බුදුන් වහන්සේ දෙවන වර වැඩි - නාගදීපය 🛕☸️ (Nainativu Island, Jaffna)

බුදුන් වහන්සේ දෙවන වර වැඩි - නාගදීපය 🛕☸️ (Nainativu Island, Jaffna)
අද අපි කතා කරන්නේ අපේ පූජනීය ස්ථානයක් ගැන. 

යාපනේ යන හැමෝම බොට්ටුවෙන් යන නාගදීපෙ ගැනයි අපි අද කියන්නේ.නාගදීපය වනාහි පුරාණ ලංකාවේ ජනවර්ග හතරෙන් එකක් වූ නාගගෝත්‍රිකයන් වාසය කළ ප්‍රාදේශයක් සේ පිළිගැනේ.. එහෙයින් මෙම දූපත නාගදීපය ලෙස නම්කර ඇත.

මෙහි වැදගත්කම මෙසේය..තිලෝගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ දෙවන ලංකා ගමනින් අති පාරිශුද්ධත්වයට පත්වූ නාගදීපය ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ පිහිටි බෞද්ධයින්ගේ උතුම්ම ස්ථානයයි. 

යාපනය නගරයෙන් කිලෝමීටර් 32ක් පමණ දුරින් පිහිටි නාගදීපය සම්පූර්ණයෙන්ම මුහුදින් වටවූ දූපතකි. මෙය බෞද්ධ, හින්දු, ඉස්ලාම් හා කතෝලික සිද්ධස්ථානවලින් යුතු බෞද්ධයින්ගෙන් තොර දූපතකි.

නාගදීප දූපත බුදුන් වැඩි අවධියේදී හඳුන්වා දී ඇත්තේ ‘මණිනාගදීප’ නමිනි. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් පස්වන වසරේදී බක් මස අමාවක පොහෝදින මණි නාගදීපයට වැඩම කොට වදාළහ. ඒ චූලෝදර මහෝදර නම් වූ මාමා සහ බෑණා අතර මැණික් පුටුවක් සඳහා ඇති වූ යුද්ධය සංසිදුවීමේ අරමුණින්ය. මණි නාගදීපය හෙවත් නාගදීපය එදා පාලනය කළේ මහෝදර නම් නා රජුය. ඔහුගේ එකම දියණිය වඩුන්නාගල රජකල චූලෝදර නම් තම නැගණියගේ පුතණුවන්ට විවාහ කරදෙන ලදී. එම අවස්ථාවේදී මහෝදර රජු සතුව තිබූ පරම්පරා ගණනකින් පැවත ආ වටිනා වස්තුවක් වූ ‘මිණි පළඟ’ හෙවත් මැණික් පුටුවක් දායාදය වශයෙන් දියණියගේ විවාහ දිනයේදී පරිත්‍යාග කරන ලදී. 

ඉන් අනතුරුව චූලෝදර තම ස්වාමි දියණිය සමඟ සතුටින් ජීවිතය ගත කරන අතරතුරදී හදිසියේ ඇතිවන රෝගි තත්ත්වයක් හේතුවෙන් තම බිරිඳ අකල් මරණයකට ගොදුරු විය. එහෙයින් චූලෝදර නා රජු මෙන්ම මහෝදර පිය නා රජුද දඩි සේ දුකට පත්විය.

දියණියගේ අකල් මරණයෙන් දුකට පත් පිය නා රජතුමන් කල්පනා කරනුයේ තමන්ට සිටි එකම දියණියත් වටිනා මැණික් පුටුවත් දෙකම අහිමි වී ඇති බවයි. දියණිය සිහිපත්වීම සඳහා දායාදය වශයෙන් පරිත්‍යාග කරන ලද මැණික් පටුව ‍චූලෝදර බෑණනුවන්ගෙන් නැවත ඉල්ලාගත යුතු යැයි සිතූ ‍මහෝදර නා රජු තම බෑණනුවන් වෙත පණිවිඩයක් යවමින් දියණිය නොමැති නිසා ඇයව සිහිපත් වීම සඳහා විවාහ දිනයේදී දායාදය වශයෙන් ලබාදෙන ලද මැණික් පුටුව නැවත ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය. චූලෝදර නා රජු එයට එකඟ නොවූහ.

මේ නිසා ඇතිවූ හිත් අමනාපය අවසානයේදී යුද්ධයක් බවට පත් විය. මහෝදර නා රජුගේ හිතවතෙකු වූ කැලණියේ මණිඅක්ඛිත නා රජුට ද මෙම ආරවුල පිළිබඳව ආරංචිය ලැබීමෙන් ඔහුද සේනාව සමඟ නාගදීපයට ගොස් මහෝදර නා රජු හා එක්ව චූලෝදර නා රජුට එරෙහිව යුද වැදීමට සූදානම් විය.

අප ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේ අලුයම ලොව බලා වදාරණ කල්හි ශ්‍රී ලංකාද්වීපයෙහි මණිනාග නම් දිවයිනෙහි සිදුවන මෙම සංග්‍රාමය දිවැසින් දැක සිදුවන මහා මිනිස් ඝාතනය දුරුකරලනු පිණිස මහා කරුණාවෙන් මණි නාගදීපයට වැඩම කළහ. එසේ වැඩම කොට අහසේ වැඩ සිටිමින් මුළු ලංකාද්වීපයම අන්ධකාරමත්කොට නැවත ආලෝකමත් කළේය. එයින් බියට පත් නාග ගෝත්‍රික පිරිස වටපිට බැලූවිට කිසිවෙකු දක්නට නොලැබුණු බැවින් අහස දෙස බැලූහ.

