රන් පුහුලන් 4ක් සැගවු - අසුපිණි ඇල්ල (Asupini Ella)

රන් පුහුලන් 4ක් සැගවු - අසුපිණි ඇල්ල (Asupini Ella)
කෑගල්ලේ අරණායක උඩුවැල්ල කියන ප්‍රදේශයේ පිහිටා ඇති අසු පිණි ඇල්ල රසවත් ජනප්‍රවාදයන් සහිත දිය ඇල්ලකි. 

කොළඹ සිට අවිස්සාවේල්ල, කරවනැල්ල, ගිනිගත්හේන ,නාවලපිටිය, දොළොස්බාගේ, කුරුදුවත්ත මාතාගොඩ හරහා උඩුවැල්ලට ළඟා විය හැකි අතර, ගම්පොල සිට දොළොස්බාගේ, මාතාගොඩ හරහාද උඩුවැල්ලට පැමිණිය හැකිය.උඩුවැල්ලේ සිට අසුපිනි ඇල්ලේ සුන්දරත්වයත්වය විඳිනට මෙතරම් කටුක මගක් ගෙවා යා යුතුයි.

මහඔය ආරම්භයේ ඇති අහු පැනි ඇල්ල සම්බන්ධව ඇති ජනප්‍රවාද අතරින් වඩාත් ප්‍රචලිත ජනප්‍රවාදයේ පෙර විසූ රජතුමෙක් යුද වැදීමට යාමට පෙර සිය බිසෝවරුන් තිස් දෙනා මෙම ඇල්ලට උඩින් ඇති ලෙන තුළ රඳවා තමා දිනුවහොත් සුදු කොඩියක් මගින් සංඥා කරන බවත් පැරදුනහොත් කළු කොඩියක් මගින් සංඥා කරන බවත් දන්වා පිටත්ව ගොස් ඇති අතර අවසානයේ රජු යුද්ධයෙන් ජයග්‍රහණය කර සංඥාව එවූ පණිවිඩ කරු බීමත් ව වැරදීමකින් සංඥාව ලෙස කළු කොඩිය ඔසවා ඇති නිසා බිසෝවරුන් ඇල්ලෙන් පැන දිවි නසාගත් බවත් ඒ බව දැනගත් රජු ද සිය යුධ අසු සමගම ඇල්ලෙන් පහළට පැන ඇති බවත් සඳහන් වේ. 

එම අසු පැන්න ඇල්ල පසු කලෙක අසු පැණි ඇල්ල නම් වී ඇති බවත් මෙම ජනප්‍රවාදයට අනුව සඳහන් බිසෝවරු තිස්දෙනා සිටි ලෙන තිස් කුමාරී ලෙන ලෙසත් පැන දිවිනසාගත් ඇල්ල පහළ ජලාශය මිනීකදන්වල ලෙසත් හදුන්වයි.

උස අඩි 100ක් වගේ වුනාට මොකද අසුපිණි ඇල්ලත් වැස්ස වැඩි කාලෙට හරිම ලස්සනයි. දොලොස් බාගේ, මධගොඩ, උඩුවැල්ල ගමේ පිහිටල තියෙන මේ දිය ඇල්ලෙ තියෙන විශේෂත්වය තමයි එකපාර කඩෙ හැලෙන්නෙ නැතුව, හීන් සීරුවට සුදු පෙණ කැටි වලින් ගල් තලාව වහගෙන පහලට ගලා බහින එක. 

අසුපිනි ඇල්ල සම්බන්ධයෙන් ජනප්‍රවාදයේ පවතින තවත්  රසවත් කථාවක් ඇත. එක්තරා රජෙකු සතුරු කරදරවලින් බේරිම සඳහා අසුපිනි ඇල්ල අසල පිහිටි ලෙනක සිය පුරෝහිතයාත් සමග විත් වාසය කර ඇත. රජු සඳහා රන් ඇඳක් ද සැරසිල්ලක් ලෙස රන් පුහුල් හතක් ද තබාගෙන තිබිණි. රජතුමා එතැනින් ඉවත්ව ගිය පසු මේවා එසේම තිබී නිධානයක් බවට පත්විය.

මෙම නිධානය තවමත් ඇතැයි සමහරු මත පල කරතිවළගම්බා රජ ඉතිහාසයට උරුමකම් කියමින් අසු පැනි(පැන්න) ඇල්ල, නම ගත්තු අසු පිණි ඇල්ල හිමිදිරියට වගේම හවස් ජාමෙටත් හිරු කිරණින් හැඩ වෙන තවත් රමණීය දිය ඇල්ලක්.

Asupini Ella
Asupini Ella also sometimes referred to as Ahupini Ella is a waterfall which is located at Ganga Ihala Koralaya, Rakshawa in Aranayaka, Kegalle of Sabaragamuwa Province.The waterfall was named after a popular ancient fairytale story.It forms part of Maha Oya and it is considered as one of the tourist destination sites in Sri Lanka.

The waterfall was named after the story relating to the story of a king who had many queens, according to the ancient myth and tales. On his return from war, he assured them that he would give all his wives, a sign from the hills about the fate of the war. He said that if his soldiers waved a white flag over the hills, it would mean he was defeated and killed in action and further said that if he waved his own flag bearing his crest, that he was victorious. 

The king played a foul play on his wives, who were keenly waiting with their horses near the waterfall to see the visual message by waving a white flag. All of his wives committed suicide by jumping over the falls.
රන් පුහුලන් 4ක් සැගවු - අසුපිණි ඇල්ල (Asupini Ella) - Your Choice Way

රන් පුහුලන් 4ක් සැගවු - අසුපිණි ඇල්ල (Asupini Ella) - Your Choice Way

රන් පුහුලන් 4ක් සැගවු - අසුපිණි ඇල්ල (Asupini Ella) - Your Choice Way

රන් පුහුලන් 4ක් සැගවු - අසුපිණි ඇල්ල (Asupini Ella) - Your Choice Way

රන් පුහුලන් 4ක් සැගවු - අසුපිණි ඇල්ල (Asupini Ella) - Your Choice Way

රන් පුහුලන් 4ක් සැගවු - අසුපිණි ඇල්ල (Asupini Ella) - Your Choice Way

රන් පුහුලන් 4ක් සැගවු - අසුපිණි ඇල්ල (Asupini Ella) - Your Choice Way

රන් පුහුලන් 4ක් සැගවු - අසුපිණි ඇල්ල (Asupini Ella) - Your Choice Way
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
රන් පුහුලන් 4ක් සැගවු - අසුපිණි ඇල්ල (Asupini Ella) රන් පුහුලන් 4ක් සැගවු - අසුපිණි ඇල්ල (Asupini Ella) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 01, 2020 Rating: 5

0 comments:

Post a Comment