කැසියුරීනා ගස් වැවෙන ශ්‍රී ලංකාවේ එකම මුහුදු තීරය - කැසියුරීනා වෙරළ තීරය (Casuarina Beach)

යාපනය අර්ධද්වීපයට ආසන්නව තියෙන කරයිතිවු දූපතේ තියෙන කැසියුරීනා වෙරළ තීරය ශ්‍රී ලංකාවේ තියෙන අනිත් හැම වෙරළකටම වඩා ගොඩක් වෙනස් පෙනුමකින් යුක්තයි. 

වෙරළ තීරය පුරා වැවී ඇති කැසියුරීනා ගස් නිසා මෙම වෙරළට කැසියුරීනා මුහුද ලෙස නම ලැබී ඇත.

රට පුරාම වෙරළ තීරයන් වල තියෙන පොල් ගස් හරි, යාපනය ප්‍රදේශයේ වැඩිපුර තියෙන තල් ගස් හරි වෙනුවට මේ වෙරළ තීරය පුරාම දකින්න ලැබෙන්නේ කැසියුරීනා නැතිනම් “ගැහැණු ඕක්” ගස්. (Casuarina) 

මේ නිසා සාමාන්‍යයෙන් යාපනය පැත්තේ තල් ගස් නිසා ඇති වෙන වෙනස් පෙනුමටත් එහා ගිය අමුතුම පෙනුමක් මේ වෙරළ තීරයේදී අත්විඳින්න පුළුවන්.

යාපනය නගරයේ ඉඳලා කිලෝමීටර් 27ක් ඈතින් පිහිටලා තියෙන කැසියුරීනා වෙරළ තීරය බොහොම හුදෙකලා ප්‍රදේශයක්. මේ නිසා ජනප්‍රිය වෙරළ තීරයන් වල වගේ විනෝද වෙන්න පහසුකම් ගොඩක් නම් නැහැ. නමුත් ඒ නිසාම කඳවුරු බඳින්න හරි, රෑ අහස නරඹන්න හරි වගේ වෙනස් අත්දැකීමක් ගන්න කැසියුරීනා වෙරළ කියාපු තැනක්. මේ නිසා හැකියාවක් තියෙනවා නම් කැසියුරීනා වෙරළට ඒ වගේ නිස්කලංක චාරිකාවක් සංවිධානය කර ගන්න ඔබටත් පුළුවන්.

සුඛෝපභෝගී නවාතැන්, දිව පිනවන ආහාර ලබා ගන්න වගේම මුහුදු ජීවීන් දැකගන්නත්, ජල ක්‍රීඩා වල යෙදෙන්නත් ශ්‍රී ලංකාව පුරාම වෙරළ තීරයන් වල පහසුකම් බොහොමයක් තියෙනවා. දකුණු පළාතේ තියෙන බොහොමයක් මුහුදු ප්‍රදේශ වල මේ දේවල් පහසුවෙන් ඉටු කර ගන්න පුළුවන්. නිවාඩු කාලය ගත කරන්න එන කාගේත් සිහින පාරාදීසයක් බවට දකුණු පළාත පත් වෙලා තියෙන්නේ මේ නිසාමයි. කොහොම වුණත් අපේ රට පුරාම තවත් සුන්දර මුහුදු ප්‍රදේශ ඕන තරම් තියෙනවා.

ඒ නිසා හැමදාම දකුණු පළාතේ මුහුදු වෙරළවල් වල ගිහින් එකම අත්දැකීම ගන්නවා වෙනුවට රට පුරාම තියෙන අනිත් තැන් වලටත් ගිහින් බලන්න හිතට ගන්න. ඒක ඔබ හිතනවාට වඩා බොහොම සුන්දර අත්දැකීමක් වන බවට අපි සහතික වෙනවා.
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
කැසියුරීනා ගස් වැවෙන ශ්‍රී ලංකාවේ එකම මුහුදු තීරය - කැසියුරීනා වෙරළ තීරය (Casuarina Beach) කැසියුරීනා ගස් වැවෙන ශ්‍රී ලංකාවේ එකම මුහුදු තීරය - කැසියුරීනා වෙරළ තීරය (Casuarina Beach) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 29, 2020 Rating: 5

0 comments:

Post a Comment