මුහුණේ ලප හෙළි කරන රහස් (Let's Make An Omelette From Eggs A Little Differently)

සමාජයේ වෙසෙන ස්ත්‍රි පුරුෂ දෙපක්ෂයේම මුහුණේ විවිධ ලප දක්නට තිබේ. ‍බොහෝ විට උපන් ලප වැනි කළු ලප දුඹුරු , රතු , නිල් වැනි පාට වලින් දැකිය හැකි ය. මේ ලප ප්‍රමාණ ද විවිධ ව පිහිටන අතර මෙයින් සමහර ලප නිසා මුහුණේ ලස්සන වැඩි වේ. ඒවා මුහුණ අව ලස්සන කරයි.

කෙසේ වෙනත් දේහ ලක්ෂණ විද්‍යාවේ දී මුහුණේ පිහිටන ලප අනුව ස්ත්‍රි පුරුෂ දෙපක්ෂයේම ගති ලක්ෂණ හඳුනා ගැනීමට හැකියාවක් ඇත.
නළලේ පිහිටි ලපය නළලේ කළු පාට උපන් ලපයක් පිහිටන තැනැත්තත් නපුරු ගති ඇති අය ය. උපන් ලපය දුඹුරු පැහැයෙන් යුක්ත නම් එම පුද්ගලයන්ට නිතර රෝග සෑදෙන බව කියයි.

ඇහිබැම මත පිහිටී ලප දකුණු ඇහි බැමේ පිහිටි ලප ඇති අයගේ සියලු කටයුතු සාර්ථක වන අතර වාසනාවන්ත විවාහයකටද හිමිකම් කීමේ වාසනාව උරු‍ම‍ වේ. වම් ඇහි බැමේ ලප පිහිටි පුද්ගලයන්ට දුක් ඇති වීම මෙන්ම රෝග බෝවීමේ ඉඩකඩ ද වැඩි වේ.

ඇහි පිහාටුව මත ලප පිහිටීම දකුණු ඇහි පිහාටුව මත ලපයක් පිහිටීම වාසනාව,ධනය ලැබීම හා භාග්‍ය උදාකරවන්නක් බවට විශ්වාස කරයි. නමුත් මේ අය බොහෝවිට වංචාකරුවන්ගේ ප්‍රයෝග වලට අසුවීමේ ඉඩකඩ වැඩි ය. මෙහෙකරුවන් මෙන්ම පහත් අය ඇසුර නිසා නින්දා අපහාස ලබනු ඇත.

ඇස කෙළවර ලප පිහිටීම වම් ඇස කෙළවර ලපයක් පිහිටීම නිසා ස්ත්‍රින්ට පුරුෂ පක්ෂයෙන් කරදර ඇති වන අතර විවාහයටද බාධා පැමිණේ . දකුණු ඇස කෙළවර මෙවැනි ලපයක් ඇත්නම් පිරිමියකුගේ විවාහ ජිවිතය වාසනාවන්ත වේ. මෙවැනි උපන් ලපයක් ඇති ස්ත්‍රියකට ලැබෙන විවාහක පුරුෂයා කරුණාවන්ත වාසනා ගුණය ඇති අයෙකු වේ.

නාසයේ ලප පිහිටීම නාසයේ දකුණු පැත්තේ ලපයක් පිහිටීමෙන් දුක් ඇති වීම බලාපොරොත්තු කඩවිම් සිදු වේ. මේ ලපය කළු පැහැති නම් එම පීඩාකාරි ගති වැඩිවන අතර දුඹුරු පැහැ ලපයක් නම් එම තත්ත්වය අඩු කරවන බව කිව හැකි ය. නාසයේ වම් පැත්තේ ලපයක් පිහිටියේ නම් ක්‍රීඩාවට මෙන්ම ආහාර වලට ද ප්‍රියතාවයක් ඇති කරයි.

