දරුවන්ගේ අධ්‍යාපනයේ බාධා නසන ගණ දෙවියෝ

අධ්‍යාපන කටයුතුවල නිරත වන බොහෝ දූ දරුවන්ට එම කාලවකවානුව තුළ උදා වන්නා වූ විවිධ ග‍්‍රහ පිහිටීම් නිසා අධ්‍යාපන කටයුතුව බිඳ වැටීම සිදු වන අවස්ථා ඕනෑ තරම් ඇත. ඉතා දක්ෂ ලෙස ඉගෙනීමේ වැඩ කටයුතු කරගෙන යන බොහෝ දූ දරුවන් නොසිතන ආකාරයෙන් විභාගවලින් අසමත්ව අධ්‍යාපන කටයුතු එපා වන තරමටම කරුණු කාරණා යෙදෙන්නේ ද මෙකී අයහපත් ග‍්‍රහ පිහිටීම් හේතුවෙනි.

විශේෂයෙන්ම ඉගෙනුම් කටයුතුවල නිරත වන දරුවකුට රාහු පහවැන්නේ ගමන් කරන කාලය සෙනසුරු මහ දශාව උදාවීම කේතු මහ දශාව උදා වීම යනු ස්ථිර වශයෙන්ම අධ්‍යාපන කටයුතුවලට බාධා පමුණුවන කඩාකප්පල් කරන කාලවකවානු වේ.
මෙම කාලය කලින් හඳුනා ගෙන ඊට සුදුසු ප‍්‍රතිකර්ම වෙත යොමු වීම ඉතා අවශ්‍ය කරුණක් වන අතර එම කාලයන් පිළිබඳ අවධානය යොමු නොකර සිටීමෙන් අධ්‍යාපන කටයුතුවලින් බොහෝ උසස් ප‍්‍රතිඵල ලබාගත හැකි සිසු දරුවන් නිරපරාදේ එම කටයුතුවලින් මිදී අනාගතය අඳුරු කර ගැනීම දක්වා දුරදිග යනු ඇත.

එබැවින් ඔබේ දරුවාට එවැනි තත්ත්වයන්ට මුහුණ පෑමට සිදු වන අවස්ථා හඳුනාගෙන ඒ සඳහා සුදුසු ප‍්‍රතිකර්ම වෙත යොමු වන අතරතුර එලෙස උදා වන්නා වූ අසුබ කාලවකවානුවලින් එල්ල වන අධ්‍යාපනයේ බාධා ඔබට මෙලෙස මැඬ පවත්වා ගත හැකිය.

සතියේ බදාදා දිනයේ රාති‍්‍ර 10 න් පසු නිවසේ පිරිසිදු ස්ථානයක ගණ දෙවියන්ගේ ප‍්‍රතිමාවක් තබා උන්වහන්සේට කහමල්, එළඟි තෙල් පහනක්, සුවඳදුම් පූජා කර ඊතණ මාලයක් පළඳවා වන්දනා මාන කර පිං අනුමෝදන් කිරීමෙන් අනතුරුව නිවසේ සිටින සියලූම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට බලපන්නා වූ අයහපත් ග‍්‍රහතත්වයන් මෙන්ම අනෙකුත් සියලූ බාධක දුරු කර ඔවුන්ගේ අධ්‍යාපනයේ නිසි ජය ලබා දෙන මෙන් ඉල්ලා සිටිමින් මෙම ගාථා පාඨවලින් ද උන්වහන්සේ වන්දනා මානයට ලක් කිරීමෙන් බොහෝ උසස් ප‍්‍රතිඵල හිමිකර ගත හැකිවනු ඇත.
වන්දේ ගණේෂං දේවේන්ද්‍රන්
සර්ව විස්නා පහාරිණං
ආරක්‍ෂාං කුරුතාං මහ්‍යං
කාර්යකාර්යසු සර්වදා
සැම උවදුරු නසන – ගණදෙවි වඳිමි බැතියෙන
දී මට නිති රැකවරණ – සියලූ කටයුතු සඵල කළ මැන
උපුටා ගැනීමකි....
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
දරුවන්ගේ අධ්‍යාපනයේ බාධා නසන ගණ දෙවියෝ දරුවන්ගේ අධ්‍යාපනයේ බාධා නසන ගණ දෙවියෝ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 25, 2020 Rating: 5

0 comments:

Post a Comment