මෂ්රුම් සුප් (Mushroom Soup)

රස ගුණ පිරි මැෂ්රුම් සුප්,කෑම ලන්තයෙන් අද ඔබට කියන්න සුදානම් වන්නේ මෂ්රූම් සුප් එකක් සාදාගන්නා ආකාරයයි.මෂ්රූම් කියන්නේ පෝෂණීය ආහාරයක්.විටමින් D අවශ්‍යතාව ඉටු කිරීම,ප්‍රතිශක්තිකරණය වැඩි කිරීම,විස නැසීම,පිත්තාශයේ නිරෝගී බව ආදී සෞක්‍යරක්‍ෂිත කරුණු ගොඩක් මැෂ්රුම් ආහාරයට ගැනීමෙන් ලබාගන්න පුළුවන්. ඉතින් අපි දැන් බලමු මේ රසවත් සුප් එක සාදාගන්නා ආකාරය.

අවශ්‍ය ද්‍රව්‍ය:
  • මෂ්රුම් 200g
  • තලා ගත් සුදුළුණු බික් 1-2
  • කුඩාවට ලියාගත් ළුණු මේස හැඳි 2
  • බටර් මේස හැඳි 2
  • පිටි මේස හැඳි 2-3
  • කුකුළු මස් 700g
  • කිරි 200ml
  • ලුනු තේ හැඳි 1/2
  • ගම්මිරිස් තේ හැඳි 1/4
සාදන ක්‍රමය:
  1. මෂ්රුම් සෝදා කපාගන්න.
  2. පෑන් එකක් ලිප තබා බටර් එකතු කර බටර් දියකර ගන්න.එයට ළුණු, සුදුළුණු,මෂ්රුම් එකතු කරගන්න.
  3. ළුණු හොඳින් තෙම්පරාදු වන තෙක් පිසගන්න.
  4. පිටි මේස හැඳි 2ක්‌ එකතු කර කලවම් කරගන්න.
  5. එයට කුකුළු මස් එකතු කර උකුවන තුරු පිසගන්න.
  6. එයට කිරි එකතු කර තවත් පිටි මේස හැඳි 1ක් එකතු කරගන්න.
  7. හොඳින් උකු වූ විට ලුනු,ගම්මිරිස් එකතු කර ළිපෙන් බාගන්න.

Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
මෂ්රුම් සුප් (Mushroom Soup) මෂ්රුම් සුප් (Mushroom Soup) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 15, 2020 Rating: 5

0 comments:

Post a Comment