ඉස්ත්‍රික්කයක් පිරිසිදු කර ගන්න ක්‍රම (How To Clean An Iron)

ඉස්ත්‍රික්කයක් පිරිසිදු කර ගන්න ක්‍රම (How To Clean An Iron) - Your Choice Way
විශේෂයෙන් ඔබේ ඇඳුම් විශාල ප්‍රමාණයක් ඇති විට ඉස්ත්‍රික්කය අපිරිසිදුව තිබීම මහත් ගැටළුවක් වේ .කලක් ඇවෑමෙන් ජලයේ තිබෙන ඛනිජ ලවණ එහි තැන්පත්වීමට ද හැකිය . ඔබ කැඳ දැමූ ඇඳුමක් හුමාලය විදිමින් මදින විට ඉස්ත්‍රික්කයේ පතුළේ අප්‍රසන්න ලෙසින් ඇලීමට පුළුවන . ක්‍රමානුකූලව කරන්නේ නම් , වාසනාවකට දෝ , සාපේක්ෂකව යකඩ පිරිසිදු කිරීම පහසු කටයුත්තක් වී තිබේ .

පළමු ක්‍රමය : බේකිං සෝඩා උපකාරයෙන් පවිත්‍ර කිරීම .

1 ) .තලපයක් සාදා ගන්න .
ජලය මේස හැඳි 1 ක් ( මිලී.15 ) සහ බේකිං සෝඩා මේස හැඳි 2 ක් ( ග්‍රෑ.6 ) මිශ්‍ර කර ගන්න. ටලපය තරමක් ඝන එහෙත් ගලායන සුළු පදමට විය යුතු අතර එය ඔබේ ඉස්ත්‍රික්කයේ පහසුවෙන් ඇලවේ.පෙරන ලද හෝ ආසුත ජලය හෝ හැකිනම් භාවිතා කරන්න .

2 ) . ඉස්ත්‍රික්කය හොඳින් සිසිල් වූ පසු ඒ තලපය එහි පතුළේ ආලේප කරන්න .
ඔබ ඉස්ත්‍රික්කය පාවිච්චි කරන ලද්දේ ආසන්නතම කාලයක නම් , තලපය ආලේපයට පෙර එහි පතුළ සම්පූර්ණයෙන් ම නිවී සිසිල් වී ඇද්දැයි තහවුරු කර ගන්න .නිවී ඇත්නම් , තලපය කෙළින්ම එහි ආලේප කළ හැකිය .කිළිටි වී ඇත්තේ එක් ස්ථානයක පමණක් නම් ,එහි සැම තැනම ආලේප කිරීම අනවශ්‍යය. මුළුමණින්ම පිරිසිදු කිර්‍ර්මක් නම් කමක් නැත .මේ සඳ්හා ඔබේ ඇඟිල්ල හෝ පළල් පතුරක් ( spatula ) හෝ යොදා ගත හැකිය.විශේෂයෙන් ඔබේ ඉස්ත්‍රික්කය අතිශයින් අපිරිසිදු වී ඇත්නම් , තලපය යහමින් අතුරන්න .

3 ) .පිරිසිදු රෙදි කඩක් ගෙන තෙමන්න .
මෙමඟින් ඔබට තලපය ඉවත් කරගත හැකි අතර , රෙදි කඩ පිරිසිදුව තබා ගැනීම වැදගත්‍ ය. තලපය ඉවත් කිරීම සඳහා රෙදි කඩ තෙමා , මිරිකා වැඩි ජලය යවා සකස් කර ගත යුතුය .

4 ) . හුමාලය පිට වන සිදුරු පුළුන් කැටියකින් ( swab ) පිරිසිදු කරන්න .
ජනයා තම කන් පිරිසිදු කිරීමට ගන්නා පුළුන් කැටියක් පිරිසිදු ජලයේ ගිල්වා තබන්න .පසුව එමඟින් එක් එක් සිදුර පවිත්‍ර කරන්න.ඒවා තුළින් අපද්‍රව්‍ය රාශියක් පිටතට එන්නේ නම් , පුළුන් කැටිති කීපයක් අවශ්‍ය විය හැකිය .එසේම පුළුන් කැටිත්තේ ද ඒවා රැඳී ඇත්නම් , හැමවිට අළුත් එකක් භාවිතා කළ යුතුය.

5 ) . ඉස්ත්‍රික්කයේ ටැංකිය ( reservoir ) ජලයෙන් පුරවන්න .
ඉස්ත්‍රික්කය තුළ කළින් වතුර රැඳී ඇත්නම් , ඒවා පළමුව ඉවත් කළ යුතුයි . එහි කවුළුව විවර කර අනිත් පසට හැරවීමෙන් එය සිදු කළ හැකියි . එසේ කළාට පසු ටැංකියෙන් 1/3 ක් පමණ පෙරා ගත් පිරිසිදු ජලයෙන් පුරවන්න .

