පන ආ වැටියේ ඉදිවු - පනාවිටිය අම්බලම 🐍☘️🌱 (Panavitiya Ambalama)

පන ආ වැටියේ ඉදිවු - පනාවිටිය අම්බලම  🐍☘️🌱 (Panavitiya Ambalama) - Your Choice Way
පනාවිටිය අම්බලම ශ්‍රී ලංකාවේ දැකගත හැකි වටිනා ලී කැටයම් සහිත ඉපැරණි අම්බලම් අතුරින් එකකි. එය පනාවිටිය, දීකිරිකෑවේ ශ්‍රී  ලංකාතිලකාරාමය විහාරස්ථානය ආසන්නයෙන් ඉදිකොට තිබෙයි.

දෙවන පරාක්‍රමභාහු රජුගේ උපදෙස් පරිදි හා මහාමාත්‍ය දේවපතිරාජයන්ගේ අධීක්ෂණය යටතේ, පනාවිටිය අම්බලම ඉදිකරනු ලැබූ බවට තොරතුරු පවතියි.

මේ අම්බලමටත් ජනප්‍රවාදයක් පවති.ඒ ජනප්‍රවාදයෙන් කියවෙන්නේ දෙවන පරාක්‍රමබාහු රජ සමයේ රට තුල ඇතිවූ කැරැල්ලක් මැඬලීම සඳහා ගිය එතුමාගේ පුත් විජයබා කුමරු කැරැල්ල මැඩ පවත්වා ආපසු යනවිට සතුරෙකු එල්ලකළ නාග විෂ කැවූ ඊතලයක් වැදීමෙන් සිහි මුර්ජා වූ බව හා මේ අම්බලම පිහිටි ප්‍රදේශයේදී ඔහු සුවපත්වූ බවයි. (එහෙයින් එකල මේ ස්ථානය පන ආ වැටිය ලෙස හැඳින්වී පසුව පනාවිටිය ලෙස හැඳින්වෙන බව කියති). 

මේ සිද්ධියෙන් පසුව රජතුමා මේ ප්‍රදේශයේ සැරිසරද්දී පනාවිටියට පැමිණීම සිරිතක් කොටගත් බැවින් රජතුමාට විවේක ගැනීමට මෙහි අම්බලමක් ඉදිකළ බවද කියවේ.

තවත් ජනප්‍රවාදයකින් කියවෙන්න් මේ අම්බලම නිර්මාණය කළේ මහනුවර මගුල් මඩුව නිර්මාණය කල ශිල්පියාගේ පුතා බවයි. 

එමෙන්ම මේ අම්බලම දඹදෙණි රජ සමයේ ඉදිකළ බව පැවසෙතත් මෙහි දැකිය හැක්කේ මහනුවර යුගයේ ගෘහනිර්මාණ ලක්‍ෂණ බව විචාරකයින්ගේ අදහසයි.

ටැම්පිට ගෘහ ආකෘතිය අනූව යමින්, පොළොවේ ශක්තිමත් ලෙස ඉන්දවනු ලැබූ ගල් බැමි හතරක් මත පිහිටුවන ලද දැව තලාඳ 4ක් මත, පනාවිටිය අම්බලම ගොඩනංවා තිබේ.

වැසි දියෙන් තෙමීම වැළැක්වීම, ගොඩනැගිල්ල කෘමීන්ගෙන් ආරක්ෂා කර ගැනීම, රාත්‍රි නවාතැන් ගන්නා පිරිස්, සර්පයන් වැනි සතුන්ගෙන් ආරක්ෂා කරගැනීම උදෙසා සහ නඩත්තු කටයුතුවල පහසුව වෙනුවෙන්, අම්බලම මෙසේ පොළොවෙන් මඳක් උස් ව ඉදිකොට තිබෙයි.

අම්බලමේ වහලයේ මූට්ටු සවිකොට ඇති ආකාරය දැකගත හැකි අතර, එහි වූ ලී කැටයම්ද වර්ණ ගන්වා ඇත.

පින්තූර මුල්හිමිකරු සතුයි📸🙏 Travel for Education

Panavitiya Ambalama

Panavitiya Ambalama is an ambalama situated in Sri Lanka. An ambalama is a place constructed for pilgrims, traders and travellers to rest. Panavitiya Ambalama is a place famous for its ornate wood carvings which are regarded to be on par with those at Embekka Devalaya, Lankathilaka and Gadaladeniya Viharas.

Panavitiya Ambalama is situated in the village of Panavitiya  off Matiyagane in the Kurunegala District Sri Lanka.

Panavitiya Ambalama is famous for its elaborate and beautiful wood carvings which decorate the entire ambalama. Some of the carvings date back to 18th century

The body of the posts are carved in an octagonal shape with a square panel at the middle of each post. Each of the square panels of all the 9 inner posts are decorated with elaborate carvings. There are 36 such panel carvings. Additionally, the pillar heads (connecting the posts to the roof), beams, rafters and reepers are also richly carved.

උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
පන ආ වැටියේ ඉදිවු - පනාවිටිය අම්බලම 🐍☘️🌱 (Panavitiya Ambalama) පන ආ වැටියේ ඉදිවු - පනාවිටිය අම්බලම  🐍☘️🌱 (Panavitiya Ambalama) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 17, 2020 Rating: 5

0 comments:

Post a Comment