කණපිට ගැහුව - මෝඩයාගේ පාලම 🛤🌉 (Fool's Bridge🏞)

කණපිට ගැහුව - මෝඩයාගේ පාලම 🛤🌉 (Fool's Bridge🏞) - Your Choice Way
අදත් අපි කතා කරන්න යන්නේ හරි අපූරු පාලමක් ගැන..ඒක නමින් මෝඩයාගේ පාලම. නම නිසාම මේ කතාව ඔයාලට අමතක වෙන එකක් නෑ..

මේ පාලමේ විශේෂත්වය වන්නේ සාමාන්‍යයෙන් පාලම්වල ආරුක්කුව තියෙන්නේ උඩ අතට නේ. නමුත් මේ පාලමේ තියෙන්නේ යටි අතට. 

මේ පාලම වැටිලා තියෙන්නේ මහවැලි ගඟ හරහායි. උලපනේ ප්‍රදේශයේ ඇති මේ පාලම දැන් කැලෑවෙන් වැහිලා. පාලම දැන් අබලන් තත්වයේ පවතින නිසා පාවිච්චියට ගන්නෙ නෑ කියලා තමා ආරංචිය..

මේ පාලමට මේ නම හැදුනේ මෙන්න මෙහෙමයි..1904 කාල වකවානුවේ තමා මේ පාලම සුදු ජතිකයින් විසින් නිර්මාණය කර ඇත්තේ..

තම උඩරට තේ වතුවලට අශ්ව කරත්ත සහ තවලම්වලින් යාම සඳහා ඉංග්‍රීසි ජාතිකයන් විසින් ඉදිකර ඇති මේ පාලමෙහි විශේෂත්වය කලින් කිව්වා වගේම එහි පාලම් ආරක්ෂිත ඇන්ද උඩට නොව යටි පැත්තට සිටින සේ සවිකර තිබීමයි.

මේ නිසා ගොඩක් අය මේ ගැන පාලම ඉදිකරපු සුදු ජාතික ඉංජිනේරුවරයාට නොසෑහෙන්න අවලාද කියලා..

දෝෂාරෝපනයන් ඉවසාගත නොහැකි වූ පාලම ඉදිකළ සුදු ජාතික ඉංජිනේරුවරයා සියදිවි නසාගෙන තිබෙනවා..

එසේ මෝඩ අයුරින් පාලම සැකසීම නිසා මේ පාලම මෝඩයාගේ පාලම නමින් හඳුන්වන්නට වූ බවත් පැවැසේ.

අතීත කතා එසේ වුවද අද වනවිට වර්තමාන ඉංජිනේරුවන්ගේ බහුතර මතය වී ඇත්තේ ශක්තිය, ආරක්ෂාව මෙන්ම බර දරාගැනීමට හැකිවන සේ එලෙස පාලම යටි අතට ඉදිකොට ඇති බවයි

මේ පාලම අසල ඊට පසු භාවිතා කරන ලද පාලම මෙන්ම මෑතකදී ඉදිකරන ලද මංතීරු දෙකේ නව පාලමද පිහිටා ඇති අතර මහවැලි ගඟ හරහා එකම ස්ථානයේ පාලම් තුනක් දැකිය හැකි එකම තැනද මෙය ලෙස සැලකේ.

පාලම ඉදිකරන්න කපා ඔප දමන ලද කලු ගල් යොදාගෙන තියෙනවා.. මේකට කණපිට පාලම කියලත් කියනවා..සමීප පින්තූර නම් හොයාගන්න බැරිවුණා.. 

Fool’s Bridge

This awkwardly named Fool’s Bridge lies across the mighty Mahaweli River in the town known as Ulapane in Matale. The uniqueness of this bridge is the side arches generically found on steel bridges are built at the bottom of the bridge. Thus this is known as the “Fool’s Bridge” or the “Upside Down Bridge”.

This bridge has been built on or around 1904 by the British when this area was cleared for tea plantations for use of horse carriages and bullock carts.

Folklore states that when a British high official came to ceremoniously open this bridge and saw that the bridge has been built upside down, the engineer was made so embarrassed that he committed suicide.  

The British has then built another bridge upstream at a later date to replace this bridge. But in reality, it is said that arch structure at  the bottom makes the bridge more load bearing and not a mistake. Such bridges are called a Inverted Bowstring Truss type bridge.

මෙහි ඇති පින්තූර මුල් අයිතිකරු සතුයි📸🙏
කණපිට ගැහුව - මෝඩයාගේ පාලම 🛤🌉 (Fool's Bridge🏞) - Your Choice Way

කණපිට ගැහුව - මෝඩයාගේ පාලම 🛤🌉 (Fool's Bridge🏞) - Your Choice Way

කණපිට ගැහුව - මෝඩයාගේ පාලම 🛤🌉 (Fool's Bridge🏞) - Your Choice Way

කණපිට ගැහුව - මෝඩයාගේ පාලම 🛤🌉 (Fool's Bridge🏞) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
කණපිට ගැහුව - මෝඩයාගේ පාලම 🛤🌉 (Fool's Bridge🏞) කණපිට ගැහුව - මෝඩයාගේ පාලම 🛤🌉 (Fool's Bridge🏞) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 19, 2020 Rating: 5

0 comments:

Post a Comment