අසිරිමත් වප් පොහොය 😍🙏

අසිරිමත් වප් පොහොය
අසිරිමත් වප් පොහොය 😍🙏

සම්බුදු සසුන තුළ වැදගත් ම සිදුවීම් රාශියක් සිදුවූ “වප් පුර පසළොස්වක පොහොය” දිනය අදයි.

“වැපිරෑ අස්වනු නෙළාගන්නා පොහොය” වප් පොහොය යනුවෙන් හැඳින්විය හැකිය.වපුරන දේ අනුවයි අස්වැන්න ලැබෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා.ඉතිං බෞද්ධයන් වශයෙන් අපිත් මීට මාස තුනකට කලින් අස්වැන්න වැපිරැවා පසුගිය මාස තුනේ ම එය හොඳින් ආරක්ෂා කළා.දැන් තියෙන්නේ එහි පලය නෙළාගැනීමටයි.ඒ කියන්නේ මීට මාස තුනකට ඉහතදී තමයි වස් කාලය ආරම්භ වුනේ ස්වාමීන් වහන්සේලාට වස් ආරාධනා කිරීම හඳුන්වන්නේ පිං නැමති බීජ වැපිරැවා කියල.වැපිරැව දේ ආරක්ෂාකලා කියන්නේ වස් තුන් මාසෙම දාන,ශීල,භාවනා කියන මේ කුසල් දහම් සිදුකරගත්තා කියන එකයි.දැන් එහි පලය නෙලාගන්නවා කියන්නේ මේ වප් පොහොයෙන් තමයි කඨින පිංකම් ආරම්භ වෙන්නේ මේ මාසය ඇතුළත තමයි අපිට පිංපල නෙළාගන්ට පුළුවන්.මම මේ හකුළුවා කියන්න ඕනි දෙයක් මෙච්චර දිගහැරිල කිව්වේ වෙන මොකටවත් නෙවෙයි.මේ මාසෙවත් පංසල් ගිහින් පිංකම් කරගන්ට කියන්⁣න ඕන නිසා.ඉතිං වප් පොහොයෙ ප්‍රධාන වැදගත්කම් කිහිපයකි මේ…
  • මාතෘ දිව්‍යරාජයාට විජම් බණ දේශනානකොට සෝවාන් ඵලය ලබාදී මනුලොවට වැඩමකිරීම.
  • සැරියුත් මහ තෙරැන්ට අග තනතුරු ප්‍රධානය කිරීම.
  • මතු බුදුවන ⁣මෛත්‍රී බොසතුන්ට විවරණ ලබාදීම.
  • බුද්ධ අධිෂ්ඨානය අනුව ජය ශ්‍රී මහාබොධියෙහි දකුණු ශාඛාව කඳින් වෙන්වී රන් කටාරම මත පිහිටිම.
  • ථූපාරාමයේදී විනය සංඝායනාවක් සිදුකිරීම.
  • වස් පවාරණය සිදුවීම.
යන මේ කාරණාවන් ප්‍රධාන කොටගෙන වප් පුර පසලොස්වක පොහොය දිනය වැදගත්වන බව දතයුතුය.
          තෙරුවන් සරණයි!!!
ස්තුති 🙏 
සෙයාර් කරලා දැනුවත් කරමු නේද .ලොකු පිනක් ඒකත්....

ගෘප් එකට Join වෙන්න මෙ වගෙ වැදගත් දෙයක් ජීවිතයට ලබාගන්න ❤👉💑
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
අසිරිමත් වප් පොහොය 😍🙏 අසිරිමත් වප් පොහොය 😍🙏 Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 01, 2020 Rating: 5

0 comments:

Post a Comment