බේකඩ් ලෙමන් චිකන් (Baked Lemon Chicken)

දැන් මේ ඔයාලට කියලා දෙන්න යන්නේ ඉතාම කෙටි වෙලාවකින් පිළියෙළ කරගත හැකි රසින් ගුනින් පිරි ලෙමන් චිකන් රෙසිපියක්. තම්බා ගත එළවළුත් එක්ක රෑ කෑමකට නියෙමෙට ගැලපෙනවා. එහෙනම් අපි හදලා බලමුකෝ.

අවශ්‍ය ද්‍රව්‍ය:
  1. චිකන් බ්‍රෙස්ට් 1/2ක් (කැබලි දෙකක් ලෙස මැදින් කපාගත්)
  2. ලෙමන් ගෙඩියක් (රවුමට පෙති කපාගත්)
  3. ලෙමන් උෂ  1 1/2
  4. සුදුළුනු මේස හැන්දක් (තලාගත්)
  5. දිය උණු බටර් මේස හැඳි 3ක්
  6. ලුනු තේ හැඳි 1/2
  7. ගම්මිරිස් ස්වල්පයක්
  8. කැරට් අලයක් හා අර්තාපල් අලයක් (කපාගත් කැමතිනම් පමණක්)
සාදාගන්නා ආකාරය:
  1. අවන් එකේ උෂ්ණත්වය සෙල්සියස් 200ක් ලෙස සකස් කරගන්න.
  2. අවන් එකේ දාගන්න පුළුවන් තැටියක් ගෙන එකට බේකින් ෂිට් එකක් දමන්න.නැත්නම් වැඩියෙන් බටර් ගාන්න.
  3. චිකන් බ්‍රෙස්ට් එකට සුදුළුනු,ලුනු,ගම්මිරිස් හා ලෙමන් යුෂ දමා හොදින් අතගා තැටියට දාන්න.
  4. චිකන් බ්‍රෙස්ට් කොටස් දෙකට යටින් රවුමට කපාගත් ලෙමන් පෙති තබන්න.
  5. දිය වූ බටර් චිකන් එකට උඩින් දමන්න.
  6. කැරට් හා අර්තාපල් කැබලි බේකින් තැටියේ ඉඩ තිබෙන තැන්වලින් තබන්න.
  7. දැන් තැටිය අවන් එකට දමා විනාඩි 40ක් බේක් කරගන්න.
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
බේකඩ් ලෙමන් චිකන් (Baked Lemon Chicken) බේකඩ් ලෙමන් චිකන් (Baked Lemon Chicken) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 11, 2020 Rating: 5

0 comments:

Post a Comment