තුම්පනේ මිනිස්සු කොළඹ බලන්න නැග්ග - අලගල්ල 🍃🌿🧗🏾‍♂️🌄 (Alagalla)

තුම්පනේ මිනිස්සු කොළඹ බලන්න නැග්ග - අලගල්ල 🍃🌿🧗🏾‍♂️🌄 (Alagalla)
බතට කන්න බැරි බතලේ ගල කන්ද
අලට කන්න බැරි අලගල්ලේ කන්ද
උණට කන්න බැරි හුන්නස් ගිරි කන්ද
මේ කඳු තුනට නායක සමනල කන්ද
මධ්‍යම කඳුකරයට හා සබරගමු කඳුවලට යාබදවා පිහිටි අලගල්ල කන්ද, මීටර් 1140 ක උසින් යුක්ත ය. අලගල්ල කන්ද නැරැඹීමට කැමැති ඔබට, ඒ සඳහා මාර්ග දෙකකින් පැමිණිය හැකි ය.

වර්ෂයේ වැඩි කාලයක් කැළෑවෙන් වැසී පවතින අලගල්ල කන්ද ගමන් මාර්ගය, පෙබරවාරි මාසයේදී අවට ගම් වැසියන් හෙළි පෙහෙළි කරයි. එයට හේතුව , පෙබරවාරි 04 වැනි දින, එනම් නිදහස් උත්සව දින දී, වාර්ෂිකව අලගල්ල තරණය කිරීම ය. නිදහස ලැබු දිනයේ පටන් අඛණ්ඩව මේ දක්වාම ශ්‍රී ලංකාවේ පැවත්වෙන, රාජ්‍ය අනුග්‍රහය නොලබන නිදහස් උත්සවය පැවැත්වෙන එක ම ස්ථානය මෙය වේ.

අපි කතාවටත් අහනවා නේද ගම තුම්පනේ ද කියලා. ඒකටත් හේතුව මෙන්න මේකයි. මොකද කොළඹ පැවති නිදහස් උත්සවේ බලන්න තුම්පනේ මිනිස්සු අලගල්ල කන්දට නැග්ගලු. කොළඹ පේනවා කියා සිතාගෙන 1948 ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය කිරීටයෙන් නිදහස් වී නිදහස ලබන මොහොතේ, කොළඹදී නිදහස් උත්සවය පවත්වන බවත්, එහිදී නිදහස ලබන බවත්, ලංකාව පුරාම ප්‍රචාරය වූ විට, තුම්පනේ සිටි මිනිසුන් කොළඹ යා නොහැකි නිසා, එම නිදහස් උත්සවය බැලීම සඳහා අලගල්ල කඳු මුදුනට නැග අවට බැලු බව සදහන් වේ.

විවිධ බටහිර ජාතිකයන්, උඩරටට එරෙහිව ආක්‍රමණ මෙහෙය වූ අවස්ථාවලදී, එල්ල කළ කැරලි රැසක් අසාර්ථක විය. එයට හේතුව ලෙස ඔවුන් දක්වන්නේ, උඩරට ජනතාව මේ කඳු ශිකරයේ සැඟ වී, එම ප්‍රහාරවලට ප්‍රති ප්‍රහාර දියත් කළ බව ය. උඩරට රාජධානියේ ආරක්ෂාව සඳහා ඉදි කළ, බලන බල කොටුව ද, අලගල්ල හා කඩුගන්නාව අතර පිහිටි නිසා, එහිදී ද සතුරාට එරෙහිව ආක්‍රමණ එල්ල කිරීමට අලගල්ල කන්ද බෙහෙවින් ඉවහල් වී තිබේ.

අලගල්ල කන්දෙහි උස ම ස්ථානය වන ශෛලම ශිඛරය තරණය කිරීම, පළපුරුදු අයෙකුට වුව ද තරමක අභියෝගයකි. ආනතව පවතින, තරමක සුමට ගල් තලාවක් ඔස්සේ අඩි 30 ක් පමණ උසක් නැගිමෙන් පසු, උරඟයකු මෙන් බඩගා උඩට නැගිය යුතු ය. පහළට නොපෙනුන ද, කඳු මුදුනේ සිය ගණනකට රැස් වීමට ඉඩ තිබේ. ප්‍රධාන ගල් තලාව අඩි දෙසීයකට පමණ දුරකට විහිදී යන අතර, එහි වන වදුල කිලෝ මීටර්යක් පමණ වැසී ගොස් ඇත.

කන්දෙ තවත් අන්තයක "පබ්බතාරාමය" කියන පන්සල පිහිටල තියෙනවා. කදු නගින්නන් නැගිය යුතුම හරි අපූරු කන්දක් මේක.

මේ ගැන කරපු ලස්සන vedio clip එකකුත් අපිට හම්ඹුණා... ඒකත් බලන්නකෝ
කොළඹ ඉදන් පැය දෙකක විතර කාලයකින් ඔබට දුම්රියෙන් අලගල්ල ආසන්නයට එන්න පුළුවන්. දුම්රියෙන් ඇවිත් "ඉහළ කෝට්ටේ" දුම්රිය ස්ථානය අසලින් බැහැපු ගමන්ම අලගල්ල කඳු මුදුන ඔබට දැකගන්න පුළුවන්.

Alagalla Mountain Range
Alagalla Mountain Range or “Potato Range” is situated at the boundaries of the Central and Sabaragamuwa Provinces in Sri Lanka. It has protected Buddhism and culture from the western powerful nations such as the Portuguese, Dutch and English for approximately five centuries as a natural barrier (1505–1948).

Most of the battles against invasions aimed at the Kandyan Kingdom by the western nations from time to time in their ruling period of maritime provinces happened at the Alagalla Mountains. Invading foreign armies were defeated by the battles at Balana (View Point) under the reign of Kandyan Kings. Balana fort was the main fortress established to protect the Sinhalese Kingdom from foreign powers, and is situated between Kadugannawa pass and Potato Range. When the English established themselves in Kandy, they started tea and coffee plantations in the area of the Colombo-Kandy railway line, which has cut through tunnels in the mountains.

උපුටා ගැනීමකි....
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
තුම්පනේ මිනිස්සු කොළඹ බලන්න නැග්ග - අලගල්ල 🍃🌿🧗🏾‍♂️🌄 (Alagalla) තුම්පනේ මිනිස්සු කොළඹ බලන්න නැග්ග - අලගල්ල 🍃🌿🧗🏾‍♂️🌄 (Alagalla) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 26, 2020 Rating: 5

0 comments:

Post a Comment