ලංකාවේ දිගම එල්ලෙන පාලම දිගේ යමුද? 🌉👭👬 රුවන්වැල්ල එල්ලෙන පාලම (The Ruwanwella Suspension Bridge)

ලංකාවේ දිගම එල්ලෙන පාලම දිගේ යමුද? 🌉👭👬 රුවන්වැල්ල එල්ලෙන පාලම (The Ruwanwella Suspension Bridge)
එල්ලෙන පාලම් නැත්තන් සංගිලි පාලම් කියන්නෙ ගඟක් හරහා දාලා තියන පටු පාලමකටනේ. මේක වැලක් ස්වරූපයෙන් තියන නිසා එල්ලෙන පාලම් කිව්වට වරදක් නෑ. ඉස්සර නම් මේ පාලම් හැදුවෙ ලණු යොදාගෙන. ඒත් දැන් වානේ කේබල් යොදාගෙන තමයි හදන්නේ. 

මේ පාලම් වලින් එගොඩ වෙන එක ත්‍රාසජනක අත්දැකීමක් වගේම මාරම විනෝදයක්. අඩියක් තියනකොට හෙලවෙන මේ පාලමක අත්දැකීම ගන්න ඒකකින් යන්නම වෙනවා.

රුවන්වැල්ල එල්ලෙන පාලම - ඔබ දන්නවා ඇති රුවන්වැල්ල කියන්නේ ඓතිහාසික කෝට්ටේ, සීතාවක, මහනුවර යන රාජධානි සමයයන්හිදී  බොහොම ප්‍රචලිත ගම්මානයක් බව. මේ ගමේ තමා මේ එල්ලෙන පාලම තියෙන්නේ..

කැළණි ගඟ හරහා වැටිලා තියන රුවන්වැල්ල සංගිලි පාලම දැනට ලංකාවේ තියන දිගම එල්ලෙන පාලම විදියටයි හඳුනාගෙන තියෙන්නේ...

කැළණි ගඟේ අතු ගංගාවක් වෙන ගුරුගොඩ ඔය හා කැළණි ගඟ හමුවෙන ඉසව්වේ තමා මේ සංගිලි පාලම පිහිටලා තියෙන්නේ. 

ඒ කියන්නේ ගම්පොල කඳුවැටි ආශ්‍රිතව උපත ලබන ගුරුගොඩ ඔයත් ශ්‍රීපාද කඳු පන්තිය ආශ්‍රිතව උපත ලබන කැළණි ගඟත් රුවන්වැල්ලේදී එක්වෙනවා.

මේ පාලම අඩි 550ක් විතර දිගයි කියලයි  එහි සමරු ඵලකයේ සඳහන් වෙන්නේ..

නිකවලමුල්ල, කුරුපැන් න ගම් හා රුවන්වැල්ල ගම යාකරමින් හැදිලා තියන මේ පාලම ගොඩක් හොඳ තත්ත්වයෙන් තාම තියනවා. 

ඒ වගේමයි මේ පාලමේ යන ගමන් ගඟට එක එක එව්වා විසි කරන්න නම් එපා..

පාළමෙන් එගොඩවෙන ප්‍රදේශය හඳුන්වන්නේත් ‘පාලංගමුව’ කියලයි. ඊට එහා තියෙන්නේ නිකවලමුල්ල, කුරුපැත්ත වැනි ගම්මාන

පාලම තියෙන්නේ ගගට අඩි 40ක් උඩින්.ගිහින්ම බලලා ඒ අත්දැකීම විදගන්න

Ruwanwella Suspension Bridge

The Ruwanwella Suspension Bridge across Kelani River at Ruwanwella is believed to be the longest of its type in Sri Lanka. Built in 2007, this foot bridge connect the Ruwanwella town with villages such as Nikawalamulla and Kurupaththa. The bridge is 550 feet (170 meters) long and lies about 40 meters above the river where the Gurugoda Oya meets Kelani Ganga.
ලංකාවේ දිගම එල්ලෙන පාලම දිගේ යමුද 🌉👭👬 රුවන්වැල්ල එල්ලෙන පාලම (The Ruwanwella Suspension Bridge) - Your Choice Way

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුට ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ලංකාවේ දිගම එල්ලෙන පාලම දිගේ යමුද? 🌉👭👬 රුවන්වැල්ල එල්ලෙන පාලම (The Ruwanwella Suspension Bridge) ලංකාවේ දිගම එල්ලෙන පාලම දිගේ යමුද? 🌉👭👬 රුවන්වැල්ල එල්ලෙන පාලම (The Ruwanwella Suspension Bridge) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 27, 2020 Rating: 5

0 comments:

Post a Comment