අද සිට පැයක විදුලි කප්පාදුවක්

අද සිට දින 04 ක කාලයක් විදුලිය විසන්ධි කිරිමට තීරණය කළ බව ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යධිකාරි කිර්ති කරුණාරත්න සඳහන් කර සිටිනවා. 
ඒ අනුව දිවයින කළාප 04 කට වෙන් කොට එහි කළාප දෙකක් සඳහා පස්වරු 6-7  සිටත් අනෙක් කළාප දෙකට පස්වරු 7-8 දක්වා මෙලෙස විදුලිය කප්පාදු කෙරේ.

විදුලි ජනන පද්ධතිය යළිත් යථාවත් වීමට දින 04ක කාලයක් ගතවන බවයි මෙහිදී ලංකා විදුලිබල මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ.

මෙ අතර, විදුලි සැපයුමේ දෛනික ඉල්ලුම අනුව අවශ්‍ය වුවහොත් පමණක් දිවා කාලයේදී ද කලාප අනුව විදුලිය විසන්ධි කිරීමට සිදුවන බව විදුලිබල මණ්ඩලය නිවේදනය කළේය.

ඒ අනුව කලාප 4 ක් සඳහා පෙරවරු 10 සිට පැය එකයි මිනිත්තු 45 බැගින් පස්වරු 5.00 දක්වා දිවා කාලයේ විදුලිය විසන්ධි කෙරෙනු ඇති.

එනම්, පෙරවරු 10 සිට 11.45 දක්වාත්, පෙරවරු 11.45 සිට පස්වරු 1.30 දක්වාත්, පස්වරු 1.30 සිට 3.15 දක්වා සහ පස්වරු 3.15 සිට 5 දක්වාය.

විදුලිය විසන්ධි කරන කාලය සහ කලාපවලට වෙන් කර ඇති ආකාරය පහත දැක්වෙන නිවේදනයේ සඳහන් වේ.
උපුටා ගැනීම-http://nethnews.lk/ සහ adaderana.lk
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
අද සිට පැයක විදුලි කප්පාදුවක් අද සිට පැයක විදුලි කප්පාදුවක් Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 18, 2020 Rating: 5

0 comments:

Post a Comment