මන්දාරම් අඳුරින් හැඩ වූ - මන්දාරම්නුවර 🥦🌳(Mandaram Nuwara🍃)

මන්දාරම් අඳුරින් හැඩ වූ - මන්දාරම්නුවර 🥦🌳(Mandaram Nuwara) - Your Choice Way
අද අපි කතා කරන්නේ හිරු එළිය අඩුවෙන් වැටෙන මනරම්ම ප්‍රදේශයක් ගැන.මේ මන්දාරම්නුවර ඉතිහාසයෙන් අපි කතාව පටන්ගමූ.
“විකුම් ඇදුරු මම් නිල ලද හළු වඩන
මන්දාරම්පුර පුවත පළකරමි සැකෙවින...”
විකුම් ඇදුරුතුමාගේ කෘතියක මන්දාරම්නුවර ගැන මෙහෙම සදහන් වෙලා තියෙනවා.

මන්දාරම් නුවර කියන්නෙ පිදුරුතලාගල කඳු පාමුල පිහිටි ලස්සන ගම්මානයක්. 

කඳු පන්තියකින් වටවෙලා තියෙන මේ ගම්මානය දවස පුරාම මන්දාරම් ස්වභාවයක් ගන්න නිසයි “මන්දාරම් නුවර” කියල ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ.

මහනුවර හරහා රිකිල්ලගස්කඩට ඇවිත් එතනින් පදියපැලැල්ල හරහා ඉහලට 11km පමණ ගමන් කලවිට මන්දාරම් නුවරට ලගා වෙන්න පුලුවන්. මේ ගමන් මාර්ගය ප්‍රධාන ගමන් මාර්ගය විදිහටත් සැලකෙනවා. 

ඔයාලා දන්නවද...මන්දාරම් නුවර කියන්නෙ ඉතා දිගු ඉතිහාසයක් තියෙන, සමහරු කියන විදිහට රාවණා යුගය දක්වා දිගු ඉතිහාසයක් තියන ගම්මානයක්.

අතීතයේදී මන්දාරම්පුර ලෙස හැදින්වූ මෙම ගම්මානය අද එය මන්දාරම් නුවර ලෙසයි ජනප්‍රිය වී ඇත්තේ..

ක්‍රි. ව. 1604 -1627 වර්ෂයෙහි බලයට පත්වූ සෙනරත් රජු කුන්ස්තන්තීනු සෙනෙවියා ප්‍රමුඛ ප්‍රතිකාලුන් පරාජය කොට, රටෙහි සංචාරය කරන අවස්ථාවක මන්දාරම්පුරයෙහි වූ මාලිගාවට වැඩ දින හයක් නිදහස් සුවයෙන් ගත කළ බව සඳහන් වෙනවා

අද වුව නිදහස් සුවය විඳීමට කැමති අයෙක් වේ නම් මන්දාරම් නුවර ඊට අතිශයින් සුදුසු ස්ථානයක් බව මෙහිගිය කවුරුත් දන්නා කරුණකි.

විමලධර්මසූරිය රජු රට තොට සිරි නැරඹීම සඳහා මන්දාරම් පුරයට පැමිණි අවස්ථාවක දක්ෂයන්ට නොයෙක් ගරු සත්කාර ලැබීමට සැලැස්වූ අතර නළල්පටක් බඳින මඩුවේ අමාත්‍යවරයාට, කෙසෙල් ඇවරි තිස් දෙකක් දී සතුට ප්‍රකාශ කළේය.
“යළි වැඩි නිරිඳු රට තොට සිරි බලනුවට
නෙක ගරු මාන සලසා දී සමතුනට
දෙතිස් ඇවරි රඹකැන් දැක්වූ සතුට
නළල් පටක් බැඳි මඩුවේ මැතිඳු හට...”
මහනුවර රාජධානි යුගයේදී මෙය ඉතා බලගතු ශිව පූජකයකුගේ ග්‍රහණයට යටත් වී තිබූ බවත් පළමුවෙනි විමල ධර්මසූරිය රජු ඒ ශිව පූජකයාගේ බලය බිඳ මේ පුරය බේරාගත් බවත් “මන්දාරම්පුර පුවත” නම් ඓතිහාසික ග්‍රන්ථයේ සඳහන්..

දවසේ වැඩි වේලාවක් අඳුරු ස්වභාවයක් උසුලන ලස්සන ගම්මානයක්.. Trip යන අපිට මේ ගම ලස්සන වුනාට මේ ගමේ ජීවත්වන අහිංසක මිනිස්සුන්ට නම් මේ ගමේ ජීවිතේ සුන්දර නැත..

👇👇👇👇අපගේ පළමුවෙන් පලකල පොස්ට් එක මෙතනින් බලන්න(click link)👇👇👇👇

Mandaram Nuwara

Mandaram Nuwara is a small village situated at the foot of the Piduruthalagala Mountain in the district of Nuwara Eliya. This beautiful village is surrounded by misty mountains and waterfalls and has a history which runs down to the era of King Ravana. The village is bounded from the west by Piduruthalagala and from the east by the Balagolla mountain ranges. It is a popular hiking area among both locals and foreigners.

Mystic Beauty of Mandaram Nuwara
Mandaram Nuwara is also known as the “Misty City” because it is surrounded by mountain ranges and is shrouded in mist for most part of the day. The beautiful “Kolapathana Ella” waterfall is also situated in this village. Wrapped up in cold mist with turquoise water, green forests and grasslands, Mandaram Nuwara is a heavenly location. Due to its geographic location, the village receives rainfall for most part of the year.

පින්තූර මුල්හිමිකරු සතුයි 📸🙏
මන්දාරම් අඳුරින් හැඩ වූ - මන්දාරම්නුවර 🥦🌳(Mandaram Nuwara🍃) - Your Choice Way

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
මන්දාරම් අඳුරින් හැඩ වූ - මන්දාරම්නුවර 🥦🌳(Mandaram Nuwara🍃) මන්දාරම් අඳුරින් හැඩ වූ - මන්දාරම්නුවර 🥦🌳(Mandaram Nuwara🍃) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 15, 2020 Rating: 5

0 comments:

Post a Comment