කට කෙළ පෙරෙනවා නම් වාසනාවන්ත ඇයි?

මෙයානම් කෙල පෙර පෙර නිදියන්න දක්ෂයෙක් කියලා කවදා හරි කවුරු හරි ඔබට කියලා තියෙනවද? ඒ වගේ අවස්ථාවක ඔබටත් ටිකක් ලැජ්ජා හිතෙනවා නේද මේ කාරණය ගැන. හැබැයි අපි දැන් කියන්න යන්නේ නින්දෙන් මේ විදිහට කෙල පෙරන එක ඔබ ගත කරන්නේ සුව නින්දක් කියන එකට හොඳ ලකුණක් බව.

එහෙම නින්ද කියන්නේ අපේ කය හා මනස කියන දෙකම විවේකීව තබන අවස්ථාවක්. දවස පුරාම කය මනස වෙහෙස වන අපිට නින්දේදි තමයි විවේකයක් ලැබෙන්නේ. නින්ද ප්‍රමාණවත් පරිදි නොලැබුණාම එය ශරීරයේ ප්‍රතිශක්තිකරණයට හෘද රෝග වලට දියවැඩියා අවදානම් වලට බලපෑම් ඇති කරනවා. ඔබ නිදාගෙන නැගිටිනකොට කොට්ටයේ කෙල පෙරිලා තියෙනවා නම් ටිකක් අපහසුතාවයට පත්වෙනවා නේද? නමුත් එය ලැජ්ජා විය යුතු කාරණයක් නෙවෙයි. එය ඔබ හොඳ නින්දක් ලබා ගෙන තියෙන බවට සලකුණක්.

සාමාන්‍යයෙන් නින්ද අපිට අදියර හතරක් යටතේ දක්වන්න පුළුවන්. ඉන් පළමුවැන්න තමයි මිනිත්තු දහයක් විතර පවතින සැහැල්ලු නින්ද. ඒ අවස්ථාවේ නින්දත් නොනින්දත් අතර අදියරේ පසුවෙනවා. දෙවන අදියර ගැඹුරු නින්දක් වන අතර එය එක දිගට විනාඩි විස්සක් විතර තියෙනවා. අපි සාමාන්‍යයෙන් රාත්‍රී නින්දෙන් සීයට 45ක් විතර ගත කරන්නේ මේ ආකාරයට. ඉන්පසු එලඹෙන්නේ RAM නින්ද නැත්නම් සිහින දකින නින්ද. Rapidly eye movement කියන එක කෙටි කරල තමයි RAM නින්ද කියන්නේ.

ඉන් අදහස් වෙන්නේ ගැඹුරු නින්දේදී අපේ ඇසේ කළු ඉංගිරියාව හොඳින් වේගයෙන් චලනය වෙන බ.ව එය අපි ලබාගන්නා නින්දේ ගුණාත්මකම අවධිය කියලා සලකනවා. RAM නින්දක් ලැබුණු විට අවදිවන විට සිරුරට මනසට හොඳ සැහැල්ලු බවක් ලැබෙනවා. RAM නින්දෙන් පසු එළබෙන්නේ අඩ නින්දටයි. මේ RAM නින්දෙන් කෙල පෙරෙනවා කියන්නේ ඔබ හොඳ ගැඹුරු නින්දක් ලබා ගෙන තියෙන බව. ගැඹුරු නින්දේදී නැත්නම් නින්දේ හොදම අවධියේ දී මාංශපේශී ලිහිල් වෙනවා. ඒ නිසා ඔබේ මුඛය විවෘත වෙලා තියෙනවා.

ඉන් සිරුරේ නිපදවන වැඩි ලවණ ප්‍රමාණය ඛේටය සමඟ මිශ්‍ර වෙලා එළියට එනවා. එය ශරීර සෞඛ්‍යට හිතකරයි. ඛේටය කියන්නේ අපේ සිරුරේ ජීරණ ක්‍රියාවලියට අවශ්‍යම දෙයක්. සිරුර තුළ ඛේට ග්‍රන්ථ මගින් දවසකට ඛේටය ලීටරයක් පමණ නිපදවන අතර එය නිතර කෙල ගිලීම තුළින් රුධිර සංසරණයට නැවත එකතු වෙනවා. අපි අවදියෙන් සිටින විට අපේ මුඛය දවස පුරාම තෙතමනයෙන් තබාගන්න ඒ වගේම ආහාර ගිලින්න සපන්න වගේම ආහාරවල පෝෂ්‍ය පදාර්ථ සිරුරට උරාගන්න උපකාරී වන්නේ සිරුරේ නිපදවෙන මේ ඛේටයයි. ඒත් සිරුරේ නිපදවන ඛේටය පාලනය කරන්නේ මොළය මගින්. ගැඹුරු නින්දක් සමඟ මේ ක්‍රියාවලිය මොළයේ පාලනයෙන් ගිලිහී යනවා. ඒ නිසාම සිරුරේ නිපදවෙන වැඩිපුර ඛේටය මුඛය හරහා පිටතට එනවා.


සෑම අවස්ථාවකම නින්දෙන් කෙල පෙරන එක හොඳ නින්දක සලකුණක් ලෙස සලකන්න එපා. සමහර අවස්ථාවන්වලදී යම් සෞඛ්‍ය ගැටලු නිසා මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. සමහර පුද්ගලයන්ට නින්දේදී ඇතිවන නාසය අවහිර වීම් නිසාත් හුස්ම ගැනීමේ අපහසුතාවයටත් මුඛය විවෘත වෙනවා. ඒ වගේම යම් යම් අසාත්මිකතා හේතුවෙනුත් මේ වගේ නින්දෙන් කෙල පෙරීම සිදුවෙන්න පුළුවන්. වැදගත්ම කාරණය නම් ඔබ නීරෝගීව සිටින විට නින්දෙන් කෙල පෙරෙන්න නම් සිරුරට ප්‍රමාණවත් තරම් වතුර තිබීම අත්‍යවශ්‍ය වෙනවා.

නැත්නම් ඔබ ගැඹුරු නින්දක සිටියත් මේ තත්වය ඔබට ඇති වන්නේ නැහැ. ඉන් ඇඟවෙන්නේ ඔබ සිරුරට ප්‍රමාණවත් තරම් ජලය පානය කරලා තියෙන බව. ඉහත කියපු ආකාරයේ රෝගී තත්වයන් තත්ත්වයන් නැත්නම් ඔබ නින්දෙන් අවදි වන විට මේ විදියට කෙල පෙරිලා තියෙනවා නම් ඉන් අදහස් වෙන්නේ ඔබේ සිරුර හොඳ විවේකයක් අරගෙන තියෙන බව. කය සහ මනස හොඳින් සැහැල්ලු වෙලා. ඔබ හීන පේන්න තරම් තද නින්දකට වැටිලා තියෙනවා කියන එක. ඉතින් කෙනෙකුට ඇත්තටම මේ විදියට කෙල පෙරන තරම් නිදා ගන්න පුළුවන් නම් ඇත්තටම ඔහු වාසනාවන්තයි. හොඳ සෞඛ්‍ය සම්පන්න භාවයකින් යුක්තයි.
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
කට කෙළ පෙරෙනවා නම් වාසනාවන්ත ඇයි? කට කෙළ පෙරෙනවා නම් වාසනාවන්ත ඇයි? Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 01, 2020 Rating: 5

0 comments:

Post a Comment