රෝයල් අයිසින් (Royal Icing)

අයිසින් කලාවේ රාජකීය හැඩකාරයා. කේක් ආකෘතියක් කියන්නේ සුන්දර නිර්මාණයක්. ඒ සුන්දරත්වයට ප්‍රධාන හේතුව අයිසින්ය. අද අපි කියලා දෙන්නේ රෝයල් අයිසින් ගැන. අවශ්‍ය ද්‍රව්‍ය ටිකයි, සාදන ක්‍රමයයි විතරක් දැනගෙන හිටියට රෝයල් අයිසින් හදන්න බැහැ. ඒ පිළිබද දැනගත යුතු තවත් කරුණු තියෙනවා. අයිසින් එක හදන අතරතුරේදී තමයි ඒ කරුණු වැදගත් වන්නේ.ඒ නිසා ඔයත් ඒ දේවල් දැනගන්න ඕන. ඒ වගේම තමයි වෙඩින් කේක් එකේ උඩ අයිසින් තට්ටුවට ගන්නෙත්  රෝයල් කේක්. නත්තල් කේක් හදද්දීත් රෝයල් අයිසින් ඕන වෙනවා.

අවශ්‍ය ද්‍රව්‍ය:
  • බිත්තර සුදු මද 01
  • දෙහි යුෂ තේ හැඳි 1/2
  • අයිසින් සීනි 250g 
සාදන ක්‍රමය:
  1. බිත්තර සුදු මදය බදුනකට කඩා දමන්න. 
  2. පසුව එයට දෙහි යුෂද එක්කර හොදින් පෙණ එනතුරු බීට් කර ගන්න. 
  3. එයට පසු හලාගත් අයිසින් සීනි ටිකෙන්   ටික දමමින් නැවතත් බීට් කර ගන්න. 
  4. පාඩම නිවැරදි දැයි බැලීමට අයිසින් මත හැන්ද දවටා මදක් ඉහලට ඔසවන්න.
  5. කන්දක් ආකාරයට අයිසින්වල ස්වබාවයදිස් වේ නම් නියම පදම එයයි.
රෝයල් අයිසින් සාදන විට සැලකිල්ලට ගත යුතු කරුණු:
වඩාත් සුදුසු ගම් බිත්තර 
රෝයල් අයිසින් සෑදීමට වඩාත් සුදුසු වන්නේ ගම් බිත්තරයි. එහි සුදු මදයෙහි වන දැඩි ගම ගතිය අයිසින් මිශ්‍රනයෙහි දැවටුණු විට මල් සැදීමත්, අනෙකුත් විසිතුරුදේ සදහාත් එය වඩාත් සුදුසුයි. 

දෙහි යුෂ බාවිතය 
රෝයල් අයිසින් සදහා දෙහි යුෂ දැමීමෙන් බිත්තර සුදු මදයෙහි පිලී ගඳ ඉවත් වෙනවා. අවැසි දේ නිර්මාණය කිරීම සදහා අයිසින් වලට අවශ්‍ය මෘදු ගතියද දෙහි යුෂ තුලින් ලබා ගන්න පුළුවන්.

දේශගුණයට සුදුසු පිළිවෙල 
රෝයල් අයිසින් පේස්ට් එක සාදා ගත් බදුන වැසි දිනයකදී නම් සර්වියට් එකකින් වසා තබන්න. අව්ව සහිත දවසක නම් එය වතුරෙන් තෙමන ලද  සර්වියට් එකකින් වසා තබන්න.

බදුන් තෝරා ගැනීම 
රෝයල් අයිසින් මිශ්‍රණය සාදා ගැනීම සදහා බාවිතයට ගන්නා බදුන උණුසුම සහිත වතුරෙන් තම්බා ගැනීමට අමතක නොකරන්න. ඉවුම් පිහුම් කටයුතු සදහා බාවිතයට ගන්නා බදුන් වල තෙල් සහිත ස්වබාවයක් රැදීම රෝයල් අයිසින් මිශ්‍රණයේ නිවැරදි පදමට බොහෝ විට හානි විය හැකි බැවින් එම බදුන් එලෙස පිරිසිදු කර ගැනීම සුදුසුය.නැතිනම් වෙන බදුනක් තෝරා ගන්න.

මෙම කරුණු පිළිබද වඩාත් සැලකිලිමත් උවහොත් ඔබට නිවැරදි රෝයල් අයිසින් සාදා ගැනීමට හැකි වේවි.



Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
රෝයල් අයිසින් (Royal Icing) රෝයල් අයිසින් (Royal Icing) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 13, 2020 Rating: 5

0 comments:

Post a Comment