යටි සිත අවදි කරන්න විශ්වයේ සුදුසුම තැන මෙන්න

දුටුගැමුණු රජු රුවන්වැලි සෑ රදුන් ඉදිකිරීමට මුල්ගල තැබුවේ ක්‍රිස්තු පූර්ව 149 ඇසළ මස (ජූලි 30 වන) උදෑසන හයට යෙදුනු සුබ මොහොතෙනුයි. එදින පැවති කේන්ද්‍ර සටහන අනුව, ග්‍රහ වළල්ලේ රජු වූ රවි ග්‍රහයා සිටියේ තම රාශිය වූ සිංහ රාශියේයි. ග්‍රහ වළල්ලේ රැජිණ හෙවත් මව වූ චන්ද්‍රයා සිටියේ රවි දෙස බලාගෙනයි. මුල්ගල තැබූ නැකත කියනුයේ, යටි සිත නම් වන උප විඥානය අවදි කරලීමට මේ මහා විශ්වයේ වඩාත්ම සුදුසු ගැළපෙන ස්ථානය වනුයේ මෙම සුබ භූමියම වන බවයි. හෙළබිමේ ආධ්‍යාත්මික බල කේන්ද්‍රය රුවන්වැලි මහා සෑයයි. මහා සෑය මේ මොහොතේ යම් පණිවුඩයක් නිකුත් කරමින් සිටියි. මේ එම පණිවුඩයයි. මහා සෑය වදාරනු ලබන මෙම ප්‍රකාශය වටහාගත යුතු ආකාරයක්ද තිබේ. ඒ මෙම ආකාරයටයි. ලෝකය සහ මනුෂ්‍ය වර්ගයා මූලික විවරණයන් දෙකකට අයත්වෙයි. ඒ මෙම විවරණයන් දෙකටයි.

භෞතික සිද්ධාන්ත මත පිහිටා කරන විවරණය.
ආධ්‍යාත්මික සිද්ධාන්ත මත පිහිටා කරන විවරණය.

ලෝකය මේ මොහොත වනවිට භෞතික සිද්ධාන්ත මතින් කරන විවරණ තුළ පවතියි. එම භෞතික ලෝකයේ ආධ්‍යාත්මික වටහාගැනීම්වලට ඉඩකඩක් හිමි නොවෙයි. මෙම භෞතික වටහාගැනීම් විශ්ව නියමයන් දෙකක් ප්‍රතික්ෂේප කරනු ලබයි. ඒ මෙම නියමයනුයි.

විශ්වයේ පවත්නා දිව්‍ය බලය.
විශ්වයේ පවත්නා උතුම් චේතනා.

මනුෂ්‍ය වර්ගයා කටයුතු කරනුයේ මෙම නියමයන් මත පිහිටායි. මෙම නියමයන් මනුෂ්‍ය වර්ගයා ලෝකවල් දෙකකට අයත්වන බව දක්වයි. ඒ මෙම ආකාරයටයි.

ඉන්ද්‍රීය විෂයවූ දෘෂ්‍යමාන ලෝකය.
ඉන්ද්‍රීය විෂය නොවූ අදෘෂ්‍යමාන ලෝකය.

