සිංහරාජයේ සැගවුණු - ලංකාගම 🍀🌼🌴🍂🍄 (Lankagama)

සිංහරාජයේ සැගවුණු - ලංකාගම 🍀🌼🌴🍂🍄 (Lankagama)
අද අපි කතා කරන්න යන්නේ සිංහරාජ මායිමේ හැංගුණු තවත් ලස්සන ගම්මානයක් ගැනයි.ඒ නමින් ලංකාගම ගම්මානයයි.

මේ දවස්වල පාරක් නිසා රටම කතාකරන ගම මොකක්ද කියලා ඇහුවොත් දැන් ඕන කෙනෙක් ලංකාගම කියයි.

මතකනේ පසුගිය කාලේම ලංකාගම ප්‍රවෘත්තියක් වුනා..මේ ගමේ විශේෂත්වය තමා ලංකාගම වටේටම දිය ඇලි, ගල් තලා නම් පිරිලා තිබීමයි.

ලංකාගමට මේ නම වැටිලා තියෙන්නේ මෙන්න මෙහෙමයි.එක්තරා කාලයක දී මේ සිංහරාජ වනාන්තරයේ දැවැන්ත සිංහරාජයෙකු වාසය කරලා තියෙනවා.

වළගම්බා රජු ට සේවය කළ ලංකානාථ නම් යෝධයෙකු අතින් එම සිංහයා මිය යන්නේ තියුණු ද්වන්ද සටනකින් පසුව යි.. ගල්වලින් ගසා තමා මේ සිංහයාව මරලා තියෙන්නේ....

ලංකානාථ යෝධයා නිසා ලංකාගම හැදුනා කියලා ජනප්‍රවාද වල සඳහන් වෙනවා.

ඒ වගේම තවත් කතාවක් මේ අතරේ අපට හමුවුණා.. සුද්දගේ කාලෙත් රටේ මිනින්දෝරු කටයුතු වෙලා තියෙනවනේ.

ඒ කටයුතු වලදී මෙරට අවසානයටම මැනලා තියෙන්නෙත් මේ ලංකාගම කියලයි ගමේ පැරැන්ණෝ කියන්නේ.

මේ ගමට යන මගේ සුන්දරත්වය තමා දියඇලි පොකුරක්ම බලාගන්න ලැබෙන එක, ඒ..දූවිලි ඇල්ල, බ්‍රාහ්මණ ඇල්ල, ඌරා වැටුන ඇල්ල, දූලි ඇල්ල, තට්ටු ඇල්ල ආදී ඇලි පොකුරම ඔයාට බලන්න පුලුවන්.

ඒ වගේම ලංකාගමට මැදින් ගිංගඟ කොමලිය ගලා බසිනු ඔයාලට දැකගන්න පුලුවන්.

දූවිලි ඇල්ල, තට්ටු ඇල්ල වගේ තැන්වල නාන්න පහසුව තියෙනවා..මේ පින්තූර ‍එකතුවේ ඒ දියඇලි ටිකත් තියෙනවා.

කිමිදිලා පීනන්න, කඩාගෙන එන වතුර පාරට ඔලුව අල්ලලා නාන්න ඕන විදියකට ඔයාලට අවස්ථාව ලැබෙනවා.. කොහොම වුණත් ඉතින් අවදානෙන් තමා.

මේ ගමේ තවත් සුවීශේෂීත්වයක් තියෙනවා ලංකාගමෙහි වෙසෙන සියලූදෙනාම නෑදෑයෝ.. ගම්මුන්ගේ පෙළපත් වාසගම් තුනකින් පැවත ගෙන එනවා.

සමහරක් ලංකාගමගේ ඇත්තෝය. තවත් පිරිසක් නිල්වැලිගමගේ ඇත්තන්ය. අනික් පිරිස කොලොන්තුටුව සිල්වත්ගේ පෙළපත් නාමය ඇති අය අයයී.

ඒකම නෑදෑ ගමක්.පවුල් 270ක් පමණ මේ ගමේ ඉන්නවා ලූ.. කොහොම වුණත් ගංවතුර කාලෙට නම් මේ ගමේ ජනයා විදින්නේ හරිම පීඩාවක්.. මොකද ගමම ගංවතුරට යට වෙනවා.

ලංකාගම, ගාල්ල දිස්ත‍්‍රික්කයේ හිනිදුම ආසනයේ නෙළුව ප්‍රාදේශීය සභාවට අයත් සිංහරාජයේ මායිම් ගම්මානයකි. 

ඊට පිවිසීම ට ඇති පහසුම මාර්ගය ලෙසින් සැලකෙන්නේ හිනිදුම – නෙළුව ප්‍රදේශ හරහා වැටී ඇති මාර්ගය තමා.ලංකාගමේ ප්‍රධාන ආර්ථික ඉපැයීම්ක් වන්නේ නිතුල් කර්මාන්තයයී... අදටත් මෙහි යන ඔබට කිතුල් ආශ්‍රිත ද්‍රව්‍ය මිළදී ගන්න පුලුවන්.

අපි මේ ගැන ඔබට කිව්වේ මෙහි ගිහින් විනාශ කරන්න නෙමේ... පරිසරයේ සුන්දරත්වය විදලා ආපහූ පරිස්සමට එන්න කියලා.

අපගේ පළමුවෙන් පළකරපු ලංකාගම ගැන ලිපිය මෙතනින් කියවන්න 👉  www.yourchoiceway.com/2020/06/hidden-in-sinharaja-lankagama.html  👈

පින්තූර මුල්හිමිකරු සතුයි 📸🙏instagram
සිංහරාජයේ සැගවුණු - ලංකාගම 🍀🌼🌴🍂🍄 (Lankagama) - Your Choice Way

උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
සිංහරාජයේ සැගවුණු - ලංකාගම 🍀🌼🌴🍂🍄 (Lankagama) සිංහරාජයේ සැගවුණු - ලංකාගම 🍀🌼🌴🍂🍄 (Lankagama) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Sunday, October 04, 2020 Rating:

0 comments:

Post a Comment