වැඩිම උෂ්ණත්වය සහිත උණුවතුර ලිං 7 - මහඔය 🔥 (Mahaoya Hot Springs💧)

වැඩිම උෂ්ණත්වය සහිත උණුවතුර ලිං 7 - මහඔය 🔥 (Mahaoya Hot Springs💧)
අපි අද කතා කරන්න යන්නේ අපේ රටේ තියන අපේ අවධානයට ලක් නොවූ ස්වභාවික සම්පතක් ගැන, ඒ තමයි උණුදිය උල්පත්. උණුදිය උල්පත් කියන්නේ ඉතා විරල ස්වභාවික සම්පතක්.

අපිට උණුවතුර ලිං කියපු සැනින්ම මතකයට එන්නේ ත්‍රිකුණාමලයේ කින්නියා උණුවතුර ලිං. මොකද ඒකනේ ගොඩක් ප්‍රසිද්ධ 

නමුත් ඔයාලා දන්නවද වැඩිම උෂ්ණත්වය සහිත උණුවතුර ලිං තියෙන්නේ මහඔයේ කියලා?? 

කොටින්ම කිව්වොත් අත දාන්නවත් බැරි උෂ්ණත්වයක්.

මහඔය උණුදිය ලිං ශ්‍රී ලංකාවේ අම්පාර දිස්ත්‍රික්කයේ මහඔය නගරයේ සිට කිලෝ මීටර 2ක් පමණ ඇතුලට වන්නට පිහිටා තිබේ. 

වෙනස් උෂ්ණත්වයන්ගෙන් සමන්විත වූ උණුදිය ලිං 7කින් යුක්ත මෙහි වැඩිම උෂ්ණත්වය සෙල්සියස් 56ක් පමණ වේ.

මෙය නගරාසන්නයේ පිහිටා තිබීමත් නිහඩ පරිසරයක පිහිටා තිබීමත් නිසා සංචාරකයන්ට අපුරු තෝතැන්නක් වී ඇත. බොහෝ දෙනාගේ ආකර්ෂණය දිනාගෙන ඇති මෙය නැරඹීමට පැමිණිය යුත්තේ අම්පාර දිස්ත්‍රික්කයේ මහඔය නගරටය.

මෙහි නෑමට රුපියල් 50ක මුදලක් අය කරනවා. Tickets එකක් අරන් තමා නාගන්න ඕනේ.

මුහුදූ මට්ටමේ සිට අඩි 100 ක් උසින් පිහිටි සමතල බිමක පිහිටි අතර මෙහි ඇති මේ ළිං හතෙන් දෙකක් ජල ස්නානය කල හැකි උෂ්ණත්වයේ පවතින අතර අනෙක් ඒවායේ උණුසුම මදක් වැඩියි. 

කෙසේ වෙතත් ඉතා පිරිසිදු ජලයෙන් යුතු මේ ළිංවලින් මතුවන බුබුළු කිහිපයක වායුමය ප්‍රභවයක් දක්නට ඇත.සාමාන්‍ය උෂ්ණත්වය සෙ.අ. 54 ක් හා පි.එච්. අගය 7.6 වන අතර නිදහස් කාබන්ඩයොක්සයිඩ් 0 ක් හා සාමාන්‍ය සාන්ද්‍රණය 990 කී. 

මුලින් සදහන් කලා වගේ මෙහි ඇති සමහර ළිං සදහා අතවත් දැමීමට නොහැකි තරම් උණුසුම වැඩිය.

Mahaoya Hot Springs 🔥💧

Mahaoya Hot Springs is located about 2km off Mahaoya town. This is said to be the hottest spring of all the hot springs on Sri Lanka. Here you will find well maintained 7 wells with different temperatures. The temperature of the hottest well is about 56C (133F). Only two wells are of bathing temperature. You can see continuous evaporation of steam from the other wells.

The wells are maintained by a local government body and and a levy of Rs 50/- is charged to visit the bath. This is charged in form of parking fees for the vehicle. The caretaker of the wells who also issue parking tickets has few buckets in his room and gladly provide them for you.

Due to the Tamil LTTE terrorists, this area was cut off for the general public for a long time and since the destruction of the LTTE, this area has access able again.

How to get there
Three roads lead to Mahaoya Junction. One from Batticaloa, another from Ampara and the other from Mahiyangana.

The by road leading to the wells are on the Mahiyangana road (Arannaganwila Rd) 400 meters from the junction. There is a display board at the turn off to Arannaganwila Rd. Travel approx 2 km on this road and take a right turn. The wells can be reached by travelling 400 metres on this lane.
වැඩිම උෂ්ණත්වය සහිත උණුවතුර ලිං 7 - මහඔය 🔥 (Mahaoya Hot Springs💧)

වැඩිම උෂ්ණත්වය සහිත උණුවතුර ලිං 7 - මහඔය 🔥 (Mahaoya Hot Springs💧)

වැඩිම උෂ්ණත්වය සහිත උණුවතුර ලිං 7 - මහඔය 🔥 (Mahaoya Hot Springs💧)

වැඩිම උෂ්ණත්වය සහිත උණුවතුර ලිං 7 - මහඔය 🔥 (Mahaoya Hot Springs💧)
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
වැඩිම උෂ්ණත්වය සහිත උණුවතුර ලිං 7 - මහඔය 🔥 (Mahaoya Hot Springs💧) වැඩිම උෂ්ණත්වය සහිත උණුවතුර ලිං 7 - මහඔය 🔥 (Mahaoya Hot Springs💧) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 16, 2020 Rating: 5

0 comments:

Post a Comment