දෘෂ්‍යමාන ලෝකය සැමවිටම නිවැරදි නොවෙයි. අදෘෂ්‍යමාන ලෝකය සැමවිට වැරදිද නොවෙයි. දෘෂ්‍යමාන ලොව විද්‍යාව මත පිහිටා තර්ක ගොඩ නගයි. අදෘෂ්‍යමාන ලොව විද්‍යාවට හසුනොවන ගුප්ත ලොව සිට තර්ක ගොඩ නගයි. මෙම දෘෂ්‍ය සහ අදෘෂ්‍ය ලෝකයන් විශ්වාසයට ගැනුමට එක් සම්මතයක් මත පිහිටිය යුතුයි. එයට කියනුයේ මධ්‍යස්ථභාවය යන නමයි. මෙම මධ්‍යස්ථභාවය මත රැඳුණු කල විද්‍යාවද ඉන්ද්‍රිය ගෝචර නොවන අවස්ථාවකට පත්වන බව දැකිය හැකියි. ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන විද්‍යාත්මක පර් යේෂණයන් සත්‍ය බව තහවුරු කළද එය පංචේන්ද්‍රියන්ටත්, සූක්ෂ්ම කෘත්‍රිම උපකරණවලටත් හසු නොවෙයි. මෙය වෙනස්වූ නමකින් හඳුන්වයි. ඒ සංඛ්‍යා ධර්ම යන නමිනුයි. සංඛ්‍යා ධර්ම උපදින්නට ගෝචර නොවන බලවේගයන් ලොව පවතින බව ඉන්ද්‍රගුරුළු ශාස්ත්‍රය දක්වයි. එම ක්‍රමය ව්‍යවහාරික නොවන රූපක දහසක් ලොව ඇතිබව දක්වයි. මනුෂ්‍ය ලොව පාලනය කරනුයේ එම සංඛ්‍යා නාම දහස උපයෝගී කර ගැනීමෙනුයි. එම දහස අතර වඩාත් ප්‍රබල සංඛ්‍යා නාම තුනක් පවතියි. ඒ මෙම නාමයනුයි.

රහස
බලය
යුද්ධය

මේ ඉන්ද්‍රගුරුළු ශාස්ත්‍රයයි. ඉන්ද්‍රගුරුළු ශාස්ත්‍රය තාරකා විද්‍යාව සමග බිහිව තිබෙයි. ඉන්ද්‍රගුරුළු ශාස්ත්‍රය වස්තූන්ගේ ප්‍රමාණයත්, ජ්‍යාමිතික සංබ්‍යා ගැනත් උගන්වයි. එය ලොව දාර්ශනික මතද ඉක්මවා යයි.මෙය ලබාදෙනුයේ මිනිසකුගේ මානසික ශක්තීන් පිළිබඳ අවබෝධයයි. එය මනුෂ්‍ය ප්‍රාණීන්ට අයත් ලෝක තුනකට සම්බන්ධ වෙයි. එම ලෝක මෙසේයි.

