සමහර අය නින්ද ගිහින් ඇහැරිලා ශරිරය හොලවන්න බැරි තත්ත්වයක් ගැන අහලා තියද ? (Have You Ever Heard Of A Situation Where Some People Fall Asleep And Wake Up Unable To Move Their Body?)

සමහර අය නින්ද ගිහින් ඇහැරිලා ශරිරය හොලවන්න බැරි තත්ත්වයක් ගැන අහලා තියද ? (Have You Ever Heard Of A Situation Where Some People Fall Asleep And Wake Up Unable To Move Their Body?)
පලමුවෙන් කියන්න ඕන මේක යක්ශ හෝ හොල්මන් බලපෑමක් නෙමෙයි. මේකට මානසික විද්‍යාවේ කියනවා නිදි අංශභාගය / Sleeping Paralyze.
මොනවද මේක වුණාම දැනෙන්නේ...? 
  1. හදිස්සියේ ඇහැරිම
  2. හිස සෙලවිමට නොහැකි විම
  3. අත පය හෝ කිසිම අවයවයක් වසග නොවිම
  4. කතා කිරිමට උත්සහා කලත් හඩ පිට නොවිම හා මුඛය විවුර්ත නොවිම
  5. කෙට් හුස්ම
  6. පපුව පිඩනයකට ලක් විම/ කවුරු හරි කෙනෙක් වාඩි වෙලා වගේ
  7. ශරිර බර අඩු විම
  8. අනතුරක් යැයි හැගිම් පහල විම
  9. තනිවම නොවේ යැයි හැගිමක් පහල විම
  10. බිය
මේ නිදි අංශභාගය භායානක ද?
නෑ .. අංශු මාත්‍රයක් තරං වත් භයානක නැත.

කොහොමද මේක වෙන්නේ...
අපේ නිදා ගන්න එක ඔයා හිතන එක වගේ නෙමෙයි ලොකු ක්‍රියාවලියක්. අපි නිදාගන්න පටන් ගත්තාම ටික වේලාවකින් ගැඹුරු නින්දට යනවා. ( ආ අන්න එ වේලාවට විතරයි හීන පෙන්නේ.)Deep Sleep එකේ අපි විනාඩි පහක් වගේ ඉන්නවා ආයි සාමාන්‍ය නින්දට එනවා.ඔහොම තමයි ඔයා ඇහැරෙනකං නිදා ගන්නේ.

මෙම ක්‍රියාවලියට සමහරුන්ගේ ශරිර වල රසායනික දේ. කෑම . ව්‍යායාම අදිය නිසා වෙනස් වෙන්න පුලුවන් .මෙම ක්‍රියාවලිට REM atonia කියලා කියනවා. මෙ ක්‍රියාවලිය වෙනස් විම REM Behavior Disorder කියලා කියනවා.මේ නිසා නිදි අංශභාගය නැති වුණත් සමහරු නින්දෙන් බය විම , නපුරු ලෙස හැසිරිම වෙන්න පුලුවන්.
ඉතිං අපි දන්නවා හිත කොටස් දෙකයි.. උඩු හා යටි හිත. ගැඹුරු නින්දෙන් අපි යටි සිත අවධි කරනවා. (එකන.ේ මෝහනය කරනකොට කෘතිම නින්දක් දෙන්නේ) යටි හිතෙන් අපේ අවයව වලට අණ දෙන්නේ නෑ. ඉතිං ගැඹුරු නින්දේ ඉද්දි ඇහැරුනොත් යටි සිත අඩපණ වෙලා උඩු හිත පාලනය ගන්න වේලාව වෙනකං මේ නිදි අංශභාගය ඇති වෙනවා. මේක වෙන්නේ තප්පර ගාණක් හෝ විනාඩි දෙකක් වගේ කාලයක් ඇතුලත.එත් ඔයාට හිතේන්නේ පැයක් වගේ කියලා.

දරුණු පැතිකඩක් නැත්තේ නෑ
එ මොකක්ද දන්නවද ගැඹුරු නින්දේ ඔයා විනාඩි 15 වගේ හිටියොත් ඔයා උදේ නැගිටිනකොට බෙල්ල උලුක් වෙලා.වෙලා තියෙනවා නේ.. (අර කොට්ට අවුවට දාන්නේ ඔයා) විනාඩි 20කට වැඩිය හිටියොත් 95% දුරට ඔයා ඇස් අරින්නේ නෑ පෙට්ටියටම තමා යන්නේ. යකෝ එ කියුවේ මැරෙනවා කියලා.(නින්දෙන් මැරුණා කියන්නේ මේකට)

මොන වයස් සීමාවද මේක තියෙන්නේ
අවුරුදු 22 ත් 32 අතර අයට වැඩි ලු. එත් හැමෝටම වෙන්න පුලුවන්..

