කිසිදු ඇණයක් නොගැසු - බෝගොඩ පාලම 🔛 (Bogoda Wooden Bridge)

කිසිදු ඇණයක් නොගැසු - බෝගොඩ පාලම 🔛 (Bogoda Wooden Bridge) - Your Choice Way
අපි අද කතාව පටන් ගන්නේ බෝගොඩ පාලමේ ජනකතාවකින්.බෝගොඩ පාලම ඉදි කිරීම එක්ක විවිධ ජනකථා බැඳී තිබෙනවා අපි දැන් කියන්න යන්නෙත් ඒ වගේ ජන කතාවක් ගැනයි..

මේ පාලම ඉදි කරලා තියෙන්නේ එක්තරා පියෙක් හා පුතෙක්. පුතාට පාලමේ අවසන් වැඩකොටසක් පවරලා එතනටම වෙලා ඉන්න කියල තාත්තා වෙන වැඩකට ගිහින් තියෙනව. හැබැයි පාලමේ චාරිත්‍ර වලට අනුව කළයුතු අවසන් වැඩකොටසකුත් තිබිල තියෙනවා. ඉතින් ඒ වැඩටික පුතාට කරන්න එපා කියලයි තාත්තා පිටවෙලා ගිහින් තියෙන්නේ. මොකද පුතාට ඒ චාරිත්‍ර ගැන වැඩි දැනීමක් නැති නිසා. 

ඒත් පුතාට පාලමේ වැඩනිම කරන්නට තිබුනු හදිසිය නිසා, අර තාත්තා එපා කියල ගිය වැඩකොටසත් තනියම නිම කරල ඉදිරියට ගිහින් තියෙනවා පියාව මුණගැහෙන්න. ඒත් චාරිත්‍ර වලට අනුව පාලම නිම කරන්න නොහැකි වීම නිසා පුතාට ශාපයක් වැදිල අකාලයේ මිය ගිහින් තියෙනවා.

ඔන්න ඔහොම කතාවකුත් අපිට අහන්න ලැබුනා.පාලම නිර්මාණය කරන්න ගස් වර්ග 5ක ලී යොදාගෙන තියෙනවා. ඒ තමයි කොස්, කුඹුක්, කළුවර, මිල්ල, මිල් කියන ගස් වර්ග. 

අඩි 30ක් විතර උස කුඹුක් කඳක් උඩ තමයි පාලම ඉදිවෙලා තියෙන්නේ. ගල්ලන්ද ඔය හරහා දමන ලද විශාල ලී කඳන් තුනක් භාවිතා කරලා තමයි මේ පාලම නිර්මාණය කරලා තියෙන්නේ.

සාමාන්‍යයෙන් පාලමකට වහලයක් හදන්නේ නැහැ. ඒත් බෝගොඩ පාලමට අලංකාර වහලයක් තියෙනවා. මේ වහලය හදල තියෙන්නේ අවුවට – වැස්සට සෙවන දෙන්න  විතරක් නෙමෙයි පාලමට අමුතු ගාම්භීර පෙනුමකුත් වහලය නිසා ලබා දෙන්නයි..

බෝගොඩ පාලම හදල තියෙන විදිහ බැලුවාම දෙස් විදෙස් ඉංජිනේරුවන් පවා පුදුම වෙනවා. එකම ඇණයක් වත් භාවිත කරන්නේ නැතුව, ඉතා සුක්ෂම විදිහට ශක්තිමත්ව හා කල් පවතින විදිහට පාලමේ සෑම කොටසක්ම සම්බන්ධ කරලා තියෙන්නේ අපූරු තාක්ෂණික ක්‍රමයකට. ඒ කියන්නේ අතීතයේ අපේ රටේ වඩු කර්මාන්තය, ඉඳිකිරීම් ක්ෂේත්‍රය ඉතා දියුණු තත්වයක තිබිල තියෙනවා.

ඔයාලා දන්නවාද.බෝගොඩ පිහිටා තිබෙන්නේ බදුල්ල දිස්ත්‍රික්කයේ, හාලි ඇල කියන ප්‍රදේශයේ. බෝගොඩ පාලම අයත් වෙන්නේ බෝගොඩ විහාරයටයි. මේ විහාරයත් බොහෝ පැරණි, ඓතිහාසික වටිනාකමක් ඇති විහාරයක්.

මේ පාලම හදල තියෙන්නේ  16 වන සියවසේදී, එනම් මිට වසර 400 විතර කලින්. මේ උතුම් දායාද බලන්න යනවා වගේම මේවා ආරක්ෂා කරන එකත් අපේ යුතුකමක්.

Bogoda Wooden Bridge

The Bogoda Wooden Bridge was built in the 16th century during the Dambadeniya era. This is said to be the oldest surviving wooden bridge in Sri Lanka.The bridge is situated at 7 kilometres (4.3 mi) west of Badulla. All parts of this bridge were constructed from wood, including the use of wooden nails as fixing material. The roof tiles show the influence of Kingdom of Kandy. The bridge was built across the Gallanda Oya, which linked Badulla and Kandy on an ancient route.

The Bogoda bridge is over 400 years old and made entirely from wooden planks, which are said to have come from one tree.It is an exclusive construction as it has an 2.4 metres (7.9 ft) tall tiled roof structure for its entire span of nearly 15 metres (49 ft) length with a 1.5 metres (4.9 ft) breadth. Wooden fences of the bridge are decorated in various ancient designs and have been erected on either sides.
කිසිදු ඇණයක් නොගැසු- බෝගොඩ පාලම 🔛 (Bogoda Wooden Bridge) - Your Choice Way

කිසිදු ඇණයක් නොගැසු- බෝගොඩ පාලම 🔛 (Bogoda Wooden Bridge) - Your Choice Way

කිසිදු ඇණයක් නොගැසු- බෝගොඩ පාලම 🔛 (Bogoda Wooden Bridge) - Your Choice Way

කිසිදු ඇණයක් නොගැසු- බෝගොඩ පාලම 🔛 (Bogoda Wooden Bridge) - Your Choice Way

කිසිදු ඇණයක් නොගැසු- බෝගොඩ පාලම 🔛 (Bogoda Wooden Bridge) - Your Choice Way

කිසිදු ඇණයක් නොගැසු- බෝගොඩ පාලම 🔛 (Bogoda Wooden Bridge) - Your Choice Way

කිසිදු ඇණයක් නොගැසු- බෝගොඩ පාලම 🔛 (Bogoda Wooden Bridge) - Your Choice Way

කිසිදු ඇණයක් නොගැසු- බෝගොඩ පාලම 🔛 (Bogoda Wooden Bridge) - Your Choice Way

කිසිදු ඇණයක් නොගැසු- බෝගොඩ පාලම 🔛 (Bogoda Wooden Bridge) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
අපගේ android app එක


උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
කිසිදු ඇණයක් නොගැසු - බෝගොඩ පාලම 🔛 (Bogoda Wooden Bridge) කිසිදු ඇණයක් නොගැසු - බෝගොඩ පාලම 🔛 (Bogoda Wooden Bridge) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 10, 2020 Rating: 5

0 comments:

Post a Comment