දේවත්වය පිළිබඳ ලෝකය
චෛතසිකය පිළිබඳ ලෝකය
ද්‍රව තත්ත්වය පිළිබඳ ලෝකය

මෙම ලෝක තුන එක සමාන කොටස් නවයකට බෙදෙයි. එතුළ සිටින සියලුම ප්‍රාණිහු පුද්ගලිකව තම තමන්ගේ මානසික ශක්තීන් මගින් එම ලෝක තුන සමග ගනුදෙනු කරති. ඒ ක්‍රම විසි හතකටයි. එම විසිහත මෙසේ දැක්විය හැකියි.ඒකත්වය, මූලසත්‍යය, ස්වර්ගලෝක, අදිටන් බලය, මවු තනතුර, පොළවේ ප්‍රාණය, අකර්මය, ප්‍රාණය ගෙනදෙන බලය, ක්‍රියාකාරිත්වය, මැවීමේ බලය, යමක නොපෙනෙන පැත්ත, ක්‍රියාවේ බලය, බුද්ධිමත්කම, ඇහීම, පිරිසිදු ප්‍රේමය, ඇදීමේ කාන්දම් ශක්තිය, කාම ප්‍රේමය, ධර්මය, චෛතසික ආලෝකය, නිවාඩුව හෝ ජය, ධර්මිෂ්ඨකම, ආකර්ෂණ බලය, ගස්වැල් ආදීන්ගේ බෝවීමේ ශක්තිය, ප්‍රඥාව, මානසික ආලෝකය සහ ආරක්ෂාව.මේ පුද්ගල මානසික සංඛ්‍යාව මනින ක්‍රමයයි. එය මැන ගැනීමෙන් පසු එම තැනැත්තා ලෝක තුනට ගතිගුණ පරාවර්තනය කරන ආකාරය, ලෝක තුන සමග හැසිරෙන ආකාරය සොයාගත හැකියි. එය අංශ දෙකක් දක්වයි. ඉන් එකක් මිනිස් සිත බාහිර ලෝකයට පෙන්වන මුළාව සහ නොපෙන්වන ඇත්තයි.මෙම පෙන්වන මුළාව සහ නොපෙන්වන ඇත්ත අතර රුවන්වැලි මහ සෑය මේ මොහොතේදී දෝලනය වෙමින් පවතියි. රුවන්වැලිසෑය ඉදිකිරීමක බුද්ධිමත් සංකේතයයි. එම බුද්ධිමත්කම කොටස් දෙකකින් යුක්තයි. ඉන් එක් කොටසක් වනුයේ ධාතූන්ගේ ශක්තියයි. අනෙක් කොටස විද්‍යාත්මක පදනමේ ශක්තියයි. මෙම ශක්තීන් තුළ එක් විශේෂත්වයක් පවතියි. ඒ ඇසට නොපෙනෙන බලයන් ගැබ්ව පැවතීම සහ එම බලයන් අධ්‍යාත්මික කියැවුමක්ය යන හෙළිදරව්වයි. එම හෙළිදරව්ව තුළ කියැවෙන ප්‍රබල ශක්තියේ සාධකයන් මෙසේයි.යොදාගනු ලබන ස්වභාවික අමුද්‍රව්‍ය විද්‍යුත් බලයක් ලෙස ක්‍රියාකරමින් ශක්තිය සපයනු ලබයි.මෙම අවස්ථාව විශේෂයි. එම විශේෂත්වයට හේතුව වනුයේ සෑය නිර්මණයේදී යොදාගත් රත්‍රන්, රිදී, තඹ, මැණික්, පළිඟු වැනි යම් යම් රසායනික සංයුතියන් අඩංගු වස්තූන් සමූහයයි. සෑය නිර්මාණයට යොදනු ලැබූ ස්වභාවික අමුද්‍රව්‍ය විද්‍යුත් පරිපථයක් ලෙස ක්‍රියාකරයි.

ඒ රුවන්වැලි සෑයේ කොත් කැරැල්ලේ ඉහළ සිට පහළට දිවෙන තඹ කූර ඔස්සේයි. මෙම තඹ කූර සෑයෙන් ඉහළ විශ්වය සහ සෑයෙන් පහළ පොළව එකිනෙක හා සම්බන්ධ වෙයි. මෙමගින් ආකාශයේ ශක්තියත්, පොළවේ ශක්තියත් එකිනෙක සමගින් එකතුවෙයි. එසේ එකතුවනුයේ නොපෙනෙන ශක්තීන් සමූහයයි. එය ගුප්ත ශක්තීන් ලෙස හඳුන්වනු ලබයි. මෙහි සිදුවන ක්‍රියාව වනුයේ ආකාශයේ ශක්තීන් පොළවටත්, පොළවේ ශක්තීන් ආකාශයටත් බෙදාහැරීමයි. එය අන්තර් හුවමාරුව යන නම ගනියි.නිරන්තරව සිදුවන මෙම ශක්ති හුවමාරුව තුළ තවත් විශේෂ දෙයක් සිදුවෙයි. ඒ සෑය වටා සහ සෑය ආසන්නයේ නිශ්චිත සීමාවක් තුළ එම ශක්තීන් පැතිර යාමයි. ආධ්‍යාත්මික බලගැන්වීමකින් හෙබි මෙම ශක්ති කළාපය තුළ රැඳී සිටින්නන්ගේ සිතුවිලි තරංග සහ ශරීරයෙන් විහිදෙන රශ්මි තරංග සමගින් එම ආධ්‍යාත්මික බලගැන්වීම සම්බන්ධ වෙයි. ගනුදෙනු කරනු ලබයි. එනම්, නොපෙනෙන ශක්තීන් හෙවත් ගුප්ත ශක්ති ලෝකය හෙවත් පරිසර පද්ධතිය තුළ සිටින මිනිසුන් සමග ගනුදෙනුවක නියැලීමයි.මනුෂ්‍යයා අසම්පූර්ණ ක්‍රියාවන්ගෙන් පරිපූර්ණයි. සම්පූර්ණ ක්‍රියාවන්ගෙන් අසම්පූර්ණයි. අසම්පූර්ණ ක්‍රියා සම්පූර්ණකර ගැනුමට ගුප්ත දර්ශකය ලබාගත යුතුයි. එය ලැබිය හැක්කේ පොළෝ තලයේදී පමණයි. එයට මහඟු මානසික ගුරුකම් රැසක් ප්‍රගුණ කළ යුතුයි.