හැමෝටම ?
ඔව්.. එත් DNA වලින් මේක ආපු අයට වැඩි.
මෙහෙමයි තව දෙයක් තියෙනවා . සමහරු ඉන්නවා තමන්ගේ ආත්මය / මනෝකාය ශරිරයෙන් පිට කරන්න ගැඹුරු නින්දේ දි.. ( මරණාසන්න අත්දැකිම් කියන්නේ මේකේම කොටසක්.) මේ මනස එලියට ගියාම ශරිරය එක්ක නුලකින් වගේ ශක්තියකින් බැදිලා තියෙන්නේ..(අධිමානසික විද්‍යාවෙ මේක පිළිගන්නවා / එඩ්ගා කේසි පවා) ඉතිං මේ මනෝ කාය නැවත ඇගට ඇතුල් වෙනකොට ඇහැරුනොත් නිදි අංශභාගය ම තමා.. එත් මනෝකාය ප්‍රක්ශේපණය නම් භයානකයි .. ඔයා පරක් වුනොත් මල ගිය කෙනෙක් ඇගට එන්න ඉඩකඩ හුගක් වැඩි..
සමහර අය නින්ද ගිහින් ඇහැරිලා ශරිරය හොලවන්න බැරි තත්ත්වයක් ගැන අහලා තියද ? (Have You Ever Heard Of A Situation Where Some People Fall Asleep And Wake Up Unable To Move Their Body?)

සමහර අය නින්ද ගිහින් ඇහැරිලා ශරිරය හොලවන්න බැරි තත්ත්වයක් ගැන අහලා තියද ? (Have You Ever Heard Of A Situation Where Some People Fall Asleep And Wake Up Unable To Move Their Body?)

සමහර අය නින්ද ගිහින් ඇහැරිලා ශරිරය හොලවන්න බැරි තත්ත්වයක් ගැන අහලා තියද ? (Have You Ever Heard Of A Situation Where Some People Fall Asleep And Wake Up Unable To Move Their Body?)

විසදුම්

සමහර අය නින්ද ගිහින් ඇහැරිලා ශරිරය හොලවන්න බැරි තත්ත්වයක් ගැන අහලා තියද ? (Have You Ever Heard Of A Situation Where Some People Fall Asleep And Wake Up Unable To Move Their Body?)
නිදි අංශභාගය හැදුන වෙලාවක මොකක්ද කරන්න ඕන
මේ වෙලාවෙදි ඔයාට ඔයාගේ අත පය හොලවන්නවත් බෑ. ඇගම හිරවෙලා වගේ. සමහර විට ඔයාට දැනෙනවා ඔයා ඉන්නේ අවධියෙන් බව. ඔයාට වට පිටත් හොඳට පේනවා වෙන්න පුලුවන්. මුලින්ම ඔයා මෙතනදි කරන්න ඕන ඔයාගේ හිත සංසුන් කරගන්න එක. කිසිම වෙලාවක බොරු බයක් හිතේ ඇති කරගන්න එපා මේක ඕනම කෙනෙක්ට ඇතිවෙන්න පුලුවන් තත්ත්වයක්. මේ වෙලාවට ඔයා උත්සහ කරන්න හිමීට තමන්ට හුරු කකුලේ මා පට ඇඟිල්ලක් සොලවන්න. අමුතුවෙන් හොය හොය කරන්න දෙයක් නෑ මාපට ඇගිල්ල හොලවන්න හැදුවොත් හෙලවෙන්නේ හුරු කකුලම තමා. ක්‍රමයෙන් ඔයාට කකුලම, කකුල් දෙකම, ඉණ, අත්, මුලු ඇඟම සොලවන්න හැකිවෙයි.  පොඩි කාලයක් මේකට ගතවෙන්නේ. #මතක තියාගන්න කරන්න හොඳම නැති දේ කලබල වෙන එකයි කෑගහන්න හදන එකයි.

