ජංගම දුරකථනයෙන් දැන්ම අයින් කරන්න ඕන ඇප් මෙන්න (Here Are The Apps You Want To Remove From Your Mobile Phone Right Now)

ජංගම දුරකථන අධි තාක්ෂණික උපකරණයක් වුනත් එය ඔබගේ කාලය, ඩේටා, මුදල් සහ බැටරිය නාස්ති කරනවා. මේ නිසා අපි ඔබගේ කායික මානසික සෞඛ්‍යයට අහිතකර වෙන, ඔබගේ පෞද්ගලිකත්වයට හානි වන ජංගම දුරකථන ඇප් පෙළක් ඉදිරිපත් කරනවා. මේ දේවල් දැනටම ඔබේ ජංගම දුරකතනයේ තිබෙනවා නම් වහාම ඩිලීට් කිරීමයි සුදුසු වන්නේ.

ඔබ ප්ලේස්ටෝර් හා ඇප් ස්ටෝර් හරහා යෙදවුමක්/ඇප් එකක් බාගත කරනවා නම්, එහි නිර්මාණකරුවන්, එහෙමත් නැත්නම් ඇප් ඩිවලොපර්ස් (App developers) ගැන අවධානය යොමු කළ යුතුයි.
ඇප් ඩිවලොපර් ආයතනය විශ්වාසවන්ත, පිළිගත් එකක් නොවේ නම් එම ඇප් එකද විශ්වාස කළ නොහැකි එකක්. ඒ වගේම ඔබ ඩවුන්ලෝඩ් කරගැනීමට සූදානම් වන ඇප් එක ගූගල් හි සර්ච් කර එහි ගුණාත්මකභාවය පිළිබඳ සඳහන් වන යම්කිසි ප්‍රවෘත්ති කෙදිනක හෝ පළ වී ඇද්දැයි සොයා බලන්න. ඔබ ඩවුන්ලෝඩ් කරගැනීමට සූදානම් වන ඇප් එකට සමාන වෙනත් ඇප් සමඟ සසඳා බලන්න. පොදුවේ එවන් ඇප් එකකට වැය වෙන ඩේටා ප්‍රමාණය ගැන අදහසක් ලබාගන්න.

ඔබ ඩවුන්ලෝඩ් කරගැනීමට සූදානම් වන ඇප් ඒක, ඒ හා සමාන වෙනත් ඇප් එකකට සාපේක්ෂව විශාල ඩේටා ප්‍රමාණයක් වැය වෙන එකක් නම් එය ඩවුන්ලෝඩ් කරගැනීමට සුදුසු නැහැ. නිතරම සංසන්දනය කර හොඳම එක තෝරා ගැනීමට හුරුවන්න.

ඔබගේ සාමාන්‍ය දැනීම භාවිතා කර හොඳ ඇප් තෝරාගෙන දුරකථනයේ ඇති නරක අනාරක්ෂිත ඇප් ඩිලිට් කර දමන්න. පහත දැක්වෙන්නේ ඒවායින් කිහිපයක්.

ගෑස් බඩී (GasBuddy) අවාසනාවකට මෙන් ඔබට වඩාත්ම ප්‍රයෝජනවත් හා වඩා ප්‍රායෝගික වන ඇතැම් ඇප් ඔබගේ ඩේටා සම්බන්ධව ඇති ලොකුම තර්ජනයත් වෙනවා. උදාහරණයක් ලෙස ගෑස් බඩී ජංගම දුරකථන ඇප් එක සිතන්න. එයින් කෙරෙන්නේ ඔබගේ කාලය සහ මුදල් ඉතුරු කරවීමට ඔබ අසල ඇති ඉන්ධන හල් වලට ඇති දුර, ඒවායේ මිල ගණන් වල වෙනස්කම් සසඳා ඔබට දැන්වීමයි. නමුත් මේ සඳහා එම ඇප් එකේ ප්‍රාදේශීය තොරතුරු (Location data) බොහොමයක් එක්රැස් කරන නිසා විශාල ඩේටා ප්‍රමාණයක් වැය වෙනවා.