මානසික ගුරුකම් ප්‍රගුණ කරන තෙක් මනුෂ්‍යයා අසම්පූර්ණ සත්ත්වයෙකු ලෙසට සැලකෙයි. එහි අර්ථය සම්පූර්ණත්වයට පත්වෙමින් සිටින සත්ත්වයෙකුය යන්නයි. මනුෂ්‍යයා වැඩෙමින් පවතියි යන්න අර්ථ ගන්වනුයේ, චෛතසික සත්ත්ව පිණ්ඩයක්ය යන්නයි. එය විඥාන, උප විඥාන සහිතයි.ලෝකය ඊතර් නම් ධාතුවෙන් පිරී පවතියි. මනුෂ්‍ය විඥානය පවතිනුයේ මොළයේ පවත්නා ඊතර් නම් ධාතුවෙන් පහළට වන්නටයි. එය කියනුයේ මනුෂ්‍යයාගේ විඥානයේ අසම්පූර්ණ භාවයයි. අසම්පූර්ණ විඥානය සම්පූර්ණ කර ගැනුමට ක්‍රම තුනක් නියමයන් මෙසේ දක්වයි.

ලෝක කුහරය සමග සම්බන්ධ විය යුතුයි. එය නිශ්චලත්වය නමින් හඳුන්වයි.
සිතක්, සිතක් සමගින් සම්බන්ධ විය යුතුයි. එය සඤ්ඤක ඥානය නම් වෙයි.
විඥානය සමග සඤ්ඤක ඥානය සම්බන්ධවීම තත්ත්ව දර්ශකය නම් ගනියි.

උප විඥාන ඉතා බලසම්පන්නයි. ඒ යටි සිතේ බලවන්තකමයි. උප විඥානය හෙවත් යටි සිත සැමවිට විශ්වයට විවෘත වෙයි. එමගින් ස්වභාවික සම්බන්ධතාවක් ඇතිවෙයි. එය විශ්වයේ ආත්මය කියනු ලබන පණිවුඩය පහසුවෙන් වටහා දෙයි.මෙය දිව්‍යමය තත්ත්වයන් ලෙස හඳුන්වයි. දිව්‍යමය තත්ත්වය ඵමගින් ලබාගත හැකි බව ඉන් පැහැදිලි වෙයි. සියලු විද්‍යාත්මක සහ ආධ්‍යාත්මික නියමයන් සනාථ කරනුයේ රුවන්වැලි සෑ ශක්ති කලාපය එබඳු ශක්තීන් වලින් ගහණ බවයි. එම දිව්‍යමය ශක්තිය රුවන්වැලි සෑ ශක්ති කලාපය තුළ රැඳෙන මිනිසාගේ පෞද්ගලික්වයේ බලය අබිබවා යන බචයි. විශ්වයේ නොනැසී පවතින ප්‍රඥාව, බලය, සහ සත්‍යය එමගින් හිමිකර ගත හැකි බවයි. එය දෙනෙතින් නොදකින, මනසින් දකින තත්ත්වයක් වෙයි.

