අවකාර්ඩෝ බ්‍ර්ව්නීස් (Avocardo Brownies)

බේක් කරලා හදන ඩෙසර්ට් එකක්, බ්‍රව්නිස් කිව්වම මතක් වෙන්නේ චොක්ලට්.හපලා කද්දී චොක්ලට් බේරෙන බ්‍රව්නිස් කන්න වෙලාවක් ඕනිම නෑ.බ්‍රව්නීස් කියන්නේ ඩෙසර්ට් එකක් උනත් මේවයේ විශේෂත්වයක් තියෙනවා.බ්‍රව්නීස් කියන්නේ බේක් කරලා හදන ඩෙසර්ට් එකක්. ඒ තමයි බ්‍රව්නීස් වල විශේෂත්වය.ඩෙසර්ට් කන්නේ ප්‍රදාන ආහාර වේලකට පසුව උනත් බ්‍රව්නීස් කන්න එහෙම විශේෂයක් ඕනි නැහැ.ඕනෑම වෙලාවක කන්න හිතෙන බ්‍රව්නීස් අද ඉඳන් ඔයාට ගෙදරදී හදන්න පුළුවන්.

අද අපි හදන්නේ ඇවකාර්ඩෝ බ්‍රව්නීස්. දන්නවනේ ඉතින් අලිගැට පේර දාලා තමයි මේ බ්‍රව්නීස් හදන්නේ.
අවශ්‍ය ද්‍රව්‍ය:
  • චොක්ලට් චිප්ස් කප් 1 1/2ක් 
  • අලිගැටපේර ගෙඩි 2ක් 
  • සීනි කෝප්ප 1ක් 
  • බිත්තර 4ක් 
  • වැනිලා තේ හැඳි 2ක් 
  • චොක්ලට් පවුඩර් කෝප්ප 1 1/4ක් 
  • පිටි කෝප්ප 1/2ක් 
  • ලුණු තේ හැඳි 1/2ක් 
සාදන ක්‍රමය:
  1. තෝරාගන්නා අලිගැටපේර සාමාන්‍ය ප්‍රමාණයට ඉදුණු ඒවා විය යුතු අතර,පළමුව මඳ සුරා ඒවා හොඳින් පොඩි කරගන්න.
  2. අවන් එක 180c⁰ උෂ්ණත්වයට රත් කරගන්න 
  3. බටර් අලේප කර තැටිය සකස් කරගන්න.
  4. චොක්ලට් චිප්ස් තත්පර 30ක් පමණ මයික්‍රෝවේව් උඳුනේ තබන්න.
  5. ඉවතට ගෙන හොඳින් කලවම් කර නැවත මයික්‍රෝවේව් උඳුනේ තබන්න.හොඳින් මෘඳු වෙනතුරු එලෙස සිදුකරන්න.
  6. එය යන්තම් සිසිල් කරගන්න.
  7. බඳුනක් ගෙන එයට පොඩි කරගත් අලිගැටපේර හා සීනි දමා හොඳින් බීට් කර ගන්න.
  8. ඉන්පසු එයට බිත්තර,වනිලාද එකතු කර බීට් කරගන්න.
  9. තවත් බඳුනක් ගෙන චොක්ලට් පවුඩර්,පිටි හා ලුණු එකතු කර හොඳින් කලවම් කරගන්න.
  10. පිටි මිශ්‍රණය කලින් සාදාගත් මිශ්‍රණයට සෙමින් එකතු කර බීට් කරගන්න.
  11. ඉන්පසු පිළියෙළ කරගත් ට්‍රේ එකට මිශ්‍රණය දමා ගන්න.
  12. එය විනාඩි 30ක් පමණ පිස ගන්න.
  13. කැබැලි කැපීමට පෙර සිසිල් කරගන්න. 
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
අවකාර්ඩෝ බ්‍ර්ව්නීස් (Avocardo Brownies) අවකාර්ඩෝ බ්‍ර්ව්නීස් (Avocardo Brownies) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 01, 2020 Rating: 5

0 comments:

Post a Comment