මයලින් සිද්දිය 🔫🔫🔫😱🌎 (Myelin Incident)

මයලින් සිද්දිය 🔫🔫🔫😱🌎 (Myelin Incident)
1889 ජනවාරි මස වියානා හි ග්‍රාමීය දඩයම් ලැගුම්පොලක මිනි 2ක් හමුවී තිබෙන අතර ඔවුන් මියගොස් තිබෙන්නේ වෙඩි පහරවල් වලින් බව වාර්තා විණි. මෙසේ මියගොස්ව තිබෙන්නේ රුඩොල්ෆ් නැමති කුමරවරයෙක් හා ඔහුගේ පෙම්වතිය වන වෙට්සේරාය. මියගිය රුඩොල්ෆ් කුමරුගෙ පියා මෙම ඛේදවාචකය වසන් කිරීමට උත්සහා දැරීමෙන් මෙම මරණය වට යම් අභිරහස්භාවයක් ඇතිවීමට තුඩු දුනි. බොහෝවිට මෙයට හේතුවී තිබුණේ රුඩොල්ෆ් කුමරු බෙල්ජියම් කුමරියක් සමග විවාහ වී සිටියත් වෙට්සේරා සමග අනියම් සබදතාවක් ඇති කරගත් නිසාවෙනි.

එසේ එම පෙම් යුවල මරණයට පත්වුනත් බෙල්ජියම් කුමරිය හා රුඩොල්ෆ් කුමරා අතර සම්බන්දය එලෙසම පවත්වා ගැනීමට වෙට්සේරා ගේ දේහය හොර රහසේ ගෙනගොස් වලලා තිබිණි. එසේ කිරීමට තවත් හේතුවක් වී ඇත්තේ සියදිවිනසා ගැනීමෙන් සිදුවන මරණ සදහා අවමඟුල් උත්සවයක් ක්‍රිස්තු පල්ලිය විසින් ඉඩ ලබා නොදීමයි.

එය එසේ සිදුවීමට හැකියාවක් ඇති බවට කිසිකෙනෙකු නොපවසන ලද අතර කටකතා අනුව රුඩොල්ෆ් කුමරු ඔහුගේ හමුදාව විසින් වස ලබාදී මරණයට පත් කරා යැයි කියැවේ. කෙසේ නමුත් පසුව රාජ්‍යයේ අධිරාජයා පාප් වහන්සේට කියා සිටියේ රුඩොල්ෆ් කුමරු ඔහුට ඇති වූ තාවකාලික උමතුවක් නිසාවෙන් වේස්ටේරා මරා පසුව තමන් සියදිවි නසාගෙන ඇති බවට තමා සැක කරන බවයි.

මේ මරණ පිලිබද බොහෝ කටකතා මතභෙද ඇති නමුත් මෙම මරණ දෙක සිදුවූ සැබෑ ආකාරය හොදින්ම දන්නේ එදින ලැගුම්පොලේ සිටිය ඔවුන් දෙදෙනා පමණි.

ඔබගෙ අදහසත් යටින් දාගෙන යන්න.👈✔

ස්තුති 🙏 දිලා 👌☝✍️
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
මයලින් සිද්දිය 🔫🔫🔫😱🌎 (Myelin Incident) මයලින් සිද්දිය 🔫🔫🔫😱🌎 (Myelin Incident) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 28, 2020 Rating: 5

0 comments:

Post a Comment