නොසිදෙන කෙම සහිත - නුවර ගල 🍂🍃🎋⛰ (Nuwaragala)

නොසිදෙන කෙම සහිත - නුවර ගල 🍂🍃🎋⛰ (Nuwaragala)
අද අපි කතා කරන්න යන්නේ හරිම චමත්කාර ඉසව්වක් ගැන.ඒ නමින් නුවර ගලයී..නුවර ගල ඒ තරම් ම චිත්තාකර්ෂණීය දිය කඳුරු, දිය කඩිති හෝ පොකුණු ආදියෙන් ද සුපෝෂිත ලතා මඬුල්ලෙන් ද අලංකෘත තැනක් තමා නුවරගල කියන්නේ..

මේ නුවරගල තියෙන්නේ නුවර නම් නෙමේ.අම්පාර දිස්ත්‍රික්කයට අයත් මහඔය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පොල්ලේබැද්ද ආදිවාසී ගම්මානය හරහා රඹකැන් ඔය මිටියාවත ඔස්සේ තමා නුවර ගලට යන්නේ...

ගල් පර්වත වලින් ගහන වු මේ පෙදෙසේ ගලින් සෑදුණු ගල් ගුහා රැසක් දක්නට ලැබෙනවා..

එකල ඒවා වැදි ගෝත්‍රික ජනයාගේ වාසස්ථාන කියලයි කියන්නේ.නුවර ගල පර්වතය මුදුණේ විසල් නුවරක නටබුන් දකින්න ලැබෙනවා.. 

පර්වතය මුදුණේ දැකිය හැකි පැරණි නගරයේ නටබුන් වලට අමතරව ඉතා සුන්දර කෙමක් දැකිය හැකියි..

කෙම යනු ගල්පර්වත වල පිහිටා ඇති සුන්දර පොකුණක්...සමහරු කියනවා මේ පොකුණ කවදාවත් හිදෙන්නේ නෑලූ..

මේ ගිරි ශිඛරය මුදුනේ සිසිල් ජල පොකුණක් සඳහා දිය උල්පත් කෙසේ පහළ විනිදැයි කිව නොහැක..

පැරණි හෙළයන් ජලය සුරක්ෂිත කර ගැනීම සඳහා මෙවැනි උපක්‍රම භාවිත කළේය. දිගින් අඩි 77 ක් වු ද පළලින් අඩි 55 ක්..

ජනප්‍රවාදයේ එන කතා පුවත්වලින් කියවෙන්නේ සද්ධාතිස්ස රජු විසින් මෙම බළකොටු නගරය ඉදි කළ බවයි..

නමුත් නුවරගල ලෙනෙහි ඇති සෙල් ලිපියෙහි සඳහන් වෙන්නේ එම ලෙන සද්ධාතිස්ස රජුගේ පුත් ලඤ්ජතිස්සයන් විසින් කරවු බවකි...

මේ කන්ද පුරාම දක්නට ඇත්තේ මහා ගල් කුළුයි.නුවරගලේ සුන්දරත්වය විඳ ගන්නට යන ඔබ සැමගෙන් අප කරන එකම ආයාචනය ඔබ ගෙන යන කිසි දෙයක් එහි රඳවා නොඑන ලෙසයී....
පින්තූර මුල්හිමිකරු සතුයි 📸🙏
නොසිදෙන කෙම සහිත - නුවර ගල 🍂🍃🎋⛰ (Nuwaragala)

නොසිදෙන කෙම සහිත - නුවර ගල 🍂🍃🎋⛰ (Nuwaragala)

නොසිදෙන කෙම සහිත - නුවර ගල 🍂🍃🎋⛰ (Nuwaragala)

නොසිදෙන කෙම සහිත - නුවර ගල 🍂🍃🎋⛰ (Nuwaragala)

නොසිදෙන කෙම සහිත - නුවර ගල 🍂🍃🎋⛰ (Nuwaragala)

නොසිදෙන කෙම සහිත - නුවර ගල 🍂🍃🎋⛰ (Nuwaragala)

නොසිදෙන කෙම සහිත - නුවර ගල 🍂🍃🎋⛰ (Nuwaragala)

නොසිදෙන කෙම සහිත - නුවර ගල 🍂🍃🎋⛰ (Nuwaragala)
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
නොසිදෙන කෙම සහිත - නුවර ගල 🍂🍃🎋⛰ (Nuwaragala) නොසිදෙන කෙම සහිත - නුවර ගල 🍂🍃🎋⛰ (Nuwaragala) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 02, 2020 Rating: 5

0 comments:

Post a Comment