සැමන් හා චීස් සෝස් පැස්ටා (Pasta With Salmon And Cheese Sauce)

අපි බලමු සැමන් හා චීස් සෝස් පැස්ටා හදන්නේ කොමද කියලා. මේක බේක් කරලා වගේම නිකනුත් කෑමට ගන්න පුළුවන්. සැමන් වලට අකමැති කෙනෙකුට ඒ වෙනුවට ආදේශක භාවිතා කිරීමට පුළුවන්.බලමුකෝ එනම් කෝමද හදන්නේ කියලා.

අවශ්‍ය දේවල්:
  • සැමන් ටින් එකක්.
  • ක්‍රීම් චීස් කැබලි 2-3ක් (හැපි කවු, කොත්මලේ වුනත් කමක් නැ)
  • නැවුම් කිරි කෝප්ප 2ක්
  • තිරිගු පිටි පුරවලා මේස හැඳි 1ක්
  • ලුණු චුට්ටක්
  • ගම්මිරිස් චුට්ටක්
  • චුටියට කපාගත් අමු මිරිස් කරලක්
  • චුටියට කපාගත් ලොකු ළුනු ගෙඩියක්
  • චුටියට කපාගත් සුදුලුනු බික් 2-3ක්
  • තෙල් මේස හැන්දක්
  • කැමති ජාතියක පැස්ටා 200g
  • මාගරින් තේ හැන්දක්
  • ත්යිම්ස්,රෝස්මරි චුට්ටක් (තියෙනවනම් විතරක්)
බේක් කරන්න කැමති අයට විතරක්:
  • හීනියට ගාගත් මොසරැල්ලා චීස් මේස හැඳි 5-6ක්
  • බිස්කට් කුඩු මේස හැඳි 5-6ක් 
සාදාගන්නා ආකාරය:
  1. පැකට් එකේ තියෙන විදිහට පැස්ටා ටික තම්බා ගන්න.(එහෙම තම්බා ගන්නකොට මාජරින් තේ හැන්දක් දමන්න)
  2. පෑන් එකක් ලිපේ තියලා තෙල් මේස හැඳි 2ක් දාලා සුදුලුනු, ලොකු ලුණු, අමු මිරිස් තෙම්පරාදු කරගන්න.
  3. එයට නැවුම් කිරි ටික දාලා හොදට හැඳි ගාන්න.
  4. දැන් ඒ කිරි එකට කරීම් චීස් දාලා හොදට හැඳි ගාන්න.
  5. චීස් ටික දිය වූ පසු තිරිගු පිටි ටික එකතු කරන්න.කැටි නොගැසෙන ලෙස හොදට හැඳි ගාන්න.
  6. ඊලගට රස අනුව ලුණු, ගම්මිරිස් දමන්න.
  7. මිශ්‍රණය බුබුළු දාගෙන එනකොට තයිමස්, රෝස්මරි දාලා විනාඩි 2-3ක් හැඳි ගාන්න.
  8. මිශ්‍රණය කරීම් එකක පදමට එනකොට චීස් සෝස් එක හරි.
  9. දැන් පොඩි කරගත් සැමන් ටික චීස් සෝස් එකට කවලම් කරන්න.ගොඩක් තදින් හැඳි ගාන්න එපා.
  10. විනාඩියක් විතර ලිපේ තියලා ඉන්පසුව බා ගන්න.
  11. දැන් තම්බා ගත් පැස්ටා ටික චීස් සෝස් එකට කවලම් කරගන්න.
බේක් කරලා කන්න කැතිම අයට:
  1. අවන් එක විනාඩි 10ක් රත් වෙන්න තියනන.(සෙල්සියස් 200ට)
  2. අවන් එකට දාන්න පුළුවන් ඝාජනයක් ගෙන එයට පැස්ටා ටික දාන්න.
  3. උඩින් මොසරැල්ලා චීස් ටික දමන්න.
  4. බිස්කට් කුඩුත් දමන්න.
  5. දැන් විනාඩි 10ක් බේක් කරගන්න.

Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
සැමන් හා චීස් සෝස් පැස්ටා (Pasta With Salmon And Cheese Sauce) සැමන් හා චීස් සෝස් පැස්ටා (Pasta With Salmon And Cheese Sauce) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 03, 2020 Rating: 5

0 comments:

Post a Comment