රුවන්වැලි සෑ රදුන් අභියසදී ලබන යම් ආධ්‍යාත්මයක් වේද, එය දිව්‍යමය තත්ත්වයන් ලැබීමක් වෙයි. එය ලැබීමට නම්, මිනිස් සිත් අාධ්‍යාත්මික ක්‍රියාවන්හි යෙදිය යුතුයි. රුවන්වැලි සෑ රදුන් සමීපයේ ආධ්‍යාත්මික භාවයන් වැඩවීමෙන් මෙම දිව්‍යමය තත්ත්වයන් ලැබිය හැකි බව සෑ රදුන් වදාරයි. එයට ඉන්ද්‍රියන් මැඩ පවත්වා ගත යුතුයි. මැඩ පැවැත්වූ ඉන්ද්‍රියන් එක් අරමුණක තබාගත යුතුයි. චිත්ත ඒකාග්‍රතාව වැඩීම කළ යුතුයි. සමාධිගත විය යුතුයි. මේ ස්වභාව ධර්මයේ ඒකාත්මික භාවයයි. රුවන්වැලි සෑ රදුන් යනු එයමයි. එය විශ්ව ශක්ති ගබඩාවක්ම වෙයි. මේ විශ්ව ශක්තිය රැඳුණු ස්ථාන කිහිපයකුයි.

බුද්ධත්වය ලැබූ ස්ථානය සහ වජ්‍රාසනය
රුවන්වැලි සෑය, ජේතවනාරාමය, මිරිසවැටිය
ශ්‍රී පාදය රැඳි සමනල කන්ද
ලකේගල, නාලන්දා ගෙඩිගේ, මානිගල
සක්වළ චක්‍රය, රන්මසු උයන
සීගිරි පර්වතය

ලොව බලවත්ම ශක්තිය බුද්ධ ශක්තියයි. එම ශක්තිය සක්වළ පුරා පැතිර පවතියි. ශක්තිය පැතිරුණු සක්වළ, තල තුනකින් සමන්විතයි. ඒ මෙම ආකාරයටයි.

රුවන්වැලිසෑය පිහිටි මනුෂ්‍ය ලෝකය
සිළුමිණි සෑය පිහිටි දිව්‍ය ලෝකය
සළුමිණි සෑය පිහිටි බ්‍රහ්ම ලෝකය

මෙහි එක් පොදු විශේෂත්වයක් දැක්වෙයි. ඒ ලෝකවල් තුනේ පිහිටි සෑ රදුන් වහන්සේලා එක රේඛාවක් මත පිහිටීමයි. ඒ පොළව සහ අවකාශය එකිනෙක සමග සම්බන්ධ කරමිනුයි.

මේ ලෝක ධර්මතාවයි. එය ශක්තියේ නියමයයි. ශක්තිය ගලායනුයේ පහළ සිට ඉහළට යන්න ඉන් කියැවෙයි. ශක්තිය උපදිනුයේ පෘථිවියෙනුයි. එනම්, මනුෂ්‍ය තලයෙනුයි. මනුෂ්‍ය තලයෙන් එම ශක්තිය දිව්‍ය ලෝකයට ගමන් කරයි. දිව්‍ය ලෝකයෙන් එම ශක්තිය බ්‍රහ්ම ලෝකයට ගමන් කරයි. එනම්, රුවන්වැලි සෑයෙන් සිළුමිණි සෑයටත්, සළුමිණි සෑයටත් ගමන් කිරීමයි. මේ යටතේ වටහාගත යුතු රහසක් පවතියි. ඒ මෙම රහසයි.රුවන්වැලි සෑයෙන් උපදවන ශක්තිය සහ එහි ක්‍රියාකාරිත්වය සමාන වනුයේ මනුෂ්‍ය තලයේ සිටින ජීවීන්ට සහ එම අයගේ ඕරාවට, දැනුමට, විඥානයට සරිලන ආකාරයටයි. ප්‍රමාණයටයි. එතනින් ඉහළ තිබෙනුයේ දිව්‍ය තලයයි. එම තලයේ ශක්තිය දිව්‍ය තලයේ ජීවීන්ට ගැළපෙන ආකාරයට සැකසෙයි. ඉන් ඉහළ බ්‍රහ්ම තලයයි. එම තලයේ ශක්තිය සැකසෙනුයේ බ්‍රහ්ම තලයේ ජීවින්ට ගැළපෙන ආකාරයටයි.මේ තත්ත්වය මධ්‍යස්ථ භාවයකින් යුක්තයි. විශ්වය එය ඇතිකර තිබෙනුයේ ඉතාම ක්‍රමානුකූල ආකාරයටයි. එය හැමවිටම ගෙන දෙනුයේ පැහැදිලි ගැළපුමකුයි. බුදුරදුන් මනුෂ්‍ය ලෝකයටත්, දිව්‍ය ලෝකයටත්, බ්‍රහ්ම ලෝකයටත් වෙන් වෙන් ධර්ම කොටස් දේශනා කරනු ලැබුවේ එම හේතුවෙනුයි.

