විහාර මහා දේවිය ගොඩ බැහැපු - මුහුදු මහා විහාරය 🌊🛶 (Muhudu Maha Vihara ☸️)

විහාර මහා දේවිය ගොඩ  බැහැපු - මුහුදු මහා විහාරය 🌊🛶 (Muhudu Maha Vihara ☸️) - Your Choice Way
අද අපේ කතාව තවත් වටීනා ස්ථානයක් ගැන.ඒ නමින් මුහුදු මහා විහාරයයි.

මුහුදු මහා විහාරය කියන්නේ ලංකා ඉතිහාසය වෙනස් කරපු පූජනීය ස්ථානයක්. විහාර මහා දේවිය ගොඩ බැහැපු පින් බිම කිව්වොත් ඔබට මතකයට එනු නොඅනුමානයි..

මුහුදු මහා විහාරයට තියෙන්නේ අවුරුදු 2300ක පමණ ඉතිහාස කතාවක්.ඒ කතාව පොඩ්ඩක් මතක් කළොත්.

මුහුද ගොඩගැලූ කල,  කැලණිතිස්ස රජුගේ දියණිය වන විහාරමහා දේවිය රටවැසියන් වෙනුවෙන් මුහුදේ පාකළ බව ඉතිහාසයෙහි සඳහන් වෙනවා. ඇය ගොඩබට ස්ථානය අද මුහුදු මහ විහාරය නමින් හඳුන්වන තැන බව ජනප්‍රවාදයේ සඳහන් වෙනවා..

එනිසාම විහාරමහා දේවිය සිහිකිරීම පිණිස මේ බොදු උරුමය තවත් වසර දහස් ගණනකට සුරක්ෂිත විය යුතුයි. 

අක්කර හැත්තෑ දෙකක භූමි වපසරියක් තිබෙන මුහුදු මහා විහාර භූමියේ පොළොව අභ්‍යන්තරයේ පුරාවිද්‍යාත්මකව වැදගත් වන පුරාවස්තු රැසක් තිබෙන බවට මේ වනවිට තහවුරු කරගෙන තිබෙනවා..

එනම් වර්ෂ 1960 - 1962 වසරවලදී සිදු කළ කැනීම්වලදී මෙම විහාරස්ථානයේ පුරාවස්තු තිබෙන බවට සොයාගැනීමට හැකි වෙලා..

මෙම භූමියේ ගල් පිළිම තුනක් සහිත විහාර මණ්ඩපයක සලකුණු හමුව ඇති අතර, එයින් එක් පිළිමයක් නියත වශයෙන්ම බුදුරජාණන් වහන්සේගේ වන අතර, අනෙක් පිළිම දෙක විහාර මහා දේවියගේ සහ කාවන්තිස්ස රජුගේ බව ජනප්‍රවාදයේ සඳහන් වෙනවා.

කාවන්තිස්ස ‍රජුට විහාර මහා දේවිය මුණ ගැසුනේ.සුරූපී ස්ත්‍රියක් ඔරුවක් සමඟ වෙරළට සේන්දු විමේ පුවත රටවැසියන් මඟින් කාවන්තිස්ස රජු දැනගත් අතර රජු මේ පිළිබඳ දැඩි අවධානයක් යොමු කර ඔත්තු බැලීම සඳහා තම සහචරයන් යොදවා ඒ සඳහා ඔවුනට අට්ටාල පවා සාදා දි තිබෙන බව සඳහන් වේ.  

මෙලෙස තොරතුරු රැස්කළ රජු ඇය සිටින්නේ යයි කියන ස්ථානයට ගෝස් ඈ කැටුව මාලිගයට පැමිණි රජු ඇය තම අගමෙහෙසිය ලෙස සරණපාවගෙන තිබේ.

ඉතිහාස කතා වටිනා නටඹුන් සහිත මෙම භූමිය.මේ වන විට මුහුදු මහා විහාරය ඇතුළත් පුරාවිද්‍යා රක්ෂිතයේ අක්කර 17ක් පමණ බලහත්කාරයෙන් අත්පත් කරගෙන තිබෙන අතර අනවසර පදිංචිකරුවන් රැඳී සිටින තොරතුරු වාර්තා වෙනවා

මේ භූමිය ආශ්‍රිතව අනවසර පදිංචිවීම් , මුහුදු වැලි කොල්ලය ,ගොඩනැගිලි ඉදිකිරීම් ආදී ක්‍රියාකාරකම් රැසක් සිදුවෙලා තියෙනවා.

කොහොම වුනත් ඉකුත් දා මේ වටිනා භූමිය ආරක්ෂා කර ගැනීමට අදාල විශේෂ නිවේදනයක් රජය විසින් නිකුත් කලා.. එහි ආරක්ෂාවත් විධිමත් කලා.. 

ඒ පිළිබද වැඩිදුර තොරතුරු සදහා - https://www.yourchoiceway.com/2020/05/your-choice-way-news.html

මින්මත්තට මෙම භූමිය තුල කිසිදු අන්තවාදී ක්‍රියාවන් හෝ භූමියේ අනවසර සිදුවීම් කිසිවක් නොවේ යැයි අපි ප්‍රාර්ථනා කරමු..

විහාරයට යන්නේ මෙහෙමයි.අම්පාර දිස්ත‍්‍රික්කයේ පානම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පොතුවිල් ගමේ පොතුවිල් නගරයට නැගෙනහිරින් මුහුදු වෙරළ ආසන්නයේ තමා මේ තරම් වටින පූජනීය ස්ථානය පිහිටලා තියෙන්නේ...

Travel කරන්න යන්න ආස අපි මේ වගේ පූජනීය තැන් බලලා ඒවා රැකගන්නත් වැඩ කරමු..

Muhudu Maha Vihara

Muhudu Maha Vihara is a Buddhist temple situated at Pottuvil in Ampara District, Eastern province of Sri Lanka. This temple which is situated near a wide beach, has been built over 2000 years ago by King Kavan Tissa of Ruhuna. Currently the ruins and remains of ancient stupas, Seema Malaka, Avasa Geya and statues can be seen at the site. Important ruins at the temple premises include stone statues of lord Buddha and two statues.

This viharaya marks the landing place of Viharamahadevi, daughter of Kelani Tissa, who was destined to become the queen of King Kavan Tissa of the Rohana kingdom.

පින්තූර මුල් අයිතිකරු සතුයි📸🙏

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
විහාර මහා දේවිය ගොඩ බැහැපු - මුහුදු මහා විහාරය 🌊🛶 (Muhudu Maha Vihara ☸️) විහාර මහා දේවිය ගොඩ  බැහැපු - මුහුදු මහා විහාරය 🌊🛶 (Muhudu Maha Vihara ☸️) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 22, 2020 Rating: 5

0 comments:

Post a Comment