ඓතිහාසික පරමාකන්ද රජමහා විහාරය (Anamaduwa Paramakanda Cave Temple)

පරමාකන්ද රජමහා විහාරය ශ්‍රී ලංකාවේ වයඹ පළාතේ පුත්තලම දිස්ත්‍රික්කයේ ආණමඩුව පරමාකන්ද පිහිටි ඓතිහාසික බෞද්ධ පුදබිමක් වේ.

ඓතිහාසික අතින් ඉතා වැදගත් ස්ථානයක් ගන්නා පුරාණ පුදබිමකි. දැනට භාවිත වන පරමාකන්ද යන නාමය පරමේශ්වර කන්ද යන්නේ නිර්මාණය වූවක් යැයිද විශ්වාසයක් පවතී. තවද පරමකන්ද (උතුම් කන්ද) යන තේරුම් සහිතව මේ නම ලැබී ඇතැයි ද සැලකේ.

ක්‍රිස්තුපූර්ව 103-76 අතර කාලයේ වළගම්බා රජු විසින් ඉදි කෙරුණු බවට ශිලා ලේඛනවල සඳහන්.

තෝනිගල සෙල්ලිපියෙහි දැක්වෙන පරිදි වළගම්බා රජ සමයේදී මහාතිස්ස නම් හිමිනමක් විසින් පරමකන්ද විහාරය ගොඩනංවා තිබේ.

වළගම්බා යුගයෙන් පසු මහනුවර යුගයේ විමලධර්ම සූරිය රජතුමාගේ අවධියේ ලෙන් විහාර දෙකක් පිළිසකර කොට විහාරස්ථානයට පූජා කළ බව සෙල් ලිපියක ද සඳහන් වේ. පසුකාලීනව බු.ව. 2500 සමරමින් අලුත් විහාරයක්ද ඉදිකර තිබේ.

විහාරයේ ඉහල මළුවෙහි ගල් පර්වතය ආශ්‍රයෙන් තැනූ කුඩා බුද්ධ මන්දිරයක් දැකගත හැකිවේ. එහි සැතපෙන බුදු පිළිමයක් හා වියන් සිතුවම් පින්තාරු කොට තිබේ. මැදුරෙහි පිටත ගල් පර්වත මතුපිටෙහි සිරිපතුල් සළකුණක් නෙලා ඇත.

මෙම විහාර භූමියේ පිහිටි කටාරම් සහිත ලෙනක වූ ශිලා ලිපියක තිස්ස නම් නැවියෙක් පිළිබඳ සඳහනක් ද පවතී. ප්‍රතිමා ගෘහයේ සිට මීටර් තුනක් නැගෙනහිරට වන්නට ඇති ආසන්නයේ දාගැබ පිහිටා ඇත. එහි උස මීටර් අටක් ද විශ්කම්භය මීටර් හයක් ද වේ. මෙම විහාරය ආශ්‍රිතව කටාරම් ලෙන් හයක් පමණ වන අතර නටඹුන් වූ ගොඩනැගිලි කිහිපයක් ද ගිරි ලිපියක් හා පුවරු ලිපියක් ද හමුවේ.

ඓතිහාසික පරමාකන්ද රජමහා විහාරය (Anamaduwa Paramakanda Cave Temple) - Your Choice Way

Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ඓතිහාසික පරමාකන්ද රජමහා විහාරය (Anamaduwa Paramakanda Cave Temple) ඓතිහාසික පරමාකන්ද රජමහා විහාරය (Anamaduwa Paramakanda Cave Temple) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 19, 2020 Rating: 5

0 comments:

Post a Comment