මෙම සියලුම ශක්තීන් එක් කර ශක්ති පතුරුවාලනුයේ රුවන්වැලි සෑයේ තැන්පත් කර ඇති ද්‍රෝණයක්වූ සර්වඥ ධාතූන් සමූහයයි. මෙම ධාතූන් වහන්සේලා සුවිශේෂී හැකියාවන්ගෙන් යුක්තයි. ඒ සොබාදහම පාලනය කිරීමට සහ මධ්‍යස්ථව තබාගැනීමට ඇති හැකියාවයි. එය රුවන්වැලි සෑයේ බලගැන්වූ ධාතූන්ගේ ශක්තිය, අාධ්‍යාත්මික භාවය, ආරක්ෂා කරවයි. ඉහළ නංවයි. විද්‍යාත්මක භාවයන් අාධ්‍යාත්මික භාවයන්ට සමපාත කරවයි. පැවති ස්වභාවික තත්ත්වයන් සුරකියි. ලංකා භූමිය තුළ බලතුලනය සැමකල්හි පවත්වා ගනියි.

සොබාධර්මය තුළ තුලිත වෙමින් සිටිය යුතු මනුෂ්‍ය වර්ගයා සියලු විකෘති ස්වභාවයන්ගෙන් ආරක්ෂා කර යහපත්ව පවත්වා ගනියි. නිරන්තර ශක්තිය වඩවන, වඩවන ශක්තිය පොහොසත් කරවන, එම ශක්තීන් ගබඩා කරවන, ගබඩා කළ ශක්තීන් විශ්වයට, විශ්වයේ ජීවීන්ට කවන සර්වඥ ධාතූන් විශ්වයේ සියලු ශක්තීන් අබිබවා සිටියි.සෑ රදුන්ගේ ගැබ්ව පවතින ශක්තීන්ට යම් නොගැළපුමක්, අහිතකර තත්ත්වයක්, බාධාවක් සිදු නොවිය යුතුයි. එවන් දෙයක් සිදුවනුයේ සෑයේ වාස්තු විද්‍යානුකූල තත්ත්වයන් නොතකා හැරීම තුළිනුයි. එහි මිමි යම් වෙනසකට ලක් කිරීමෙනුයි. සෑ ගර්භය අභ්‍යන්තරයේ තිබෙන්නාවූ යම් වස්තුවක, යම් ශක්ති ප්‍රභවයක, යම් සම්බන්ධතාවක හෝ වෙනත් දෙයක පවත්නා මුල් තත්ත්වය පවත්නා තත්ත්වයෙන් වෙනස්වීමක් සිදුවීම තුළින් හානිදායක තත්ත්වයක් ඇතිවෙයි. එය නැවත නිවැරදි කිරීම උගහට වනුයේ පෙර පැවති නිවැරදි පදනම පිළිබඳ දැනුවත් නොමැති නිසයි. මෙය යළි කිසිදින නිවැරදි කළ නොහැක්කක් වනුයේ එබැවිනුයි.මෙම විශ්වය චක්‍රයක් වෙයි. හිරු පිහිටියේ චක්‍රය මැදයි. විශ්වයේ සියල්ලට බලය සපයනුයේ හිරුයි. ග්‍රහලෝක භ්‍රමණය වනුයේ හිරු වටායි. සෑම ග්‍රහලෝකයක්ම කවචයක් සහිතයි. ග්‍රහලෝකයට නිශ්චිත ගමන් මාර්ගයක්ද උරුමයි. එම ගමන් මඟෙහිදී ග්‍රහලෝක හිරුට ළඟාවීම හෝ දුරස්වීම විශ්ව නියමයයි.මෙම විශ්ව නියමයේ පූර්ණ දිගහැරුම වනුයේ හිරුගේ චුම්බක ක්ෂේත්‍රයේ ප්‍රබලත්වය මත ඒ ඒ ග්‍රහලෝකයන්ට තිබෙන ස්වයං ගුරුත්වාකර්ෂණ බලයන් යම් වෙනසකට ලක්වීම සිදුවීමයි. එම තත්ත්වය ඒ ඒ ග්‍රහලෝකවලට අහිතකර තත්ත්වයන් උදාකරයි. 

