Agana Derana Song Lyrics - අගන දෙරණ ගීතයේ පද පෙළ

Agana Derana Song Lyrics - අගන දෙරණ ගීතයේ පද පෙළ
Song Title : Agana Derana (අගන දෙරණ)
Singing : Centigradz (සෙන්ටිගේට්ස්)

අගන දෙරණ සරනා රුදු දියඹ සිසිළ කරනා
ජය හද ජයදද ජයදද නැගි ජය ජය ශ්‍රී ලංකා

රණ පසග තුරින් මන බදනා
ලක් මවුනි මෙසිරි සිරි සරනා
ලේ වැටුනු බිමේ කිරි සුවදයි නැගෙනා
රණ පසග තුරින් මන බදනා
ලක් මවුනි මෙසිරි සිරි සරනා
පිලිරුවක ඔබේ රන්වැලි සෑ පෙනෙනා

ආ තදෙකිත තකිද තාත ඝණ සුසිරා
තනෙ තනෙන තනම් දා නතෙනෙන තානා
හිරු එලිය ඔබයි සිහනද පෑ අපි වෙනුවෙන්
හෙන තුන්ග තුරග රග විදිමින් දිලෙනා
අධි පංකජ කවි සෙත් ජන නද පෙනෙනා
හිරු එලිය ඔබයි සිහනද පෑ අපි වෙනුවෙන්

රණ පසග තුරින් මන බදනා
ලක් මවුනි මෙසිරි සිරි සරනා
ලේ වැටුනු බිමේ කිරි සුවදයි නැගෙනා
රණ පසග තුරින් මන බදනා
ලක් මවුනි මෙසිරි සිරි සරනා
පිලිරුවක ඔබේ රන්වැලි සෑ පෙනෙනා

ආ තදෙකිත තකිද තාත ඝණ සුසිරා
අධි පංකජ සාර සදිසි සිරි වේවා
හිරු එලිය ඔබයි සිහනද පෑ අපි වෙනුවෙන්
හෙන තුන්ග තුරග රග විදිමින් දිලෙනා
ජය සංහරි ආයු වඩන සිරි බෝවා
හිරු එලිය ඔබයි සිහනද පෑ අපි වෙනුවෙන්

අගන දෙරණ සරනා රුදු දියඹ සිසිළ කරනා
ජය හද ජයදද ජයදද නැගි ජය ජය ශ්‍රී ලංකා
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Agana Derana Song Lyrics - අගන දෙරණ ගීතයේ පද පෙළ Agana Derana Song Lyrics - අගන දෙරණ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 17, 2020 Rating: 5

0 comments:

Post a Comment