අභිරහස් කුරුලු රුව සහිත - කුරුල්ලන්ගල 🕊🦅 (Kurullangala🗻)

අභිරහස් කුරුලු රුව සහිත - කුරුල්ලන්ගල 🕊🦅 (Kurullangala🗻)
අද අපි ඔයාලත් එක්ක බෙදාගන්නේ තවත් අපූරු තැනක් ඒ නමින් කුරුල්ලන්ගලයි.හරිහැටි නොවිසදුනු අභිරහස් මේ පුංචි ලංකාවේ තවමත් සැඟවිලා තියෙනවා.සමහර අභිරහස් අදටත් මිනිසුන්ගෙන් පවා දුරස්තයි.

ඇතැම්විට මේ වගේ ස්ථානවලට යන්න තිබෙන දුශ්කරකම නිසාම මේ තැන් ගැන දැනුවත්භාවය අඩුයි.

අන්න ඒ වගේ අභිරහස් අපූරු ස්ථානයක් පිළිබඳ තොරතුරු තමා මේ කුරුල්ලන්ගල..

කුරුල්ලන්ගල කියන්නේ ඌව පළාතේ පිහිටලා තියෙන පෞරාණික සිතුවම් පිහිටි ගලක්.

ඌව පළාත කියන්නෙම ලාංකීය රාජවංශයේ අභිරහස් ගොන්නක් සඟවාගෙන ඉන්න ප්‍රදේශයක්.

මේ පර්වතයට කුරුල්ලන්ගල කියන නම ලැබෙන්න ප්‍රධාන කරුණු දෙකක් බලපාලා තියෙනවා 

ඒ අතරින් එක් කරුණක් වෙන්නේ ලාංකිකයන්ට දැකගන්න පවා අපහසු දුර්ලභ කුරුල්ලන් විශේෂ මෙම ප්‍රදේශය තුළ දැකගන්නට ලැබීමයි. 

ඉතාමත් කුඩා කුරුලු විශේෂයක් ඒ වගේමයි තියුණු ශබ්දයක් ඔවුන්ගේ මුවින් පිට වන බවත් පවසනවා.

මේ විදියට කුරුල්ලන්ගල කියන නමින් හදුවන්නට හේතු වෙන දෙවකි කරුණ වෙන්නේ පර්වතයේ පිහිටි සිතුවම්ය. කඳුවැටියේ මුදුනට මීටර්100ක් වගේ දුරක් පහළින් මෙම සිතුවම් පිහිටලා තියෙනවා.මෙවැනි සිතුවම් අදටත් ලංකාවේ කිසිදු තැනෙක දැකගන්න ලැබෙන්නේ නෑ.

මෙකී සිතුවම් අතර මොණරකුගේ සිතුවම්,කුරුඵ පිහාටු,අත්ලක සටහන් ,ඉරි රටාවන්,වගේම පැහැදිළිව හඳුනාගන්න බැරි මැකීගිය සිතුවමුත් වෙනවා.

ඒ අතර හිස පෙදෙස මැකී ගිය උල් සහිත පිට සහ වළිගයක් ඇති උරඟකුගේ රූපයක් ද තිබෙනවා.

මේ ගල් තලාවේ තිබෙන සිතුවම් අතර ඇති සුවිශේෂි ලක්ෂණය වෙන්නේ සිතුවම් අලංකරණට සඳහා යොදා ගෙන ඇති සියුම් ක්‍රමවේදයයි.

ඒ අතර ඉරි රටා වෘත්ත සමචතුරස්‍ර භාවිතයෙන් රූප වටා අලංකරණය කර තිබීම සුවිශේෂිතයි. 

ඒ වගේමයි යොදාගෙන ඇති වර්ණයන්ද සියවස් ගණනාවක් පුරාවට අව් වැසි වලින් ආරක්‍ෂා වෙලා  පවතිනවා.විවිධ ශාකශාර භාවිතයෙන් සකසාගන්නා ලද රතු පැහැ 

තීන්ත විශේෂයක් මේ සඳහා යොදාගෙන තියෙනවා.ඒ වගේමයි ලොව පුරා තිබෙන කිසිඳු පැරණි සිතුවම් විශේෂයක සෘජු  අභාෂයක් කුරුල්ලන්ගල සිතුවම් තුළ දක්නට ලැබෙන්නේ නෑ.

විවිධ පරිහානියන්ට ලක්වෙමින් ශේෂ වුනු සිතුවම් 100ක් පමණ අද වෙනකොට කුරුල්ලන්ගල දක්නට ලැබෙනවා.

ඉතා දිගු ඉතිහාසයකට පෙර මෙරට වාස භූමි කොටගත් පිරිසක් විසින් මෙම සිතුවම් අඳින්නට ඇත. 

එහෙත් පුදුම සහගත කරුණක් වන්නේ  මෙම පර්වතයෙහි සිතුවම් නැරඹීමට ඉතා අපහසුවෙන් නැඟිය හැකි ස්ථානයටද අඩි 20ක් පමණ ඉහළින් ද සිතුවම් පැවතීමයි. මේ සිතුවම් ඇඳීම සඳහා කිසිඳු ආධාරකයක් ඒ අවට දැකගන්න ලැබෙන්නේ නෑ.

අද වෙනකොටනම් සිතුවම් නරඹන්න සංචාරකයින් ආකර්ෂණය වෙමින් පවතිනවා.ඒ අතිශයින් ම දුශ්කර ගමනක්හ. 

හරිහැටි අවබෝධයක් තොරව පෙර සූදානමක් වගේම මඟ පෙන්වීමක් නැතිව මේ ගමන යන එකනම් හරිම අවදානම්කඳුවැටිය පුරාවට ශුෂ්ක ශාකයන්ගෙන් පිරිලා.

බැලූ බැල්මට බොහෝම පොඩි දුරක් වගේ පෙනුනට ලොකු දුරක් ගෙවාගෙන මේ ගමන යන්න සිදු වෙනවා.එයත් සැබැවින්ස බොහෝ වෙහෙසකර ගමනක්සා.

ඇතැම් ස්ථාන පසු කිරීම සඳහා කඹ ආධාරකයන්  පවා යොදාගන්න සිඳු වෙනවා.එහෙම උනත් එවැනි ස්ථාන පසු කරන එක කෙසේවත් පහසු වෙන්නේ නෑ.මොකද බෑවුම ඉතා භයානක වන නිසා.

ඇඟේ ශක්තිය වගේම හිතේ ශක්තියත් මේ ගමනට අවශ්‍ය වෙන්නේ මෙන්න මේ නිසාමයි.

මේ විදියේ සැඟවිලා යන ලාංකීය පෞඩ ඉතිහාස තතු විස්තර කරන්න ලැබෙන එකත් ලොකු භාග්‍යක්. ඒ වගේම මේ ලස්සන තැන් බලලා ඒ සුන්දරත්වය විනාශ නොකර පරිස්සමින් එන්න..

පින්තූර මුල්හිමිකරු සතුයි 📸🙏

උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
අභිරහස් කුරුලු රුව සහිත - කුරුල්ලන්ගල 🕊🦅 (Kurullangala🗻) අභිරහස් කුරුලු රුව සහිත - කුරුල්ලන්ගල 🕊🦅 (Kurullangala🗻) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 11, 2020 Rating: 5

0 comments:

Post a Comment