උත්කාපාතයක් වැටීමෙන් නිර්මාණය වූ - උස්සන්ගොඩ (Ussangoda)

උත්කාපාතයක් වැටීමෙන් නිර්මාණය වූ - උස්සන්ගොඩ (Ussangoda)

පිටසක්වල සබදතා ඇති බවට සැකයක් 👽👽

උස්සන්ගොඩ වනාහි දකුණු ශ්‍රී ලංකාවේ පිහිටි සුවිශේෂී පරිසර පද්ධතියකි. කොළඹ - වැල්වාය (AA2) මාර්ගයේ නෝනාගමට සමීපව පිහිටා ඇත.

විද්‍යාඥයින්ගේ මතය වන්නේ වසර මිලියන 15කට පමණ ඉහතදී උල්කාපාතයක් කඩා වැටීම නිසා මෙම භූමිය නිර්මාණය වී ඇති බවයි. මෙහි ඇති මදටිය ඇට මෙන් රතු  පැහැයෙන් යුතු පස් මත තැනින් තැන උණු වූ යකඩ නොහොත් පාෂාණ විශේෂයක් දැකගත හැකිය. උල්කාපාතයක්‌ පිපිරීමේ දී පිට වන අධික තාපය මඟින් පාෂාණ උණු වී ගොස්‌ මෙසේ සිදුව ඇති බව මෙම විද්‍යාඥයින්ගේ මතයයි.

අද වන විටත් මෙම භූමිය තුල ශාක නොවැඩෙන අතර තෘණ විශේෂයක්‌ අතරින් පතර තැන් කිහිපයක පවතින කුඩා පඳුරු කිහිපයක්‌ හැර වෙනත් ශාකයක් නොමැති තරම්ය. පිටසක්වළ ජීවීන් සමග සෘජු සබඳතාවක් පවත්වා ගන්නා බිමක් ලෙස හඳුන්වන උස්සන්ගොඩ වටා ගෙතී ඇති ජනකතා අතර හනුමන්තා ගෙන ආ බෙහෙත් කන්දෙන් පතිත වූ කුඩා කැබැල්ලක් ලෙසටත් හඳුන්වා දෙනවා. 

දුර්ලභ ඖෂධ වර්ග රැසක් දැකගත හැකි මෙම භූමිය ශ්‍රී ලංකාවේ 21 වැනි ජාතික උද්‍යානය ලෙස නම්කොට ඇත. උද්‍යානයේ දකුණු මායිම් ප්‍රදේශය තද බෑවුම් සහිත වන අතර ගල්පර වලින්ද  යුක්‌තය. එසේ විහිදී යන බෑවුම අවසානයේ මනරම් සාගර පරිසර පද්ධතියකට විවර වේ.  

උස්සන්ගොඩ ශ්‍රී ලංකාවේ පිහිටි සුවිශේෂී පරිසර පද්ධතියකි. මෙය අභය භූමියක් සේ නම් කර ඇති අතර හෙක්ටයාර 111 ක් ක පමණ ප්‍රදේශයක ව්‍යාප්තව ඇති ශුෂ්ක පරිසර පද්ධතියක පිහිටි දුර්ලභ  පුරා විද්‍යාත්මක උරුමයක් ලෙස සළකන ප්‍රදේශයකි. 

වසර මිලියන 15 කට පමණ ඉහත දී උල්කාපාතයක් කඩා වැටීම නිසා මෙම සුවිශේෂී භූමිය නිර්මාණය වී ඇති බවකි. පිළිස්සීම නිසා රතු පැහැ වූ පස ද උණු වූ පාෂාණ ද ඒ සඳහා සාක්‍ෂි සපයයි. මේ උද්‍යානය අසලම මුහුදු තීරයක් ද ඇත.

Ussangoda

Ussangoda is a designated archaeological site, situated on the Colombo – Kataragama road near Ambalantota – Nonagama Junction in Hambantota District of Sri Lanka. It is also a nature reserve and is located in the southern turtle breeding zones. Ussangoda is a patch of high ground by the sea and spreads over a significant area. Unlike the rest of the land surrounding, it is only covered with grass and a few pockets of pigmy forests. The summit of Ussangoda area pans like a plateau for a significant length.

Ussangoda is known for its unusual placement by soil structure, flora, and location. There are many folk stories related to this site which include different takes about the land. General belief is that it is a part of a meteor or a proximity to a meteor hit. The main rationale for this belief is the soils brick-like hard quality with a reddish colour which is unique to this patch of land. Some rocks and soil layers contain what some speculate to be remnants of an extreme heat (that can be caused by an event such as a meteor hit). 

It is also suspected that the soil has a high concentration of minerals/metals giving its unique colour. In several places, especially by the sea facing areas rocks and soil can be observed clearly having multiple layers usually with distinct colourization. It is however unclear whether these speculations have been tested in any proper scientific study at all. It can be also noticed that Ussangoda is located geographically closer to another archaeological site "Miniha Gal Kanda", where evidence for pre-historic human existence has been found.
උත්කාපාතයක් වැටීමෙන් නිර්මාණය වූ - උස්සන්ගොඩ (Ussangoda) - Your Choice Way

උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
උත්කාපාතයක් වැටීමෙන් නිර්මාණය වූ - උස්සන්ගොඩ (Ussangoda) උත්කාපාතයක් වැටීමෙන් නිර්මාණය වූ - උස්සන්ගොඩ (Ussangoda) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 20, 2020 Rating: 5

0 comments:

Post a Comment