අංශක 360ක වපසරියක් පෙනෙන - බලතුඩුව (Balathuduwa Peak)

අංශක 360ක වපසරියක් පෙනෙන - බලතුඩුව (Balathuduwa Peak)
බලතුඩුව කන්ද යනු හෝටන් තැන්න බෑවුමේ පිහිටි රමණීය කඳුවැටියකි. මීටර 2000කට ආසන්න මේ කඳු වැටිය ආසන්නව ලෝකාන්ත බෑවුමේ පිහිටා තිබේ. මේ කරා යන මාර්ග දෙකක් පවතී. 

එකක් නම් පඹහින්න අන්තයෙන් පිවිස ආදර කන්ද හරහා ගමනයි. අනෙක නම් කළුපහන බඹරකන්ද සීමාව හරහා පිවිසීමයි. මේ මාර්ග දෙකෙන් කවරක් තෝරාගත්තද මේ කන්ද තරණය කර දිනකින් නැවත ඒම අමාරුය. 

බලතුඩුව කඳු මුදුනට ගිය කල අංශක 360ක වපසරියක දුර ඈත ක්ශිතිජ ඉම දක්වා ගොඩබිම්, කඳුවැටි ජලාශ සේම ලෝකාන්ත මායිම ද දර්ශනය වේ. දුරදක්නයක් ගෙන ගියහොත් බලතුඩුව මුදුනට ලෝකාන්තයේ පහළ බලන සංචාරකයින්ද බලාගත හැකිය.

කළුපහන අන්තයෙන් වංගෙඩිගල වංගෙඩිකන්ද තරණය කරන්නෝ බොහෝ වෙති. අනෙක් පසින් ආදර කන්ද අමාරුවෙන් තරණය කරන්නෝද බොහෝ වෙති. එහෙත් බලතුඩුව ගොම්මෝල්ලිය කඳු මුදුන් සොයා ඇදෙන්නෝ සිටින්නේ අතළොස්සකි. මන්ද එය තරමක් අමාරු කටුක ගමනකි.

බලතුඩුව ගිරි හිස මත ඇත්තේ කුඩා ඉඩකි. විටෙක කැරකෙන හුළං අපව ඒ ගිරි කුලෙන් පහළට තල්ලු කර දමාවිදෝ යි සැකයක්ද අපිට ඇති වේ. තද හුළං ඇති විටෙක නම් එය තරණය කිරීම අවදානම් කාර්යයකි. 

මේ සමගම ගොම්මෝලිය කදුවැටියද තරණය කිරීමට ද බොහෝ දෙනෙකු පුරුදු වී සිටි.

Balathuduwa peak
The Central Plains of Sri Lanka, The Most Beautiful part of the island. The magnificent natural beauty it holds not that easy to witness. You have to get into the wilderness and explore. This is one of the best hiking adventures you can take in Sri Lanka. If you are Hiking Enthusiastic and looking to explore the country all by your self. This is the best place for you. 

Wangdigala, Balathuduwa, Gonmolliya Mountains peak is challenging, but still its worthwhile. The Balathuduwa Mountain is the 14th highest peak of Sri Lanka. And these three mountain peaks are in the same mountain range. If you are up for this challenge, you’ll get to pass three mountain peaks and one night at the summit of the mountain.
අංශක 360ක වපසරියක් පෙනෙන - බලතුඩුව (Balathuduwa Peak)

අංශක 360ක වපසරියක් පෙනෙන - බලතුඩුව (Balathuduwa Peak)

අංශක 360ක වපසරියක් පෙනෙන - බලතුඩුව (Balathuduwa Peak)

අංශක 360ක වපසරියක් පෙනෙන - බලතුඩුව (Balathuduwa Peak)

අංශක 360ක වපසරියක් පෙනෙන - බලතුඩුව (Balathuduwa Peak)

අංශක 360ක වපසරියක් පෙනෙන - බලතුඩුව (Balathuduwa Peak)

අංශක 360ක වපසරියක් පෙනෙන - බලතුඩුව (Balathuduwa Peak)

අංශක 360ක වපසරියක් පෙනෙන - බලතුඩුව (Balathuduwa Peak)
උපුටා ගැනීමකි....
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
අංශක 360ක වපසරියක් පෙනෙන - බලතුඩුව (Balathuduwa Peak) අංශක 360ක වපසරියක් පෙනෙන - බලතුඩුව (Balathuduwa Peak) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 10, 2020 Rating: 5

0 comments:

Post a Comment