න.

 “ඔහු විසින් යැවූ ලිපියෙ කොටස් තුනක් ඉහතින් උපුටා දක්වා ඇත...
ඔබට හොදින් වැටහෙනවා එකෙන්ම සියැටල් යනු ඉතාම අවිහිංසාවාදී පරිසරවේදියෙක් බව❤️✌️
ඔව් දැන් තමා හොදම මාතෘකාවට එන්නෙ.එ තමයි ඇමරිකාව...
සියැටල් කියූ පරිදී එතැන් පටන් ඇමරිකාවට හොද කලක් උදාවුයෙ නැත...

©® සුළි කුනාටු..
©®ගංවතුර..
©® වසංගත තත්ත්ව..

ආදි නොයෙක් කරදර වලින් ලෝකයේ අනෙක් රටවල් වලට වඩා අලාභහානි කරදර ජීවිත හානී සිදුවිය...

2020 මෙ පැවතෙන කොරෝනා වසංගත තත්ත්වයද ආරම්භක රටට වඩා මහත් විනාශයක් ඇමරිකන් ජනතාවට රටට වී හමාරය..

ස්භාවධර්මය සමග විනොදකාමී වූ ඇමරිකන් ප්‍රෙබලයන් දැන් රෝහල් වල දුක් විදින්නෙ ලෝකයෙ තාක්ෂණය අතින් පෝසත්ම රට උවත් ස්භාවධර්මය සැමට පොදු බව පසක් කරමිනි...

කුමන රටකට වුව සිදුවන විනශයකට අප සතුටු විය යුතු නැත. එහෙත් ලෝක පරිසර ප්‍රඥප්තියට අත්සන් නොකළ ඇමරිකාව දියුනුවේ නාමයෙන් කරගෙන යන පරිසර විනාශය සුළුපටු නොවේ. රතු ඉන්දියානු නායක සියැටල් විසින් ප්‍රකාශ කල පරිදි

” මෙම ජීවන ජාලයට යම් බලපෑමක් කරයි ද, හෙතෙම එය තමන්ට ම සිදුකරගත්තා වේ”
 සහ
  “දිගින් දිගටම ඔබ සැතපී සිටින මේ යහන විනාශ කළහොත් යම් දිනෙක ඔබ ඒ යහන මතම හුස්ම හිරවී මරණයට පත්වනු ඇත.”

යන වදන් අපට මතක් වන්නේ මෙතනදීය. ඇමරිකාව රතු ඉන්දීය ස්වදේශිකයින් පලවා හරිමින් පටන් ගත් මෙම විනශය ඔවුන් තුලින්ම අවසන් කරනු ඇත. සියළු විදුදරයන්ගේ කථිකවත් පරයා වනචාරී ගොත්‍රික නායකුගේ සරල විග්‍රහයක් යතාර්ථයක් බවට පත් වී ඇත. සොභාදහම හා ගැටෙන ගමනේදී දෙවියන් වහන්සේවත් පිහිටට නොයෙන බව අප ඇතුලු ලෝකයා පිලිගත යුතුය. සියැටල් ම ප්‍රකාශ කල පරිදි ”තමන් සමග සක්මන් කරමින් කතා කරනවා යැයි පවසන සුදු මිනිසාගේ දෙවියාට ද මේ පොදු ඉරණමෙන් ඔවුන්ව ගළවා ගත නොහැක යන්න සිදුවිය සිදුවෙමින් පවතී.

අපි සැවොම ස්භාවධර්මයට හැඩ ගැසෙමු...❤️✌️

තවත් ලස්සන ලිපියකින් ආය හමුවෙමු.මේක කියවා දැනුමක් වගෙම 🌎 ආරක්ෂා කරගන්න වග බලාගන්න.
ස්තුති 🙏 😲😲😎😵😍🙈 
දිලා
අපෙ හාමුදුරුවෝන්ගෙ ( Samindu Induruwan) ඉල්ලීම මත තමා ලිව්වෙ❤️✍️
වැරදි ඇත්නම් කොමෙන්ට් කර යන්න....
(චායාරූප අන්තර්ජාලයෙන් ගන්නා ලදී..)
චායාරූප වලිනුත් දෙයක් ගන්න✍️❤️🌎
සියැටල් (Seattle) - Your Choice Way

සියැටල් (Seattle) - Your Choice Way

සියැටල් (Seattle) - Your Choice Way

සියැටල් (Seattle) - Your Choice Way

සියැටල් (Seattle) - Your Choice Way

සියැටල් (Seattle) - Your Choice Way

සියැටල් (Seattle) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

View my Flipboard Magazine.
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
සියැටල් (Seattle) සියැටල් (Seattle) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 25, 2020 Rating: 5

0 comments:

Post a Comment