1වන රාජසිංහ රජුගේ දියණිය බිලිගත් - කුමරි ඇල්ල 🍃 (Kumari Ella)

1වන රාජසිංහ රජුගේ දියණිය බිලිගත් - කුමරි ඇල්ල 🍃 (Kumari Ella)
කුමාරි ඇල්ල අඹන්ගම ඔයේ සිසිලස පිරි දිය දහරින් පෝෂණය වුණු , මීටර් හතරක් පමණ උසින් යුතු කුඩා දිය ඇල්ලකි. 

ජනප්‍රවාදයකට අනුව සීතාවක රාජසිංහ රජුගේ දියණියක් නිසා මේ ඇල්ලට 'කුමාරි ඇල්ල' යන නම ලැබී තිබේ. 

තවත් පැහැදිලි කරොත් මෙම දිය ඇල්ලට කුමාරි ඇල්ල යන නම යොදා ඇත්තේ මායාදුන්නේ රජතුමාගෙන් පසු සීතාවක රජකම් කළ ටිකිරි බණ්ඩාර හෙවත් පළමුවැනි රාජසිංහ රජුගේ දූ කුමරිය නිසයි.

සීතාවක රජකම් කළ මායාදුන්නේ රජතුමාගේ කාලයේ සිටම මෙම ස්ථානය රජ පවුලේ දිය කෙළිනා ස්ථානයක්ව පැවැති බවත් විශේෂයෙන් රජ බිසෝවරු මෙහි දිය නාන්නට නිතර පැමිණි බවත් ජනප්‍රවාදයේ තිබේ.

එක්තරා දිනක කුමාරි නම් වූ රජුගේ දියණිය මේ දිය ඇල්ලෙන් දිය නෑමට ගොස් ඇත. ඇය එම ස්ථානයේ පිහිටි දිය වළක වැටී මරුමුවට පත්ව තිබේ. ඒ නිසා ම මේ ඇල්ල කුමාරි ඇල්ල වූ බව පැවසේ.

එදා සිට කුමරිය ගිලීමිය ගියා යැයි පැවසෙන වළ ‘කුමාරි වළ‘ ලෙසත් දිය ඇල්ල ‘කුමරි ඇල්ල‘ සහ ‘කුමාරි ඇල්ල‘ ලෙසත් හැඳින්වේ.

සීතාවක රාජධානිය පැවැති සමයේදී මේ අසල උමඟක් පැවැති බවට ද ජනතාව අතර විශ්වාසයක් පවතී.

මේ දියඇල්ල නිර්මාණය වන්නේ, ඇළවල් සහ ඔයවල්වල සිසිලසින් පිරි දිය දහරාවලිනි. ඇල්ල පිහිටි අවට පරිසරය ද අතිශයින් ම සුන්දර ය. බට, උණ, කැන්ද, කොස්, නා, පුවක්, රබර්, අඹ, සිංහල දෙල් ඈ නෙක් ගහකොළවලින් අවට පරිසරය වසාගෙන ඇත. 

මෙහි ඇති කුමාරි වළ නමැති ස්ථානය එම කාලවලදී අතිශයින් ම දැකුම්කළු ය. කුමාරි වළ, නාන තටාකයක් බඳු අපූර්ව පිහිටීමකි. එහෙත්, එම ස්ථානයේ නානවා නම්, අනතුරු සිදුවීමේ අවදානමක් ද පවතින බව සිහි තබාගත යුතු ය.

ගමන් මග - පුවක්පිටියේ සිට මේ මාර්ගයේ කිලෝ මීටර් 3 කට ආසන්න දුරක් පැමිණිවිට හමුවන හේවා ඉන්න පාරේ ටික දුරක් ගිය විට පාරට පහල බෑවුමේ කුමාරි ඇල්ල දැකගත හැකිය.

Kumari Ella

Kumari Ella is 4m (13 ft) waterfall in Puwakpitiya, Avissawella; just about an hour and a half of travel time from Colombo. This little cascade has a deep plunge pool at its base that is extremely dangerous to swim in. Kumari Ella gains its name from Kumari, the daughter of King Rajasinghe I of Sitawaka (he ruled in the mid to late 1500s), who died by drowning there.

The waterfall of Kumari Ella is quite powerful despite its being of very low in height. The reason for this is because the waterfall is created by four different streams joining near this point; which later meets up with the major river Kelani.
1වන රාජසිංහ රජුගේ දියණිය බිලිගත් - කුමරි ඇල්ල 🍃 (Kumari Ella) - Your Choice Way

උපුටා ගැනීමකි....
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
1වන රාජසිංහ රජුගේ දියණිය බිලිගත් - කුමරි ඇල්ල 🍃 (Kumari Ella) 1වන රාජසිංහ රජුගේ දියණිය බිලිගත් - කුමරි ඇල්ල 🍃 (Kumari Ella) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 30, 2020 Rating: 5

0 comments:

Post a Comment