කම්මුලේ ලප පිහිටීම දකුණු කම්මුල මත ලපයක් පිහිටීම විවාහය වාසනාවන්ත වීමට බලපායි. ස්ත්‍රියක් නම් පුරුෂ ආකර්ෂණය ඇති වන පිහිටීමකි. තම කටයතුවලට ආධාර උපකාර බහුලව ලැබේ. පුරුෂයකු නම් ස්ත්‍රින්ගේ උදව් උපකාර මෙන්ම ඒ අය වසඟකර ගැනීමේ හැකි‍යාවක් ද පවති. ලප දෙකක් පවතී නම් විවාහ දෙකක් සිදු වීමට ද හැකි වම් කම්මුල මත ලප පිහිටි විට විවාහය පිළිබඳ කරදර බාධක ඇති කරයි. පුරුෂයකුගේ මෙවැනි ලපයක් පවතී නම් ජලයෙන් අනතුරු ඇති විය හැකි අතර විදේශයකදී මරණය පවා සිදුවීමේ ඉඩ කඩ ඇති වේ. ලප ගණන වැඩි වු විට දෝෂ වැඩිවනු ඇත.කම්මුල් දෙකේම ලප පිහිටි විට බලාපොරොත්තු බිඳ වැටීම් සිදු වේ. විවාහ වීමට කළින් විවාහය පිළිබඳ ප්‍රශ්න ඇති වේ.නමුත් විවාහයෙන් පසු සැප ලබයි. නිවෙසේ දියුණුව සිදු‍වන අතර මහලු ජිවිතයේද සැප ලැබීමට මෙය හේතු වේ.

මුඛයේ ලප පිහිටීම මුඛයේ දකුණු කෙළවරේ ලප‍යක් පිහිටිම වාසනාවන්ත විවාහ ජිවිතයකට හිමිකම් කියන අතර දිර්ඝායුෂ ඇති වීමට සහ බොහෝ ‍දරුවන් ලැබීමටත් මෙය හේතු වේ. මුඛයේ වම් කෙළවරේ පිහිටි උපන් ලපයක් ඇති තැනැත්තා කෙළි සෙල්ලම් සඳහා ප්‍රියතාවයක් දක්වයි.

තොළෙහි ලප පිහිටීම උඩු තොලේ දකුණු පස ලපයක් පිහිටි විට විවාහය තරමක් ප්‍රමාද වන නමුත් වාසනා ගුණය ලැබෙන අය වේ. උඩු තොළෙහි ලපයක් පිහිටීමෙන් ධනවත් වේ.බොහෝ ආදර සම්බන්ධතා ඇති වෙයි. මේ ලපය කළු පාට නම් අපවාද ලබන්නට සිදු වන්නියකි. පුරුෂයෙකුට මෙවැනි ලපයක් ඇත්තම් බාල කාලයේ සිටම උත්සාහවන්තව කටයුතු කර ධනය,සැප සම්පත්,කිර්ති ප්‍රශංසා ලබන අයෙකු වනු ඇත. යටි තොලේ දකුණු පැත්තේ ලපයක් පිහිටීම අධික කාමුක හැඟීම් ඇති ස්ත්‍රි පුරුෂයන් ජනිත කරයි. නමුත් වාසනාවන්ත විවාහයකට හිමිකම් කියයි.

විදේශ රැකියාවක නියුතු ‍අයෙකු බොහෝ විට විවාහයට ලැබෙනු ඇත. නො එසේ නම් තැනින් තැන රැකියාව මාරු කරමින් ගත කරන අයෙකු වනු ඇත.

කනේ ලප පිහිටීම දකුණු ‍කනේ ලපයක් පිහිටීම සැප සම්පත් හානි වීම සහ ශෝකය දුක ඇති වීම පෙන්වන්නකි. නෑයන්ගෙන් වෙන්ව දිවි ගෙවීමටද සිදුවනු ඇත. විදේශ ගත වීම ද ඇතිවේ.වම් කනේ ලපයක් පිහිටීම කරදර ඇතිවීම භයානක තුවාල ඇතිවීම සහ රුදුරු මරණයකට ද ගොදුරු වීම ද පෙන්නුම් කරයි.
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
මුහුණේ ලප හෙළි කරන රහස් (Let's Make An Omelette From Eggs A Little Differently) මුහුණේ ලප හෙළි කරන රහස් (Let's Make An Omelette From Eggs A Little Differently) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 28, 2020 Rating: 5

0 comments:

Post a Comment