සත් අවුරුදු සත් මසකින් නිමවූ - වෛජයන්ත ප්‍රාසාදය 🏯 (Vijavanta Prasada 🏰)

අද අපි කතා කරන්න යන්නේ 1 වැනි පරාක්‍රමබාහු රජතුමාගේ මාලිගය ගැන.පොලොන්නරුව ‍යුගයේ ඉදිවූ සුවිශේෂි මාලිගාවක් කිව්වොත් නිවැරදී.

ඒ කියන්නේ, මේ මාලිගයට මේ නම වැටුනේ, ශක්‍ර දේවයාගේ වාසභවන යන අරුත් ඇති විජයොත්පාය නොහොත් වෛජයන්ත ප්‍රාසාදය ලෙසයි.ඒ වගේම ඉන්ද්‍ර දෙවියන්ගේ දේව භවන හදුන්වනු ලබන්නේද “වෛජන්ත” නමිනි. 

මෙම නම අණුකරනය කරමින් වෛජයන්ත ප්‍රාසාදය ලෙස මෙය නම් කරන්නට ඇතැයි කියලත් ඉතිහාසයේ සදහන් වෙනවා.මෙම ගොඩනැගිල්ල මහල් සතකින් යුක්තව තිබූ බව සඳහන් වෙනවා.

අද වනවිට මහල් තුනක ශේෂයන් දැකගත හැකියි.පහත මාලයේ සිට එක් බිත්තියක උස අඩි තිහක් පමණ වෙනවා.පියගැට පෙළක කොටස්ද තවමත් දක්නට තිබෙනවා.මෙම බිත්ති වල දැවමය බාල්ක යොදා තිබු විවරයක් ද දකින්නට ලැබේ.

මෙම මාළිගාව කාමර දහසකින් යුක්ත වූ බව මහාවංශයේ සඳහන් වන අතර රාජ පරිහරණය සඳහා වූ කාමර, ගබඩා කුටීර, සනීපාරක්ෂක කුටීර, මෙහෙකරුවන් සඳහා කාමර ආදී බොහෝ අංගයන් යුක්ත වූ බවද සඳහන් වෙනවා.

මහාවංශයේ සඳහන් ආකාරයට මෙය සත් අවුරැදු සත් මසකින් තනා නිම කළ බව ද කියවෙනවා.

ඒ වගේම මේ මාලිගය මාඝගේ ග්‍රහණයට පත් වීමත් සමග එහි තිබූ වස්තුව කොල්ලකා එය විනාශ කොට ගිනිබත් කළ බව ද ඉතිහාසයේ දැක්වෙනවා.

මෙහි තවත් කතානම් තියෙනවා මේ ඉතාමත් කෙටියෙන් තමා කිව්වේ.. ඔයාලත් පොලොන්නරුව පැත්තේ ගිය වෙලාවක මේ අපේ අතීත උරුමයන් බලන්න යමුකෝ.ගිහින් බලලා ඉතිහාසය කතාවත් දැනගෙනම එන්න.

පින්තූර මුල්හිමිකරු සතුයි 📸🙏

Vijavanta Prasada
This is the seven storied Place named Vijayotpaya Vijavanta Prasada built by King Parakramabahu the great (1153 – 1186 A.D.) in Polonnaruwa. The name is that of the Palace of God sakra and its adoption here indicates that these may have been a need at the time to secure the concept that the king and God were equal. The basic ground plan of the palace is similar to that of the 12th century “Vijayabahu”. 

Palace at Anuradhapura and the palaces at Panduvasnuvara and Yapahuwa. Remains of there stories of the supposed seven stories can still be identified. Crevises and sockets on the thick. Brick walls were to take in large wooden beams. These are evidence that this palace may have been destroyed by fire Mahavamsa mention that this had thousand chambers. Around the palace, ruins of may buildings are seen which may have been used at places for rituals and entertainment, and as rooms for palace aides and storage.









උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
සත් අවුරුදු සත් මසකින් නිමවූ - වෛජයන්ත ප්‍රාසාදය 🏯 (Vijavanta Prasada 🏰) සත් අවුරුදු සත් මසකින් නිමවූ - වෛජයන්ත ප්‍රාසාදය 🏯 (Vijavanta Prasada 🏰) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 08, 2020 Rating: 5

0 comments:

Post a Comment