මෙම ආයතනය විසින් ඔවුන්ගේ පෞද්ගලිකත්ව ප්‍රතිපත්ති(Privacy policy) මෑතකදී වෙනස්කමකට භාජනය කලා. ඒ අනුව ඔබ ජංගම දුරකථනයක් හරහා ගෑස් බඩී සේවාවට පිවිසෙනවා නම් සහ ඔබේ තොරතුරු රැස් කිරීමට එයට අවසර දී ඇත්නම්, එය මගින් ඔබේ රිය පැදවීමේ දුර, වේගය, ත්වරණය, තිරිංග පුරුදු හා ඔබේ රිය පැදවීමේ පුරුදු පිළිබඳ තොරතුරු ස්වයංක්‍රීයව රැස් කරනවා. ඒවගේම ඔබ අවට ඇති ඉන්ධනහල් පිළිබඳ තොරතුරු ලබාදීම සඳහා ඔවුන් ඔබගේ නිවස, රැකියාව කරන ස්ථානය හා නිතර යන එන ස්ථාන පිළිබඳ දත්තත් ලබා ගන්නවා. කොටින්ම කියනවානම් ඔබගේ පෞද්ගලික බොහෝ තොරතුරු රැස් කරන අතරම ස්ථානීය තොරතුරු රැස් කිරීමට බොහෝ ඩේටා ප්‍රමාණයක් වැය වනවා. ඒ නිසා ඔබ මෙවන් ඇප් එකක් ඔබගේ ජංගම දුරකථනයේ තබා ගැනීම ගැන දෙවරක් සිතිය යුතුයි.

ටික් ටොක් (TikTok) ටික් ටොක් කියන්නේ මෑත කාලයේදී තරුණ තරුණියන් අතර බොහෝ ලෙස ජනප්‍රියත්වයට පත්වුනු සමාජ මාධ්‍ය ඇප් එකක්. එය මෙම ලැයිස්තුවට ඇතුලත් කිරීමට හේතුව කුමක්ද? මේ යෙදවුම පරිශීලක දත්ත (user data) ටොන් ගණනක් රැස් කරනවා. එය හානිකර බවට දැනට සනාථ වී නැතත්, මෙය භාවිතා කරන පුද්ගලයන්, සමාජ මාධ්‍ය යෙදුමකට ඔබේ දෘඩාංග හැඳුනුම්පත් (Hardware ID), මතක භාවිතය(Memory usage), ඔබගේ දුරකථනයේ ඇති වෙනත් ඇප්, ඔබගේ IP ලිපිනය හෝ ඔබේ මෑතකදී භාවිතා කළ වයිෆයි ප්‍රවේශ ස්ථාන ගැන තොරතුරු ලබාගන්නේ කුමන හේතුවකට දැයි සැලකිලිමත් විය යුතුයි. ඒ වගේම මෙය තරුණ තරුණියන් බොහෝ සේ කාලය කා දමන බවට බොහෝ රටවල් වලින් පිළිගෙන ඇති අතර බොහෝ රටවල් වලින් තහනමට ලක් කළ හෝ තහනමට ලක් කිරීමට බලාපොරොත්තු වන ඇප් එකක් බැවින් ඔබත් මෙය භාවිතා කිරීම ගැන දෙවරක් සිතිය යුතුයි.

ඔබගේ ෆේස්බුක් පිවිසුම් දත්ත සොරකම් කරන යෙදවුම්. ඔබේ ෆේස්බුක් පිවිසුම් අක්තපත්‍ර (Log in credentials) සොරකම් කරන මෘදුකාංග භාවිතා කරන යෙදුම් 25 ක් පැරිස් සයිබර් ආරක්ෂණ සමාගමක් වන “එවිනා” විසින් හඳුනාගෙන තිබෙනවා. පුදුමයට කරුණ තමයි, ඒවායින් බොහොමයක් වෝල්පේපර් හෝ ෆ්ලෑෂ් ලයිට් ආශ්‍රිත යෙදවුම් වීම.

