රාජකීය ප්‍රභූන් විඩාව නිවූ අම්බලම - පඩිවිට අම්බලම (Padivita Ambalama)

රාජකීය ප්‍රභූන් විඩාව නිවූ අම්බලම - පඩිවිට අම්බලම (Padivita Ambalama)
අද අපි කතා කරන්නේ රාජකීයන් විඩා නිවූ පඩිවිට අම්බලම ගැන..

මෙහි නිශ්චිත ඉතිහාසයක් සොයා ගැනීමට ඉතා අපහසුයි...

කෙසේ වෙතත් මෙය ඉංග්‍රිසි පාලන යුගයට පෙර මහනුවර යුගයට අයත්වීමට බොහොසෙයින් ඉඩ තියෙනවා...

මෙහි වහලයට යොදා ඇති ආධාරක කණුවල හතර පැත්තෙහිම ඉතා අලංකාර හා සියුම් කැටයම් නෙලා තිබෙනවා... 

නමුත් වර්තමානය වන විට එම කැටයම් විනාශ වෙමින් පවතිනවා.. මෙහි නෙලා ඇති කැටයම් හෝ මෙම අම්බලම පිළිබඳ කිසිදු පුරාවිද්‍යාත්මක සොයා බැලීමක් සිදුකර නැහැ..

මෙය පිහිටා ඇත්තේ මාතලේ මහනුවර කුඹියන්ගොඩ මාර්ගයේ පඩිවිට වෙල් යායට මායිම්වයි...

අතීතයේ මෙම වෙල්යාය මැදින් වැටි ඇති මාර්ගය මෙම ප්‍රද්ශයේ ප්‍රධාන මාර්ගයක් ලූ...

අතීතයේ බොහෝ පිරිසක් මෙහි මඳක් නැවතී මෙම සුන්දර පරිසරයේ මිහිර විඳිමින් තම ගමන් විඩාව දුරැකර ගන්නට ඇති. 

එමෙන්ම වර්තමානයේ ද මේ අවට ගොවිතැන් කරන ගැමීයන්හට විඩාව දුරැකර ගැනීමට හා ප්‍රදේශයේ පොදු කටයුතු සමිති සාමාගම් සඳහා අතීතයේ මෙන්ම වර්තමානයේ ද මෙය සෙවණ සපයයි...

කන්ද උඩරට රාජධානියට ගමන් කළ මාර්ගයේ රාජකීයන් හා ප්‍රභූන් විඩාහැරීමට යොදාගත් මාතලේ ඓතිහාසික පඩිවිට අම්බලම කඩා වැටීමේ අවදානමකට ලක්ව තිබෙනවා...

දැවයෙන් තැනූ අසුනක් සහිත කැටයම් කළ දැවමය කණු මත ඉදිවුණු මෙම අම්බලම එවකට මාතලේ – මහනුවර (කන්ද උඩරට) මාර්ගයේ තිබූ අලංකාරම අම්බලම වූ නමුත් මේ වන විට ඒ අලංකාර අම්බලම විනාශයට යොමුව තිබෙනවා...

වහලේ දැව දිරාපත්ව කඩා වැටීමේ අවදානමක්ද ඇති බැවින් මෙවැනි ස්මාරක අනාගත පරපුරේ දැක්ම සඳහා සංරක්‍ෂණය කර ආරක්‍ෂා කර ගත යුතුයි

ඇතැම් ස්ථාන වල තිබු කැටයම් මේ වන විට සම්පූර්ණයෙන් විනාශ වී ඇත. මෙම වටිනා සම්පත විනාශ මුඛයට යා නොදි රැක ගැනීම අප සැමගේ යුතුකමක් හා වගකීමකි...









👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇


View my Flipboard Magazine.
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
රාජකීය ප්‍රභූන් විඩාව නිවූ අම්බලම - පඩිවිට අම්බලම (Padivita Ambalama) රාජකීය ප්‍රභූන් විඩාව නිවූ අම්බලම - පඩිවිට අම්බලම (Padivita Ambalama) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 30, 2020 Rating: 5

0 comments:

Post a Comment