ආරක්ෂකයෙකු වැඩහිදින - සමන් දේවාලය🙏 (Maha Saman Devalaya)

ආරක්ෂකයෙකු වැඩහිදින - සමන් දේවාලය🙏 (Maha Saman Devalaya)
සාසන බාරවූ විෂ්ණු දෙවියනේ
මේ හිම බාරවූ සමන් දෙවියනේ
දොසක්‌ තිබුණ මුත් දුරලා හරිනේ
වඳින්ට යන්නට අවසර ලැබෙනේ
අද අපි ඔයාලාත් එක්ක කතාකරන්නේ අපේ රටේ ආරක්ෂක දෙවි කෙනෙකු වන සමන් දෙවියන් වැඩ හිදින සමන් දේවාලය ගැන...

ගොඩක් අය මේ ගැන දන්නවා ඇති.. නමුත් ඔයාලා නොදන්න කතාවක් තමා අද අපි කියන්නේ..

කාගේත් ගෞරවයට සහ විශ්වාසයට පාත්‍ර වූ රත්නපුර සමන් දේවාලය සහ එම භූමියේ ඇති බෞද්ධ විහාරස්ථානය පිළිබඳ ඓතිහාසික කතාවයි මේ…

ඒ කතාව මෙහෙමයි.ආර්යකාමදේව නමින් හැඳින්වූ අධිකරණ ඇමතිවරයෙකු මැණික් ගැරීම සඳහා රත්නපුරයට පැමිණ ඇති බව පුරාවෘත්තවල සඳහන් වේ.

ඔහු මෙම කාර්යය සඳහා භාරයක් ද වී තිබේ.ඒ, මැණික් ගැරීම සම්බන්ධයෙන් ඔහු සිදුකරන මෙම ගවේෂණය සාර්ථක වුවහොත් සමන් දෙවියන්ගේ පිළිරුවක් තැන්පත් කිරීම සඳහා එහි දේවාලයක් කරවන බවට ය.

ආර්යකාමදේවගේ මෙම ගවේෂණය සාර්ථක වී ඇති අතර අනතුරුව ඔහු ප්‍රථමයෙන් ම රත්නපුර සමන් දේවාලය කරවීමට කැපවූ බව ඉතිහාසයේ සඳහන් ය.

මේ කතාපුවත එක් ජනප්‍රවාදයක්.මෙම දේවාලය සඳහා හින්දු ආගමික ඇදහිලි බොහෝ සේ බලපා තිබේ.

1505දී ගාලු කොටුව හරහා මෙරටට පැමිණි පෘතුගීසීන් සීතාවක රාජසිංහ රජුගේ අභාවයෙන් පසු එම ප්‍රදේශයේ වෙහෙර විහාර විනාශ කර තිබේ.

මේ අතර 1618-1620 කාලය අතරතුරදී පෘතුගීසින් විසින් රත්නපුර සමන් දේවාලය වටා රත්නපුර කොටුව සහ දේවස්ථානය ඉදිකරන ලදී.

කෙසේ වෙතත් පසුව උඩරට රාජධානියේ පාලකයා වූ කීර්ති ශ්‍රී රාජසිංහ රජු (1747-1781) රත්නපුර අත්පත් කර ගැනීමට කටයුතු කළේ ය.

ඒ වන විට රත්නපුර සමන් දේවාලය වටා ඉදිකර තිබූ රත්නපුර කොටුව සහ දේවස්ථානය විනාශ කළ කීර්ති ශ්‍රී රාජසිංහ රජු එම භූමියේ බෞද්ධ විහාරස්ථානයක් ඉදිකර තිබේ.

අද රත්නපුර සමන් දේවාල භූමියේ දක්නට ඇති බෞද්ධ විහාරස්ථානය කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් ඉදිකරන ලද්දක් බවට විශ්වාස කෙරේ.

සබරගමු මහ සමන් දේවාලය රත්නපුර පානදුර ප්‍රධාන මාර්ගයේ රත්නපුර සිට කිලෝ මීටර් තුනක් දුරින් ප්‍රධාන මාවතට වම් පසින් කළු ගඟ අසබඩ ඇති උස්බිමක පිහිටා ඇත. 

සමන් දෙවොල අද වන විට සබරගමු පළාතේ ඓතිහාසික ස්ථාන අතුරින් ප්‍රධාන තැනක් උසුලයි. 

Maha Saman Devalaya

Maha Saman Devalaya or the Great Saman Temple (also called Sumana Saman Devalaya) is a shrine dedicated to deity Saman, situated at Ratnapura, Sri Lanka who is the presiding deity of the Sri Pada Mountain (Adam's Peak) which is also called Samanthakuta meaning the mountain of Saman which is believed to have the left foot impression of Lord Buddha which he kept in his visit to Sri Lanka.

Considered as one of the guardian gods of Sri Lanka, Deity Saman is deeply venerated in the region of Rathnapura and related areas in the province of Sabaragamuwa of Sri Lanka, he is recorded to have been a district administrator of the region contemporary to Lord Buddha who he met on the former's visit to Sri Lanka.
ආරක්ෂකයෙකු වැඩහිදින - සමන් දේවාලය🙏 (Maha Saman Devalaya) - Your Choice Way

උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ආරක්ෂකයෙකු වැඩහිදින - සමන් දේවාලය🙏 (Maha Saman Devalaya) ආරක්ෂකයෙකු වැඩහිදින - සමන් දේවාලය🙏 (Maha Saman Devalaya) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 06, 2020 Rating: 5

0 comments:

Post a Comment