“මෙම මෘදුකාංගය මගින් ඔබගේ වඩාත්ම වටිනා ඩිජිටල් දේපල වෙළඳාම් (Digital real estate) වලින් එකක අක්තපත්‍ර ලබා ගැනීමෙන් ඔබේ මාර්ගගත (online) හා නොබැඳි(offline) ජීවිතය ඵලදායී ලෙස විනාශ කළ හැකියි” යනුවෙන් එවිනා සමාගම සිය වෙබ් අඩවියේ පළ කළ ලිපියක සඳහන් වෙනවා. ඔවුන් විසින් ගූගල් හා එක්ව මෙම යෙදවුම් ප්ලේස්ටෝර් එකෙන් ඉවත් කිරීමට දැනට කටයුතු ආරම්භ කර ඇති අතර මේ වනවිටත් ඔබගේ ජංගම දුරකතනයේ පහත සඳහන් ඇප් වලින් එකක් තිබෙනවා නම් ඒවා වහාම ඉවත් කරන්න.
  • Super Wallpapers Flashlight
  • Padenatef
  • Wallpaper Level
  • Contour Level Wallpaper
  • iPlayer & iWallpaper
  • Video Maker
  • Color Wallpapers
  • Pedometer
  • Powerful Flashlight
  • Super Bright Flashlight
  • Super Flashlight
  • Solitaire Game
  • Accurate Scanning of QR Code
  • Classic Card Game
  • Junk File Cleaning
  • Synthetic Z
  • File Manager
  • Composite Z
  • Screenshot Caputre
  • Daily Horoscope Wallpapers
  • Wuxia Reader
  • Plus Weather
  • Anime Live Wallpaper
  • iHealth Step Counter
  • Com.tqyapp.fiction
ඇන්ග්‍රි බර්ඩ්ස් (Angry Birds) රොවියෝ එන්ටර්ටේන්මන්ට් විසින් 2009 දී නිකුත් කරන ලද angry birds නම් ක්‍රීඩාව එක රැයින් ජනප්‍රිය වූ ක්‍රීඩාවක්. එසේ නමුත් මෙම ක්‍රීඩාවන් විසින් පරිශීලකයන්ගේ දත්ත සොරා ගන්නා බව සුප්‍රසිද්ධ එඩ්වඩ් ස්නෝඩන් විසින් මුලින් ප්‍රකාශ කළත් කිසිවෙකු ඔහුව තැකුවේ නැහැ. නමුත් පසුකාලීනව ඇමරිකානු ජාතික ආරක්ෂණ ඒජන්සිය සහ රාජ්‍ය සන්නිවේදන මූලස්ථානය විසින් ඇත්තෙන්ම මෙම ක්‍රීඩාව ඔවුන්ගේ පරිශීලකයන්ගේ දුරකථන අංක, ආ ගිය දුරකථන ඇමතුම් පිළිබඳ තොරතුරු, ස්ථානීය හා දේශපාලනික තොරතුරු ඇතුළු වෙනත් බොහෝ පෞද්ගලික දත්තයන් සොරා ගන්නා බවට හෙළි කර ගත්තා. කෙසේ නමුත් මේ වන විට නිර්මාණකරුවන් විසින් ක්‍රීඩාව නැවතත් පරිශීලකයන්ට ආරක්ෂාකාරීව භාවිතා කළ හැකි ආකාරයට නැවත සකසා ඇති බව ප්‍රකාශ කළත්, නරක ඌරන්ට කැටපෝලයක දැමු කුරුල්ලන්ගෙන් විදින ක්‍රීඩාවෙන් ඔබ දැනට ඈත් වී සිටීමයි වඩාත් සුදුසු වන්නේ.