වතුර කෝප්ප 3/4 ( මිලී.180 ) ක් සහ සුදු විනාකිරි කෝප්ප 1/4 ක් ( මිලී. 60 ) ක් එක් කොට සාදා ගත් මිශ්‍රණයෙන් ද ( මෙය ප්‍රබල පිරිසිදු කාරක ද්‍රාවණයකි ) පිරවිය හැකිය .කෙසේ වෙතත් ඔබේ නිෂ්පාදකයාගේ අත්පොත බලා ඉස්ත්‍රික්කය විනාකිරි වලට දක්වන ප්‍රතිචාරය කුමක් ද යන්න තහවුරු කර ගත යුතුයි .

6 ) . ඉස්ත්‍රික්කය ක්‍රියාත්මක කරන්න .
හුමාලය නිකුත් කිරීමේ සැකැසුම පරීක්ෂාකර බලා ඔබේ ඉස්ත්‍රික්කය උපරිම රශ්නය දෙන තත්ත්වයට පත්කර ගන්න . මේ පියවරේ දී ඉස්ත්‍රික්කයේ එම සිදුරු වල තැන්පත් ව ඇති ඛනිජ ලවණ ඇතුළු අනිකුත් අපද්‍රව්‍ය ඉවත් වේ .රත්වූ ඉස්ත්‍රික්කයක් සමඟ වැඩ කිරීමේ දී පරිස්සම් විය යුතුය . එයින් පිට කරන හුමාලයෙන් ඔබව පිළිස්සීමට ඉඩ ඇති හෙයිනි .

7 ) .පිරිසිදු රෙදි කැබැල්ලක් මදින්න. ( iron )
අපිරිසිදු වූවාට කමක් නැතැයි ඔබ සිතන පිරිසිදු රෙදි කැබැල්ලක් තෝරා ගන්න . ඉස්ත්‍රික්කය ඇතුළේ තිබෙන කුණු පිටතට පැමිණීමෙන් එහි දුඹුරු පැල්ලම් ඇති විය හැකිය . දැන් ඔබ කළ යුත්තේ රෙදි කඩ මැදීමයි .අතින් වෙනස් කරන ( manual ) හුමාල බොත්තමක් නම් ඇත්තේ එය නිතර ඔබමින් හුමාලය වැඩියෙන් පිට කිරීමට පියවර ගන්න .කුස්සි තුවායක් මේ සඳහා හොඳටමගැලපේ .

8 ) . ඉස්ත්‍රික්කය නිවා සිසිල් වන්නට තබන්න.
ඉස්ත්‍රික්කය ආරක්ෂිත ස්ථානයක ( තුවායකින් වට කළ කුස්සියේ කවුළුව ) තබා ඇති බවට සහතික වන්න . ඉස්ත්‍රික්කය සිසිල්වන විට මණ්ඩි වැනි දෙයක් පිටතට කාන්දු වීමට පුළුවන ටැංකියේ ජලය ඉතිරිව ඇත් නම් , ඒවා ද ඉවත් කළ යුතුය .

දෙවන ක්‍රමය : විනාකිරි සහ ලුණු උපකාරයෙන් පවිත්‍ර කිරීම .

1 ) . සුදු විනාකිරි කොටස් 2 කට ලුණු එක් කොටසක් දමා මිශ්‍රණය සාදා ගන්න .
උදුනක දමා මධ්‍යම රශ්නයෙන් මේ මිශ්‍රණය රත් කර ගන්න . ලුණු දියවන තුරු රත් කරන්න .නමුත් විනාකිරි උතුරන්නට ඉඩ නො දෙන්න .අවාසනාවකට ඉන් නිකුත් වන දුගඳ ඉතා තද වුවත්, එය ඉස්ත්‍රික්ක පිරිසිදු කිරීමට ඉතා හොඳ දෙයකි .

2 ) . මිශ්‍රණය නිවෙන්නට ඉඩ හරින්න .
රත් වූ විනාකිරි තරමක් සිසිල් වන්නට ඉඩ හරින්න. එය උණුසුම් ව තිබිය යුතු නමුත් , පිච්චෙන තරමට නොවේ .විනාකිරි වල දුගඳින් බේරීමට අත් මේස් භාවිතා කරන්න .

