දිය ඇලි දුසිමකට පන දෙන - කැටලාගොල්ල ඔය 🍀🎋🍃 (Katalagolla Oya)

දිය ඇලි දුසිමකට පන දෙන - කැටලාගොල්ල ඔය 🍀🎋🍃 (Katalagolla Oya)
අද අපි කියන්න යන්නේ ගොඩක් දෙනෙක් නොදන්න රහස් කතාවක්.නමක් ගමක් දන්නේ නැති දියඇලි දුසිමක් ඒ කියන්නේ දියඇලි 12කට පන දෙන කැටලාගොල්ල ඔය ගැන.

මහ ඝන වනයක සැගවුනූ මේ ඔය සොයාගෙන තමයි අපි අද යන්නේ..සාම්ප්‍රදායෙන් බැහැර නමක් තමා මේ කැටලාගොල්ල කියන්නේ.

මේ ඔය උපත ලබන්නේ මගවැලි ගගේ අතු ශාකාවක් ලෙසයි..ලංකාවේ ප්‍රධාන ජලාශ තුනක් පිහිටි රක්‍ෂිතය තුළ තමා මේ ඔය තියෙන්නේ.. කෙටියෙන් මේ රක්‍ෂිතය හදුන්වන්නේ VRR ලෙසයි(වික්ටෝරියා,රන්දෙණිගල,රන්ටැඹේ).

කදු, හෙල්, මිටියාවත්, පතන සේම අලංකාර දියඇලී රාශියකින් මේ රක්‍ෂිතය සමන්විතයි.

කැටලාගොල්ල ඔය මගින් නිරිමානය වන දියඇලි 12ක් මේ රක්‍ෂිතය පූරා විහිදී පවතිනවා.. එක දවසකින් මේ ඔක්කොම බලන්න පුලුවන්.

හරි උපදෙසක් නැතුව නම් යන්න බෑ මොකද වන අලි ගැවසෙන ඉසව්වක්නේ..වන පියස තුල  ඇවිදිනකොට කූඩැල්ලන්ගෙන් නම් සමාවක් නෑ.. ඒ තරමට කූඩැල්ලන්..

මේ රක්‍ෂිතයට පිවිසෙන්නේ මෙහෙමයි මහනුවර සිට මහියංගන පාරේ උඩුදුම්බරට පැමිණ මහවෙල මාර්ගයට හරවා යා යුතුයි.

මහවෙල ග්‍රාමසේවා කාර්යාලය අසලින් ඒ පාරේ කෙළවරටම යන්න ඕනේ ඒ පාර අවසන් වන්නේ RVV රක්‍ෂිතයේ අලි වැට ගාවින්.

එතන ඉදලා හරි උපදෙසක් නැතුව නම් ඇතුල් වෙන්න බෑ...වන පියසේ ඉදලා 2km පමණ ගියාට පස්සේ තමා අපිට කැටලාගොල්ල ඔයේ සද්දේ ඇහෙන්නේ.ඉතින් ඔය ලගටම ගියාට පස්සේ පළමු දිය ඇල්ල හමුවෙනවා.

ඒ ඇල්ල මීටර් 5ක් විතර උසයි.ඒතනින් ඉදිරියට යද්දී තවත් මීටර් 10ක් විතර උස දෙවන් ඇල්ලත් හම්බෙනවා..ඔන්න ඔහොම ඔහොම ඉදිරියට යද්දී මේ මේ දියඇලි දුසිමම දැකගන්න ලැබෙනවා.

8වෙනියට හම්බුන ඇල්ල තමා සමස්ත දියඇලි දුසිමේ උසම ඇල්ල මීටර් 50ක් වගේ උසයී...හරි අපූරු අත්දැකීමක් ගමන ටිකක් අවදානම් සහිත වුණත් අමතක නොවෙන ගමනක් කිව්වොත් වඩාත් නිවැරදී.

ඉතින් ඔයාලත් හරි මගපෙන්වීමක් එක්ක මේ දියඇලි දුසිම බලන්න යන්න.. හැබැයි ඒ සුන්දර පරිසරය විනාශ නොකර ආපහු එන්න හොදේ.

පින්තූර මුල්හිමිකරු සතුයි 📸🙏
දිය ඇලි දුසිමකට පන දෙන - කැටලාගොල්ල ඔය 🍀🎋🍃 (Katalagolla Oya) - Your Choice Way

උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
දිය ඇලි දුසිමකට පන දෙන - කැටලාගොල්ල ඔය 🍀🎋🍃 (Katalagolla Oya) දිය ඇලි දුසිමකට පන දෙන - කැටලාගොල්ල ඔය 🍀🎋🍃 (Katalagolla Oya) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 30, 2020 Rating: 5

0 comments:

Post a Comment