අයි.පී වැනිෂ් වී.පී.එන් (IPVanish VPN) VPN, හෝ අතථ්‍ය පෞද්ගලික ජාල(Virtual Private Network), පසුගිය වසර 10 තුළ ජනප්‍රියත්වයට පත් වූ නමුත් ඒවා 1996 සිටම තිබූ දෙයක්. ඒවායින් කෙරෙන්නේ ඔබේ අන්තර්ජාල ක්‍රියාකාරකම් වසන් කිරීම සහ පොදු සම්බන්ධතාවයකින්(Public connection) පුද්ගලික අන්තර්ජාල ජාලයක් නිර්මාණය කිරීමෙන් මාර්ගගත පෞද්ගලිකත්වයක්‌ සහ නිර්නාමිකභාවයක්‌ ඔබ‍ට ලබා දීමයි. VPN මගින් ඔබේ අන්තර්ජාල ප්‍රොටෝකෝල ලිපිනය (IP adress) වසන් කරනවා. එමඟින් ඔබව අනුගමනය කර සොයා ගැනීමට නොහැකි වෙනවා. ශ්‍රී ලංකාවේ සිට අන්තර්ජාලයට සම්බන්ධ වුනත්, ඔබ ඇමරිකාවේ සිට සම්බන්ධ වනවාක් මෙන් පෙනෙන්නට සැලැස්වීමට VPN මගින් ඔබට හැකියාවක් තිබෙනවා.

සාමාන්‍යයෙන් ඕනෑම VPN සේවාවක් එතරම් ආරක්ෂාකාරී වන්නේ නැහැ. කෙසේ නමුත් විවිධ යූ ටියුබ් චැනල සහ වෙනත් පුද්ගලයන් විසින් මුදල් ගෙවා සේවාව ලබාගත යුතු මෙම IPVanish VPN වෙත සම්බන්ධ වීමට නිතර පෙළඹවීම් ඇති කරනවා. නමුත් 2018දී තාක්ෂණික විශ්ලේෂණ ව්ලොග් එකක් වන ලී TV විසින් මෙම ඇප් එක තුළින් පරිශීලකයන්ගේ දත්ත සොරාගෙන ඇමෙරිකානු බලධාරින්ට සපයන බව හෙළි කළා. ඉන්පසු මෙම නිර්මාණකරුවන් විසින් එහි සේවාවන් අත් හිටවූ අතර පරිශීලකයන් ඔවුන්ගේ සබ්ස්ක්රිප්ෂන් අවලංගු කර ඇප් එක ඩිලීට් කිරීමට පෙළඹුණා. ඔබත් මේ පුවත නොදැන තවමත් ඔබේ ජංගම දුරකථනයේ මෙම යෙදවූම තබාගෙන සිටිනවා නම් එය ඉවත් කිරීමට වහාම ක්‍රියා කරන්න.

ෆේස්බුක් (Facebook) ඉන්ස්ටග්‍රෑම් හා ට්විටර් වැනි සමාජ ජාලා මාධ්‍ය බොහෝමයක් ආකාරයෙන් ෆේස්බුක්ද නිරන්තරයෙන් එහි පරිශීලකයන්ගේ කාලය හා ඩේටා කා දමන අතර එයට ඇබ්බැහි වීම තුලින් විශාදය හා ආතතිය වැනි තත්ත්වයන්ට මිනිසුන් ගොදුරු වීම පිළිබඳව ප්‍රසිද්ධියක්ද උසුලනවා.ඊට අමතරව එහි සයිබර් ආරක්ෂාව උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන්ද නිතර සිදුවීම් වාර්තා වෙනවා. පසුගිය වසරේ පමණක් ෆේස්බුක් ගිණුම් මිලියන 87ක දත්ත අනිසි භාවිතා කිරීම සිදු වී තිබෙනවා.