ඒ ග්‍රහලෝකය දුර්වලවීමෙනුයි. එනම්, අඩු ගුරුත්වාකර්ෂණ බලයකින් යුතුවීමයි. එමගින් ග්‍රහ ලෝකයේ බලය හීනවෙයි. මෙය පෘථිවියට ආදේශ කළ විට පෘථිවි ග්‍රහයාගේ ගුරුත්වාකර්ෂණ බලය දුර්වලවීම ලෙස ගත හැකියි.විද්‍යාවේ විශ්වාසය මෙයයි. එය පිළිගත යුතුයි. පෘථිවි පෘෂ්ඨයේ සිට කිලෝ මීටර් සීයක් ඉහළින් මේ මහා විශ්වය පිහිටා තිබෙන බව නවීන විද්‍යාවේ පිළිගැනීමයි. විශ්වයේ දිගහැරුම කිලෝ මීටර් සියයේ සීමාවේ සිට ආලෝක වර්ෂ බිලියන් අනූ තුනක ප්‍රමාණයක් දක්වා පැතිරෙන බව එම නවීන විද්‍යාවම පිළිගනියි. ඒ විද්‍යාවෙන් දැනට හඳුනාගත් විශ්වයේ ප්‍රමාණයයි. මෙහි සත්‍යය වනුයේ විශ්වය එම දුර ඉක්මවා පැතිර පවත්නා බවයි.වත්මන් විද්‍යාවෙන් ගවේෂණය කළ හැකි විශ්වය ලෙස දැනට හඳුනාගෙන තිබෙනුයේ ආලෝක වර්ෂ බිලියන දහතුනයි. ඒ වත්මන් නවීන විද්‍යාවේ උපරිම හැකියාවයි. නවීන විද්‍යාව හඳුනා නොගත් තව බිලියන අසූවක් ඉතිරියි.මෙහි අනෙක් සත්‍යය මෙයයි. එම හඳුනාගත් බිලියන දහ තුන ඇතුළත ග්‍රහ ලෝක ට්‍රිලියන දෙසීයක් තිබෙන බව නවීන විද්‍යාව විශ්වාස කරයි. එහි අනෙක් සත්‍යය වනුයේ දැනට සොයා සිතියම් ගතකර තිබෙනුයේ ග්‍රාහක දාහක් පමණක් වීමයි. ඒ අතරින් මනුෂ්‍ය ජීවිතවලට බලපෑම් කළහැකි ග්‍රාහක ගණන දොළහයි. නවීන විද්‍යාවේ ළදරු භාවයට හොඳම උදාහරණය මෙයයි.
උපුටා ගැනීමකි....
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
යටි සිත අවදි කරන්න විශ්වයේ සුදුසුම තැන මෙන්න යටි සිත අවදි කරන්න විශ්වයේ සුදුසුම තැන මෙන්න Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 07, 2020 Rating: 5

0 comments:

Post a Comment