ඉස්සෝ මසාලා රයිස් (Prawn Masala Rice)

රසම රස බත් එකක්. කාලෙකින් වෙනසකට දෙයක් හැදුවේ නැති අය‍ට නම් මේක නියම රෙසිපියක්. අපි බලමු කොහොමද හදන්නේ කියලා.

අවශ්‍ය ද්‍රව්‍ය:
  • හාල් කප් 2කින් උයාගත් බාස්මති බත්
  • නැට්ට හිටින්න පිට පලලා සුද්ද කරගත් ඉස්සෝ 250g
  • චොප් කරගත්තු ළුණු ගෙඩියක්
  • චොප් කරගත් අමුමිරිස් කරලක්
  • චොප් කරගත් තක්කාලි
  • තලාගත් ඉගුරු සුදුළුනු මේස හැන්දක්
  • යෝගට් පුරවලා මේස හැන්දක්
  • හීනියට ලියාගත් කොත්තමල්ලි කොළ හැන්දක්
  • ගරම් මසාලා තේ හැන්දක්
  • මිරිස් කුඩු රහ අනුව
  • කහ චුට්ටක්
  • සුදුරු, අබ ස්වල්පයක්
  • බේ ලිව්ස් ටිකක්
  • ගී මේස හැඳි 3ක් 
සාදන ආකාරය:
  • ගී ටික රත්වෙන්න තියලා ඒකට ළුණු ,සුදුළුනු ටික දාලා තෙම්පරාදු කරගන්න.
  • ළුණු ටික විනිවිද පෙනෙන ගානට ආවාම අබ,සුදුරු,ගරම් මසාලා,මිරිස්,කහ,ලුනු දාලා කලවම් කරන් ඉස්සෝ ටික එකතු කරගන්න.
  • ඉස්සෝ ටික පාට වෙනස්වෙනකම් කවලම් කර තෙම්පරාදු කරගන්න. ගින්දර සාමාන්‍ය ගානට තබා ගන්න.
  • ඒකටම බේ ලිෆ්,තක්කාලි,අමුමිරිස් එක්ක යෝගට් දාගෙන කවලම් කරන වතුර මේස හැඳි දෙකක් දාලා අඩු ගින්දරේ ටික වෙලාවක් උතුරව ගන්න. දැන් ගින්දර පොඩ්ඩක් වැඩිකරගන්න.
  • උතුරනකොට කොත්තමල්ලි කොළ ටික එකතුකරලා උයාගත් බත් ටික එකටම එකතු කරලා හොදට මික්ස් කරගන්න. 
  •  තෙත ගතිය යන්තම් තියෙද්දී ලිප නිවාගන්න. 
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ඉස්සෝ මසාලා රයිස් (Prawn Masala Rice) ඉස්සෝ මසාලා රයිස් (Prawn Masala Rice) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 19, 2020 Rating: 5

0 comments:

Post a Comment