සංචාරකයින්ට විවෘත නැති - ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය🍃🐃🦌🐘 (Flood Plains National Park)

සංචාරකයින්ට විවෘත නැති - ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය🍃🐃🦌🐘 (Flood Plains National Park) - Your Choice Way
අද අපේ කතාව ටිකක් වෙනස් නම ඇහුවටත් වැඩි දෙනෙක් දන්නේ නැතුව ඇති.. හැබැයි මේ තොරතුරු බෙදා ගත්තාට මෙහෙ යන්න නම් තාම අවසරයක් නෑ..

ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය යනු මහවැලි ගඟ සංවර්ධන ව්‍යාපෘතිය යටතේ පිහිටුවනු ලැබූ ජාතික වනෝද්‍යාන හතර අතුරින් එකකි. 

මෙම වනෝද්‍යානය 1984 වසරේ අගෝස්තු 7 වන දින තමා පිහිටුවලා තියෙන්නේ..

මහවැලි ගඟ ජල ගැලුම් නිම්න කලාපය ඔස්සේ ගඟ දෙපස පිහිටුවා ඇති වනෝද්‍යානය අලි ඇතුන්ට ආහාර බහුල බිම් ප්‍රදේශයක් සේ සැළකේ. 

එසේම මෙම වනෝද්‍යානය අලි ඇතුන්ට වස්ගමුව සහ සෝමාවතිය යන ජාතික වනෝද්‍යානය අතර ගමන් කිරීමට අවකාශ සලසන බිම් තීරයක් ලෙසද හදුනාගැනේ.

වර්ග ප්‍රමාණය භෙක්ටාර 17,350.0 පමණ වේ. විශාලත්වය අතින් මෙරට 12වන විශාලතම ජාතික වනෝද්‍යානය ලෙසයි මෙය සැලකෙන්නේ..

මෙම වනෝද්‍යානයේ විශේෂත්වය වන්නේ යාල,විල්පත්තුව, වස්ගමුව ආදී සෙසු වනෝද්‍යාන මෙන් සංචාරකයන් සඳහා විවෘත කර නොමැති පරිසර පද්ධතියක් වීමයි. 

එවැනි තීරණයකට එළඹ ඇත්තේ ඉතා ඉහළ ජෛව විවිධත්වයක් සහ සංවේදී පරිසර පද්ධතී රැසකින් ගහන වූ පාරිසරික කලාපයක් වීමයි. එහෙයින් දේශීය හෝ විදේශීය සංචාරකයන්ට එම කලාපය තහනම් කලාපයකි.

මෙම පරිසර පද්ධතියෙහි  සුවිශේෂී වැදගත්කමක් වන්නේ වසරකට වරක් මහවැලි ගඟෙහි පිටාර ජලයට යට වීමෙන් රොන් මඩ  තැන්පත් වී උද්‍යනයේ පස සශ්‍රික වන විල්ලු 33කින් යුක්ත වීමයි. එමෙන්ම  කැලෑ බළලුන්, හඳුන් දිවියන්, වල් ඌරන්, මුවන්, ගෝනුන් සහ කොටින් ගැවසෙන මෙම උද්‍යානය ලංකාවේ වෙසෙන සිරුරින් විශාලතම වන අලි විශේෂයක් දැකගත හැකි කලාපයකි. 

මෙහි විල්ලු ජාල, පැලෑටි, මිරිදිය මත්ස්‍යයන්, උභය ජීවීන් මෙන්ම ජලාශ්‍රිත පක්ෂින්ගෙන් ගහන ගොඩබිම පරිසරයේ සරුවට වැඩුණු කුඹුක්, මී, බක්මී, කළුවර, බුරුත, නැදුන්, හල්මිල්ල ආදී රූස්ස වෘක්ෂය්න්ගෙන්ද පඳුරු සහ තණ පිටිවලින්ද යුක්තය. 

මේ වගේ වන උද්‍යානයක් තියනවද කියලවත් මේකේ නමවත් බොහෝ දෙනෙක්ට හුරු නැතුව ඇති... හැබැයි යන්න බැරි වුනාට මේ ගැන මතක තියාගන්නකෝ..

Flood Plains National Park

Flood Plains National Park is one of the four national parks set aside under the Mahaweli River development project in Sri Lanka. The park was created on 7 August 1984. The national park is situated along the Mahaweli flood plain and is considered a rich feeding ground for elephants.

මේ පිංතූර නම් අපි ගත්තුවා නෙමේ.මුල් අයිතිකරු සතුයි📸🙏
සංචාරකයින් විවෘත නැති - ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය🍃🐃🦌🐘 (Flood Plains National Park) - Your Choice Way

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
සංචාරකයින්ට විවෘත නැති - ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය🍃🐃🦌🐘 (Flood Plains National Park) සංචාරකයින්ට විවෘත නැති - ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය🍃🐃🦌🐘 (Flood Plains National Park) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 12, 2020 Rating: 5

0 comments:

Post a Comment