එවිට ඉතාම ලස්සන පුරුෂයෙකු අහසේ සිටිනු දැක ‘මේ නම් එසේ මෙසේ අයෙකු නොවේ කිසියම් මායාකරුවෙකු විය හැකිය’ යැයි සිතා ඔහුව තම පාර්ශවයට එකතු කරගෙන යුද ජයග්‍රහණය තමා සතු කර ගන්නට නාග ගෝත්‍රිකයින් කල්පනා කළහ. ඔවුන් සියලු දෙනාම බුදුරජාණන් වහන්සේට බිමට වඩින්නට ආරාධනා කළේය. 

බිමට වැඩමකොට මැණික් පුටුවේ වැඩ හිඳ චූලෝදර, මහෝදර හා මණිඅක්ඛිත නා රජු ඇතුළු නාගයින්ට සමඟි සම්පන්න වීමේ අගය අලලා ධර්මය දේශනා කල සේක. දේශනාව අවසානයේ සතුටට පත්ව සමගි සම්පන්න වූ නාග‍ ගෝත්‍රිකයින් මැණික් පුටුව බුදුරජාණන් වහන්සේට පූජා කළහ. එසේ පූජා කරන ලද මැණික් පුටුවේ වැඩ උන් බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ පරිභෝග කළ වස්තුවක් බවට පත් කළ මැණික් පුටුව ඔවුන් වෙත පවරා දී තමන් වහන්සේ සමඟ පැමිණි සමිදි සුමන නම් දෙවියන් රැගෙන ආ කිරිපලු නුග රුකද පූජ්‍ය වස්තුවක් බවට පත්කොට පෙරලා දෙව්රම් වෙහෙරට වැඩමකොට වදාළ සේක.

අපි කවුරුත් දන්න නාගදීපේ කතාව ඕකයි.

Nainativu Island, Jaffna

Nainativu, sometimes spelt 'Nayinativu', is the modern Tamil name of an island of the Jaffna archipelago. Though smaller in size than the neighbouring islands, it's the archipelago's top destination for travellers interested in Sri Lanka's cultural heritage, as Nainativu is a significant pilgrimage site in the first place. The modern Sinhala name of Nainativu is 'Nagadipa', also transcribed Nagadeepa, not to be confused with the homonymic ancient Pali term, which in Sri lanka's chronicles' is a designation of the entire Jaffna Peninsula. The ancient Tamil name of the island was Manipallavam. During the Dutch colonial period it was called Harlem.

Nainativu Island is situated 27 km west of Jaffna, as the crow flies, and in 2 km distance from the port of Kurikadduwan (KKD), where ferry boat service to Nainativu is available. The KKD ferry port can be reached by vehicle, crossing two causeways connecting the neighbouring island Pundukutivu and Kayts with Jaffna Peninsula. Boats leave KKD at least once an hour.
බුදුන් වහන්සේ දෙවන වර වැඩි - නාගදීපය 🛕☸️ (Nainativu Island, Jaffna) - Your Choice Way

බුදුන් වහන්සේ දෙවන වර වැඩි - නාගදීපය 🛕☸️ (Nainativu Island, Jaffna) - Your Choice Way

බුදුන් වහන්සේ දෙවන වර වැඩි - නාගදීපය 🛕☸️ (Nainativu Island, Jaffna) - Your Choice Way

බුදුන් වහන්සේ දෙවන වර වැඩි - නාගදීපය 🛕☸️ (Nainativu Island, Jaffna) - Your Choice Way

බුදුන් වහන්සේ දෙවන වර වැඩි - නාගදීපය 🛕☸️ (Nainativu Island, Jaffna) - Your Choice Way

බුදුන් වහන්සේ දෙවන වර වැඩි - නාගදීපය 🛕☸️ (Nainativu Island, Jaffna) - Your Choice Way

බුදුන් වහන්සේ දෙවන වර වැඩි - නාගදීපය 🛕☸️ (Nainativu Island, Jaffna) - Your Choice Way

බුදුන් වහන්සේ දෙවන වර වැඩි - නාගදීපය 🛕☸️ (Nainativu Island, Jaffna) - Your Choice Way

බුදුන් වහන්සේ දෙවන වර වැඩි - නාගදීපය 🛕☸️ (Nainativu Island, Jaffna) - Your Choice Way

බුදුන් වහන්සේ දෙවන වර වැඩි - නාගදීපය 🛕☸️ (Nainativu Island, Jaffna) - Your Choice Way
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
බුදුන් වහන්සේ දෙවන වර වැඩි - නාගදීපය 🛕☸️ (Nainativu Island, Jaffna) බුදුන් වහන්සේ දෙවන වර වැඩි - නාගදීපය 🛕☸️ (Nainativu Island, Jaffna) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 29, 2020 Rating: 5

0 comments:

Post a Comment