ඔවුන් විසින් මෙම දත්ත උල්ලංඝන කිරීම දිගින් දිගටම සිදුකරන අතර වෙළඳ දැන්වීම් සඳහා ඔබේ ප්‍රතිරූපයක් සැකසීමට ඔබගේ ගිණුමෙන් දත්ත සොරාගැනීම සිදු කරනවා. ඔවුන්ට ඔබගේ පණිවිඩ කියවිය හැකි අතර ඡායාරූප වීඩියෝ ඇතුළු සියලුම පෞද්ගලික දත්ත සඳහා ඇතුළු වීමේ හැකියාවද තිබෙනවා.මීට අමතරව මෙම ඇප් එක විසින් ජංගම දුරකථනයේ ඩේටා සහ බැටරිය ඉතා ඉක්මනින් අවසන් කිරීමටද සමත් වෙනවා. මේ නිසා භාවිතා නොකරන සෑම අවස්ථාවකදීම මෙම ඇප් එක වසා තැබීමටත් දුරකථනයේ හෝම් ස්ක්‍රීන් එක වෙත ෆේස්බුක් ඇප් එකේ ෂෝර්ට්කට් එකක් දමාගෙන තිබීමටත් සැලකිලිමත් වන්න.

නවතම ආකාරයේ අනිෂ්ට මෘදුකාංග(Malware) සහිත ඇන්ඩ්‍රොයිඩ් යෙදවුම්. ඔබ “ජෝකර් මැල්වෙයාර්(Joker malware)” නම් අනිෂ්ට මෘදුකාංගය ගැන අසා තිබෙනවාද? පසුගිය මාසය තුළදී පමණක් ඇන්ඩ්‍රොයිඩ් ඇප් බොහෝ ප්‍රමාණයක් මෙම අනිෂ්ට මෘදුකාංගයේ බලපෑමට ලක් වුණා. මෙමගින් ඔබගේ අවසරයකින් තොරව ඔබව subscription සේවාවන් වෙත ඇතුලත් කිරීම සිදු කෙරෙනවා. මේ නිසා ඔබ නිතරම ඔබගේ බැංකු ගිණුමේ තොරතුරු පරික්ෂා නොකරනවා නම් ඔබ නොදැනුවත්ව දහස් ගණනින් මුදල් වැය වීම සිදුවෙනවා.

කෙසේ නමුත් මෙම වෛරසයේ බලපෑමට ලක්‌ වුනු ඩවුන්ලෝඩ් කිරීම් ලක්ෂ 4කට වැඩි ඇප් 24ක්‌ පමණ හමුවී තිබෙනවා. මෙම වෛරසය මගින් එයට ගොදුරු වූවන්ගේ sms පණිවිඩ, දුරකථන අංක සහ උපාංගයේ තොරතුරුද සොරා ගැනීම සිදු කරනවා. බොහෝ විට මෙය චීනයේ නිර්මාණය වූ වෛරසයක් යැයි විශ්වාස කෙරෙනවා. කෙසේ නමුත් අප පහතින් සඳහන් කරන ලයිස්තුවේ ඇති යෙදවූමක් ඔබගේ ජංගම දුරකථනයෙහි තිබෙනවා නම් වහාම එය ඉවත් කිරීම පමණක් නොව ඔබගේ බැංකු ගිණුමේ ශේෂය පරීක්ෂා කිරීමත් වටිනවා.
  • Advocate Wallpaper
  • Age Face
  • Altar Message
  • Antivirus Security — Security ScanBeach
  • CameraBoard picture editing
  • Certain Wallpaper
  • Climate SMS
  • Collate Face Scanner
  • Cute Camera
  • Dazzle Wallpaper
  • Declare Message
  • Display Camera
  • Great VPN
  • Humour Camera
  • Ignite Clean
  • Leaf Face Scanner
  • Mini Camera
  • Print Plan Scan
  • Rapid Face Scanner
  • Reward Clean
  • Ruddy SMS
  • Soby Camera
  • Spark Wallpaper
RAM එකෙහි ධාරිතාවය වැඩි කරන බව කියන ඇප්. Random Access Memory නොහොත් RAM යනු අප මේ අවස්ථාවේදී හෝ මෑත අනාගතයේදී භාවිතා කිරීමට නියමිත දත්ත ගබඩා කර තබන ස්ථානයයි. කෙසේ නමුත් ඔබේ උපකරණයේ RAM ධාරිතාවය වැඩි කිරීමට නම් ඒ සඳහා තරමක් මිල අධික වන බාහිර උපාංගයක් මිලදී ගත යුතු වනවා. මේ නිසා බොහෝ දෙනා playstore හෝ appstore හරහා ඩවුන්ලෝඩ් කරගත හැකි RAM Booster (Memory Cleaner) සහ 4 GB RAM Memory Booster – AppLock ආදී වූ යෙදවුම් භාවිතා කරනවා. නමුත් ඒවායෙන් සැබැවින්ම සිදුවන්නේ ඔබගේ කෑෂ් මෙමරි (Cache) ඩිලීට් කර තාවකාලිකව ඉඩක් සලසා දීම පමණයි. නමුත් සෑම ජංගම දුරකතනයකම ස්වයංව එය සිදුකර ගත හැකියි. මේ නිසා සැබැවින්ම එවන් ඇප් එකක අවශ්‍යතාවයක් නැහැ. ඉතින් ඔබ එවන් ඇප් එකක් දමා ගැනීමෙන් සිදු වන්නේ වෙළඳ දැන්වීම් පුරවා ගැනීමට සහ සහ ඔබගේ දත්ත පිටතට නිරාවරණය වීම පමණයි.