කලබල උනොත් කෑගහන්න හැදුවොත් මොකක්ද වෙන්නේ?
මගේ කොණ්ඩේ ටිකක් දිගයි. සැරයක් මට ඕක උනාම කලබල උනා. මගේ කොන්ඩේ මගේම අතකට හරි ඇද පත්තට හරි හිර වුනා. මම දඟලද්දි මට හිතුනේ කවුරුහරි කොන්ඩෙන් ඇද්දා කියලා. මෙතනදි ඔයා කලබල උනොත් ඔයාට වෙන්නෙත් ඒක. ඔයා යක්ෂ අමනුශ්‍ය බයක් ඇති කරං නිකං බොරුවට හිතේ බය තැම්පත් කර ගන්නවා. ඊට පස්සේ දවස ගානේ මේ තත්ත්වය  ඇතිවෙන්න පුලුවන්. මොකද මේ ගැන නිකාං බොරු යක්ෂ බියක් මිනිස්සුන්ගේ හිතේ ඇති කරලා ගුරුකම් කාරයෝ මිනිස්සුන්ගේ සල්ලි ගසාකනවා.

දැනටත් හිතේ අමනුශ්‍ය බයක් ඇතිවෙලා නම් මොකක්ද කරන්නේ?
එළිය ටිකක් අඩු නයිට් බල්බ් එකක් නිදාගද්දි දාගන්න. එතකොට කලුවරේ පේනවා කියන ඔය බූත මනස්ගාත මොකුත් පේන්නෑ. අඳුරට යටි හිතේ බය ඇවිස්සිලා මනස්ගාත පේන්නේ.

මේක දෙයියන්ට භාර වෙලා පූජා පවත්වලා නවත්තන්න බැරිද?
හිත තමයි හැමදේකටම මුල. මේ වගේ දේවල් වලට මම දැකලා තියනවා සමහරු කාලි මෑණියන්ට කැවිලි පූජා තියනවා.  ඇප නූල් දානවා. ආරක්ෂාවල් යන්ත්‍ර සුර දානවා. සම්පූර්ණයෙන් මම බැහැර කරන්න කියනවා නෙමෙයි. මේකත් එක්තරා හිත සුවපත් කරන ක්‍රමයක්. ඊට වඩා මම නිර්දේශ කරනවා භාවනාවක් කරලා එහෙම නැත්තං කුසල කර්ම කරලා චිත්ත නිදහසට ළඟා වෙන්න පුලුවන්. ඒ හිතේ සැහැල්ලුව ඇති ඔය තත්ත්වය පාලනය කරන්න. ඒක වෙනම මාතෘකාවක්. ඒ ගැන පොතක් පතක් කියවලා බණක් දහමක් අහලා ඉගෙන ගන්න. මෙගෙන් අහන්න එපා.

මේක බරපතලද? වෛද්‍යවරයෙක් ළඟට යන්න වෙයිද?
මේ තත්ත්වය සාමාන්‍ය උනත් ඇතැම් කෙනෙක්ට දිගින් දිගට මේ තත්ත්වය ඇතිවෙන්න පුලුවන්. ඒ එක්ක මනසික තත්ත්වය පවා බිඳ වැටෙන්න පුලුවන්. 

මෙන්න මේක හරි වැදගත් සමහර කෙනෙක්ට අනාගතේදි ඇති වෙන්න පුලුවන්. නැත්තං දැනටමත් තියෙන්න පුලුවන්. ඒ තමයි ඔයා නැගිටිද්දි ඔයාගේ අතක් කකුලක් වගේ ශරීරයේ එක අංගයක් සම්පූර්ණනෙන් පණ නැති වෙලා. මෙහෙම වෙලා තිබුනොත් අනිවාරෙන් වෛද්‍යවරයෙක් හම්බෙන්න.  මොකද ඒක ස්නායු සම්බන්ධ ගැටලුවක් වෙන්න පුලුවන්. 

තව වැදගත් දෙයක් තියනවා. කාමරේ ඇද අවට ඔයාගේ බඩු මුට්ටු තියේනම් ඒවා ටිකක් දුරින් තියන්න. මොකද ඔයා දැගලුවොත් අතක් පයක් ඔලුව උනත් ඇනෙන්න පුලුවන්. ඒකෙන් ඔයාට තුවාල උනාම මිනිස්සු කියාවි යකා ගහලා කියලා. 😅
උපුටා ගැනීමකි..
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
සමහර අය නින්ද ගිහින් ඇහැරිලා ශරිරය හොලවන්න බැරි තත්ත්වයක් ගැන අහලා තියද ? (Have You Ever Heard Of A Situation Where Some People Fall Asleep And Wake Up Unable To Move Their Body?) සමහර අය නින්ද ගිහින් ඇහැරිලා ශරිරය හොලවන්න බැරි තත්ත්වයක් ගැන අහලා තියද ? (Have You Ever Heard Of A Situation Where Some People Fall Asleep And Wake Up Unable To Move Their Body?) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 30, 2020 Rating: 5

0 comments:

Post a Comment