3 ) . පිරිසිදු රෙදි කඩමාල්ලක් විනාකිරි මිශ්‍රණයේ ගිල්වන්න එම රෙදි කඩමාල්ල යොදා ගෙන ඉස්ත්‍රික්කයේ පතුළ සිසිල් වූ විනාකිරි මිශ්‍රණයෙන් අතුල්ලන්න ඔබ සතුව ටෙෆ්ලෝන් ආලේපිත යකඩ බුරුසුවකින් ඉස්ත්‍රික්කයේ ආලේපනය හානියට පත් නොකරන්නේ නැතිනම් හැරෙන්නට මේ සඳහා සිනිඳු බුරුසුවක් භාවිතා කළ යුතුය .වයර් බුරුසු ( wire brush ) කිසිවිට යොදා නො ගන්න .ස්ත්‍රික්කයේ පිළිස්සුම් සලකුණු වලින් නිදහස් වීමට මේ සුදුසු ක්‍රමයකි .

තුන්වන ක්‍රමය : ඔබේ ඉස්ත්‍රික්කය පිරිසිදු කිරීමේ වෙනත් ක්‍රම .

1 ) . ඉස්ත්‍රික්කයේ පතුළ වියළන පත්‍රයකින් ( dryer sheet ) අතුල්ලන්න .
ඉතා අඩු උෂ්ණත්ව තත්ත්වය යටතේ ඉස්ත්‍රික්කය සකසන්න . අළුත් වියළන පත්‍රයක් ගෙන සියළුම පැල්ලම් ආදිය ඉවත්ව යනතෙක් එහි පතුළ සෙමින් අතුල්ලන්න .එම කටයුතු අවසාන වූ පසු ඉස්ත්‍රික්කයේ රශ්නය වැඩි කොට පිරිසිදු රෙදි කඩමාල්ල මදින්න . එවිට වියළන පත්‍රයේ ඉතිරිවූ දෙයක් වේ නම් ඉවත් ව යයි .

2 ) . ඉස්ත්‍රික්කයේ ටැංකිය ජලයෙන් පුරවන්න .
ඔබ ළඟ ඇත්නම් , සුදු විනාකිරි සහ පිරිසිදු ජලය හෝ පෙරා ගත් ජලය හෝ මේ සඳහා යෙදිය යුතුයි. ඉස්ත්‍රික්කයේ හුමාලය එන සේ විවර කොට ඝනකම් රෙදි කැබැල්ලක් ටික වෙලාවක් යන තුරු මදින්න .විනාකිරි මිශ්‍රණය ටැංකියෙන් ඉවතට හලන්න . පිරිසිදු තුවායකින් එහි අඩිය පිස දමන්න .ඔබේ නිෂ්පාදකයාගේ අත්පොත බලා , ටැංකිය විනාකිරි වලට ප්‍රතිචාර දක්වන්නේ ද යන්න තහවුරු කර ගන්න .

3 ) . ඉස්ත්‍රික්කයේ පතුළ පිරිසිදු කිරීමට දන්තාලේපයක් භාවිත කරන්න .
ඉස්ත්‍රික්කයේ සිසිල් ව ඇති පතුළට දන්තාලේප ස්වල්පයක් කෙළින්ම දමන්න . ( විශේෂයෙන් අවශ්‍ය තැන් වලට ) පසුව පිරිසිදු රෙදි කඩකින් අතුල්ලන්න . දැන් ඉස්ත්‍රික්කයේ හුමාලය විවර කර විනාඩි 5 ක් පමණ රෙද්දක් මදින්න .දන්තාලේප මේස හැඳි 1 ( ග්‍රෑ.3 ) , බේකිං සෝඩා මේස හැඳි 2 ක් ( ග්‍රෑ.6 ) සහ විනාකි‍රි මේස හැඳි 3 ක් ( මිලී 45 ) මිශ්‍ර කර එය ද මේ සඳහා භාවිතා කළ හැකිවේ .

4 ) .ඇලෙන සුළු ඉස්ත්‍රික්කය පත්තර කඩදාසි වලින් පවිත්‍ර කිරීම .
ඉස්ත්‍රික්කයේ පතුළේ කිසියම් ඇලෙන සුළු බවක් පෙන්නුම් කෙරේ නම් , එහි රස්නය උපරිම මට්ටමටත් , සකස් කොට හුමාලය වසා දමන්න . එය පිරිසිදු වන තෙක් පත්තර කඩදාසියක් මත ගෙන යන්න .එයින් පසුවත් ඇලෙන ගතිය තිබේ නම් , පත්තර කඩදාසිය මතට ලුණු ස්වල්පයක් ඉස ඉහත ක්‍රියා වලිය නැවත කරන්න . එය කුමණ හෝ ඇලෙන සුළු ද්‍රව්‍යයක් ගැන බලා ගනු ඇත .
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ඉස්ත්‍රික්කයක් පිරිසිදු කර ගන්න ක්‍රම (How To Clean An Iron) ඉස්ත්‍රික්කයක් පිරිසිදු කර ගන්න ක්‍රම (How To Clean An Iron) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 26, 2020 Rating: 5

0 comments:

Post a Comment