කැම් ස්කෑනර් (CamScanner) CamScanner යනු නිවසේ සිට රැකියාවක් කරන අය සහ අධ්‍යාපනය ලබන පුද්ගලයන් ලඟ නිතරම ඇති යෙදවුමක්‌. මෙම යෙදවුම මගින් ඕනෑම ලියවිල්ලක ඡායාරූපයක් pdf ලියවිල්ලක් බවට ක්ෂණිකව පරිවර්තනය කිරීම සිදු කෙරෙනවා. මෙය බොහෝ දෙනාට නිතරම අවශ්‍ය වන ඇප් එකක් වුණත් එහි පහසුව තිබෙන්නේ එමගින් වෛරස ඔබගේ ජංගම දුරකථනයට ඇතුලත් වනතුරු පමණි.

රුසියානු සයිබර් ආරක්ෂණ ආයතනයක් වන kasperskey විසින් මෙම යෙදවුමේ විවිධ ප්‍රභේද වල නොයෙක් ආකාරයේ වයිරස ඇති බව හඳුනාගෙන තිබෙනවා. ඒවා මගින් අනවශ්‍ය ලෙස වෙළඳ දැන්වීම් පෙන්වීම සහ ගෙවීම් සිදුකරන සබ්ස්ක්රිප්ෂන් වෙත ඔබව බඳවා ගැනීම සිදු කරනවා. කෙසේ නමුත් මෙම ඇප් එක නැවතත් ප්ලේස්ටෝර් හි තිබෙන නිසා එහි ගැටලුව මේ වන විට විසඳා ඇති බව පැවසුනත් කලින් වතාවේ සිදු වූ විශ්වාස කඩ කිරීම නිසා පරිශීලකයන් එය නැවත බාගත කිරීමට මැළි බවක් දක්වනවා. මේ නිසා වඩාත් හොඳ ආදේශකයන් ලෙස Microsoft office lense සහ Adobe scan නිර්දේශ කළ හැකියි.

යූ වර්ෂන් බයිබල් (YouVersion Bible) ඉතාම ප්‍රසිද්ධ ඇප් එකක් වන මෙය වසරක් තුළදී මිලියන 300 ඉක්මවූ බාගත කිරීම් සංඛ්‍යාවක් ලබා තිබෙනවා. අතිශයින් අංගසම්පූර්ණ වූ බයිබලයක්‌ සහිත නිසා මෙය කිසිවෙකුගේ සැකයට බඳුන් වුණේ නැහැ. කෙසේ නමුත් මෙම ඇප් එක විසින් ඔබගේ wifi සම්බන්ධතාවයට එයට අවශ්‍ය වූ විට සම්බන්ධ වීමටත් ඉන් මිදීමටත් හැකි අතර, ඔබගේ සියලු සම්බන්ධතාවයන් කියවීමටත්, ඔබ යන එන ස්ථාන සොයා බැලීමටත්, ඔබගේ ජංගම දුරකතනයේ දත්ත වෙනස් කිරීමටත් හැකියාව තිබෙන අතර ඉතා විශාල ලෙස වෙළඳ දැන්වීම්ද සහිතයි.

