රූස්ස වනයක් මැද හුදෙකලා වු - ගලමුදුන 🍃🌾 (Galamuduna Village 🎍)

අද අපේ කතාව තවත් අපූරු ගමක් ගැන.ඒ තමා තවමත් ඉපැරණි ගැමි සුවඳ රැඳී ඇති, පැරණි ගම්බද සිරියාව අදටත් කියාපාන අපූරු හුදකලා ගම් පියසක් නකල්ස් වන මැද පිහිටා ඇතැයි කිවහොත් ඔබ සමහර විට පුදුම වනු ඇති. 

එහෙත් එය සැබෑවකි.ඒ නමින් ගලමුදුන ගම්මානයයී.

මේ ගමටත් දීර්ඝ ඉතිහාසයක් තියෙනවා.නකල්ස් කදු පද්ධතියේ මහ වන මැද හුදෙකලා ගම්මානයක්වූ ගලමුදුන ගම්මානය පෙර රජ දවස, රාජ්‍ය ආරක්ෂා කටයුතුවලද ප්‍රයෝජනයට ගත් ඓතිහාසික ගම්මානයක් ලෙසද ජනප්‍රවාදයේ පවතී.

ගම්මානයට යාමට ඇත්තේ රූස්ස කැලෑවක් මැදින් වැටුණු අඩි පාරකි. හරිම ලස්සනයි වගේම බයත් හිතෙනවා.

දැන් වෙනකොට තාර පාරක් ඉදිකිරීමක් පටන්ගෙන තියෙනවා.ගස් ගල් මැදින් වැටුණු අඩි පාරේ ඇතැම් තැනෙක කුඩා හා විශාල ප්‍රමාණයේ දොළ පාරවල්ය. 

මහ වැසි සමයේදී බෙහෙවින් සක්‍රීය වන මෙම දොළ පාරවල් නිසා ඇතැම් අවස්ථාවල මේ ගමේ මිනිසුන්ට තම ගමටම කොටු වී සිටින්නට සිදුවූ අවස්ථාවන් ද පවති.

මේ ගමට යන මාර්ගය දුෂ්කරය. බැලූ බැල්මට ඒකාකාරී දුෂ්කර ජනජීවිතයද නගරයේ අපට නීරසය. එහෙත් ගලමුදුන ගම්වාසීහු ලෝකයාගෙන් හුදකලා වී අදටත් මේ මහ වන මැද ගෙවන්නේ ඉතා චාම් සරල දිවිපෙවතකි.
නගරයේ සංකර සමාජයෙන් ඈත්ව පිහිටීම නිසාදෝ මේ ගම්මුන් තුළ ඇති අව්‍යාජ සිනහව ගම තවත් සුන්දර කරවයි. 

ගමේ බොහොමයක් නිවෙස් තවමත් කටුමැට්ටෙන් ඉදිකර ඉලුක් මානා හෝ පිදුරු හෙවිල්ලූ නිවාසයන් පවති.

මෙහි එකදු නිවෙසක්වත් ගෑස් හෝ විදුලි උදුන් භාවිත නොකරන අතර, සියලු ඉවුම්පිහුම් කටයුතු සිදුවන්නේ දර ආධාරයෙනි.

බොහෝ දෙනෙකු කුප්පි ලාම්පු එළියෙන් තවමත් අඳුර දුරු කරගන්නා අතර, නිවෙස් කිහිපයක පමණක් සූර්ය පැනල භාවිත කරන බව අසන්නට ලැබුනා.

බත් සහ ඉරිඟු තලප මොවුන්ගේ ප්‍රධානතම ආහාරය වන අතර, වී මෝල් හෝ ඇඹරුම් යන්ත්‍ර නැති මේ ගමේ ඒ සියල්ල සිදුවන්නේ වංගෙඩිය, මෝල් ගස හා මිරිස් ගල් ආධාරයෙන්.

වෙනසකට එක්ක කැලය මැද හුදකලා වූ ගමට ගිහින් යන්න පුලුවන්.... ගොඩක් අය කියන්නේ මේ ගම් ප්‍රසිද්ධ කරන්න එපා කියලා මොකද Travel කියාගෙන ගිහින් මේ ගම් අපේම මිනිස්සු විනාශ කරන නිසා...

හැබැයි කවදාවත් මෙවල යන්න බැරි අයට මේවා දැකලා දැනුමක් ලබා ගන්න පුලුවන්.. පරිසරය විනාශ නොකර එන එක අපේ යුතුකමක්.

පින්තූර මුල්හිමිකරු සතුයි📸🙏

Galamuduna
Galamuduna is a village in Sri Lanka. It is located within Central Province. 

Galamuduna : The hidden village in Mahiyanganaya. The estimate terrain elevation above seal level is 509 metres. 

This village road is difficult. At first glance, the city has a monotonously difficult life. But the villagers of Galamuduna are isolated from the world and still live in the middle of this great and simple life.













උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
රූස්ස වනයක් මැද හුදෙකලා වු - ගලමුදුන 🍃🌾 (Galamuduna Village 🎍) රූස්ස වනයක් මැද හුදෙකලා වු - ගලමුදුන 🍃🌾 (Galamuduna Village 🎍) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 02, 2020 Rating: 5

0 comments:

Post a Comment