ඉස්සො බිරියානි (Hyderabadi Prawn Biriyani)

ඉස්සො බිරියානි (Hyderabadi Prawn Biriyani)
🦐🦐 රසම රස ඉස්සෝ බිරියානියක් . හදන්නත් ගොඩාක් ලේසියි. ගෙදර තියෙන දේ ප්‍රයෝජනයට අරන් ඉක්මනින් හදාගන්න පුලුවන්. ඒ එක්ක රයිතා එකක් ගෝවා හා දම් ගෝවා මිශ්‍ර .අපි බලමු කොහොමද හදන්නේ කියලා ..

අවශ්‍ය දේවල්:

A කොටස
🦐 ඉස්සෝ 500g
🦐 කහ තේ හැදි 1/2
🦐 ලුනු තේ හැදි 1/2

B කොටස
🦐 තෙල් / ගී
🦐 කුරුදු කෑලි 2
🦐 කරාබු නැටි 4-5
🦐 කලු කරදමුංගු 1 (නැතිනම් කොල පාට එක ගන්න)
🦐 බේ ලීෆ් කොල 2-3
🦐 සූදුරු තේ හැදි 1/2
🦐 ස්ටාර් අනීස් / බිරියානි මල් 2

C කොටස
🦐 තලාගත් ඉගුරු තේ හැදි 2
🦐 තලාගත් සුදුළූණු තේ හැදි 2
🦐 අමුමිරිස් කරල් 3 කොටා ගන්න
🦐 සාමාන්‍ය සයිස් තක්කාලි ගෙඩි 3 කුඩාවට කපා ගන්න.

D කොටස
🦐 ලුනු තේ හැදි 1/4
🦐 රතු මිරිස් කුඩු තේ හැදි 2
🦐 කොත්තමල්ලි කුඩු තේ හැදි 2
🦐 සූදුරු කුඩු තේ හැදි 1/2
🦐 කරමුංගු කුඩු තේ හැදි 1/2

E කොටස
🦐 ලොකු ළූනු ගෙඩි 2-3 බැදගත් 
🦐 ග්‍රීක් යෝගට් / මුදවපු කිරි මේස හැදි 3
🦐 ලෙමන් යුශ තේ හැදි 1
🦐 කොත්තමල්ලි කොල කපා ගත් කප් 1/2
🦐 කපා මින්ට් කොල කප් 1/2

F කොටස
🦐 බාස්මතී හාල් 500g

සාදන ආකාරය:

  1. ඉස්සො ටික 500g සුද්ද කර සෝදා A කොටසේ සියල්ල දමා කවලම් කර විනාඩි 20-30 වසා පසෙකින් තබන්න.
  2. ළුනු රන්වන් පාටට බැද ගන්න. 
  3. දැන් බාජනයක් ලිප තබා එයට තෙල් හෝ ගී දාන්න.
  4. දැන් එයට B කොටසේ සියල්ල එක් කරන්න.විනාඩි 2-3 ක් කවලම් කරන්න.
  5. ඊලගට C කොටසේ සියල්ල එක් කරන්න.
  6. විනාඩි 3-4 ක් උයන්න. 
  7. දැන් එයට D. කොටසේ සියල්ල එක් කර හොදට කවලම් කරන්න.විනාඩි 5 ක් විතර උයා ගන්න.
  8. E කොටසේ යෝගට් ටික එකතු කර විනාඩි 5 ක් විතර උයා ගන්න. පසුව මැරිනේට් වෙන්න තියපු ඉස්සෝ ටික එක් කරන්න . 
  9. පසුව E කොටසේ ඉතිරි ටික එක් කර නිවාඩුව උයා ගන්න. 
  10. බැදගත් ළුනු වලින් බාගයක් දාන්න. ඉතිරි ටික තියා ගන්න.
  11. 🦐🦐 දැන් බත් එක උයමු. 
  12. වතුර එකක් ලිපේ තියන්න. එයට ගම්මිරිස් ඇට  කීපයක් , කරදමුංගු, කරාබු නැටි, ලුනු හා කුරුදු කෑල්ලක් එක් කරන්න.
  13. වතුර එක පැහෙන විට හාල් දමා 75%ක් බත් එක උයා ගන්න.
  14. 🦐🦐 දැන් බිරියානිය හදන බාජනය ගෙන අඩියට තෙල් හෝ ගී ටිකක් දමා එයට බත් වලින් ටික්ක දාන්න. ඒ උඩට සැෆරෙන් ටිකක්, බැදගත් ළුනු ටිකක් , මිංචි, කොත්තමල්ලි කොල ටිකක් උඩට දාන්න. ඉස්සො මිශ්‍රනයෙන් ටිකක් දාන්න. 
  15. 🦐 මේ ආකාරයට නැවතත් තට්ටුවක් හෝ දෙකක් දමා අඩුම ගින්දරෙ හොදට වසා උයා ගන්න. 
  16. 🦐 පසුව ලස්සනට පිලිගන්වන්න. රසායි.
ඉස්සො බිරියානි (Hyderabadi Prawn Biriyani)
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ඉස්සො බිරියානි (Hyderabadi Prawn Biriyani) ඉස්සො බිරියානි (Hyderabadi Prawn Biriyani) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 10, 2020 Rating: 5

0 comments:

Post a Comment