කෙසේ නමුත් ලාභ නොලබන නිර්මාණකරුවකු වන මෙම යෙදවුමේ නිර්මාණකරුවන් පවසන්නේ පරිශීලකයාට වඩාත් හොඳ අත්දැකීමක් ලබාදීම පිණිස මෙසේ ඔවුන්ගේ දත්ත ලබා ගන්නවා බවත්, ඔවුන් කිසිවිටෙක තම පරිශීලකයින්ගේ දත්ත කිසිවකුට විකුනන්නෙ නැති බවත්ය. ඒ කෙසේ වුවත් එය විශ්වාස කරනවට වඩා ඔබේ දත්ත මෙතරම් ප්‍රමාණයක් ලබාගැනීමට හැකියාවක් තිබෙන යෙදවුමක්‌ ලඟ තබාගෙන නොසිටීම වඩාත් සුදුසු බවයි අපගේ අදහස.

රැන්ඩොනෝටිකා. (Randonautica) අභියෝගාත්මක චාරිකාවන්හි නිරත වීමට ඕනෑම කෙනෙක් කැමතියි. ඒ සඳහා හොඳම ඇප් එකක් වන්නේ රැන්ඩොනෝටිකා ඇප් එකයි. එමගින් ඔබ දැන් සිටින ස්ථානයේ දත්ත ලබා ගැනීමෙන් පසු ඔබ බලාපොරොත්තු වන්නේ කුමන ආකාරයේ අභියෝගයක් දැයි ඔබ විසින් ඇතුළත් කළ යුතු වෙනවා. ඉන්පසු එම යෙදවුම මගින් ඔබ ආසන්න ප්‍රදේශවල ඇති විවිධ ස්ථානයන්ට යන මාර්ග සහ තොරතුරු ඔබට ලබා දෙනවා. කොටින්ම කියනවා නම් ඔබගේ කැමැත්තට අනුව ඔබ සඳහා අභියෝගාත්මක චාරිකාවන් සොයා දීමයි මෙම යෙදවුම මගින් සිදු කරන්නේ.

කෙසේ නමුත් පෞද්ගලිකත්වයට හානි කිරිම පිළිබඳ කිසිදු තොරතුරක් මෙම යෙදවුමෙන් වාර්තා නොවුනත් එහි ඇති අවදානම වන්නේ ඔබ කිසිදා නොගිය ස්ථාන පවා මෙම යෙදවුමෙන් පෙන්වීමයි. මේ නිසා ඔබ නොදන්නා, අප්‍රසිද්ධ ස්ථාන වලට යාම, රාත්‍රි කාලයේ ගමන් කිරීම, පෞද්ගලික ඉඩම් වලට ඇතුළු වීම සහ එවිට මුහුණ දීමට සිදුවන භයානක හෝ අවදානම් සහගත තත්වයන් ගැන නිතර සැලකිල්ලෙන් පසුවීම ඔබගේ වගකීම බව සිහි තබා ගන්න
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ජංගම දුරකථනයෙන් දැන්ම අයින් කරන්න ඕන ඇප් මෙන්න (Here Are The Apps You Want To Remove From Your Mobile Phone Right Now) ජංගම දුරකථනයෙන් දැන්ම අයින් කරන්න ඕන ඇප් මෙන්න (Here Are The Apps You Want To Remove From Your Mobile Phone Right Now) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 20, 2020 Rating: 5

0 comments:

Post a Comment