මිහිඳු හිමි වැඩි - පින්බර මිහින්තලය ☸️🙏🌼 (Mihintale)

අද දින අපි කතා කරන්න යන්නේ සුවිශේෂි පුදබිමක් ගැන. එනම් මිහින්තලය ගැනයි.

මිහින්තලය යන නම ඇසු පමණින් බෞද්ධ ජනයාගේ සිතට මතක් වෙන්නේ මිහිදු හිමියන්ගේ වැඩමවීම හා ලංකාවට බුදු දහම ගෙන ඒමයි.

ක්‍රිස්තු පුර්ව තෙවැනි සියවසේ පොසොන් පුර පසළොස්වක පොහෝ දිනක මිහිදු හිමියන් ප්‍රමුඛ ඉට්ඨිය, උත්තිය, භද්දසාල, සුමණ සාමණේර හා භණ්ඩුක උපාසකගෙන් සැදුම්ලත්,පංච ධර්මදූත කණ්ඩායමක් ලක්දිව බුද්ධශාසනය පිහිටවීමට වැඩි බව ඔබ මම හොදින්ම දන්නා කතාවයී.
මිහිඳු මහ රහතන් වහන්සේ ගේ ආගමනයෙන් පසු මිහින්තලාවේ ගොඩනැගුණු සංස්කෘතික තෝතැන්න පසුකාලීනව මුළු ලංකාද්වීපයටම විහිදි ගියා කිව්වොත් වඩාත් නිවැරදී.

මිහින්තලය අතීතයේ විවිධ නම් වලින් හදුන්වා තිබෙනවා.ඒවා නම්,
  • චේතියගිරිය
  • සෑගිරිවෙහෙර
  • මිස්සක පව්ව
  • චේතිය පබ්බත
මිහින්තලේ කිව්වහම හැමෝටම එක පාරටම මතකයට එන්නේ ආරාධනා ගල නේ ද?

මිහිඳු මා හිමියන් ප්‍රථමයෙන් දේවානම්පියතිස්ස මහ රජතුමාට ‘තිස්ස’ යන නාමයෙන් ඇමැතුවේ මෙම ගල් පර්වතයේ සිට බවට සැදැහැවත් ජනයාගේ විශ්වාසය වේ.

ආරාධනාගලට නැග්ගට පස්සේ දක්නට ලැබෙන දර්ශනය ඉතාමත් මනස්කාන්තයි. උඩ ඉදන් බලද්දී මිහින්තලා මහා සෑය සුදෝ සුදට බබලනවා. කන්ද නැග්ග මහන්සිය නැතිවෙනවා ඒ ගල මුදුනටම ගියාම.

මිහින්තලා පුදබිමට යන ඔයාලට,අම්බස්ථල වෛත්‍යයයි, ආරාධනා ගලයි, මිහින්තලේ මහා සෑයයි, හිඳි බුද්ධ ප්‍රතිමාව සහ කණ්ඨක වෛත්‍යත් දැකගන්න පුලුවන්.මේ හැම එකක්ම වැදපුදා ගන්න අමතක කරන්න එපා.

මිහින්තලය මහා සෑයේ උස අඩි 153 ක් පමණ උසයි.මේ මහා සෑය 1941 වර්ෂයේදී පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරකයක් ලෙස ප්‍රකාශයට පත් කරලත් තියෙනවා.

ඒ වගේම මිහිඳු මහරහතන් වහන්සේගේ භෂ්මාවශේෂ වලින් කොටසක් මෙහි නිදන් කොට තිබෙනවා.මිහින්තලයේ කර ඇති ඉදිකිරීම් බොහොමයක් දේවානම්පියතිස්ස රජු විසින් ආරම්භ කර ඇති ඒවා බවට සාධක පවතිනවා.

මිහින්තලය පුද බිම එක් වරක් හෝ වැඳපුදා ගන්න ඔබත් මෙහි එන්න.මහින්දාගමනයෙන් ආලෝකමත් වූ මිහින්තලා පුදබිම ශ්‍රී ලාංකේය වංශකතාවේ තිඹිරිගෙය කිව්වොත් වඩාත් නිවැරදී.

පින්තූර මුල්හිමිකරු සතුයි 📸🙏

Mihintale
In the 3rd century BC, area of Mihintale (mihinthalaya) was a thick jungle area inhibited by wild animals and was a hunting ground reserved for the royals. All this changed in 250 BC when the son of the Indian Emperor Asoka, Mahinda Maha Thero arrived at the Missaka Pauwa to meet king Devamnampiyatissa for the first time and asked the famous questions to decide whether he is intelligent enough to understand the philosophy of the Buddha. Initially Mahinda Maha Thero’s residence, but later Mihintale (mihinthalaya) became a main center for Theravada Buddhism and is considered the cradle of Buddhism in Sri Lanka.











උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
මිහිඳු හිමි වැඩි - පින්බර මිහින්තලය ☸️🙏🌼 (Mihintale) මිහිඳු හිමි වැඩි - පින්බර මිහින්තලය ☸️🙏🌼 (Mihintale) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 11, 2020 Rating: 5

0 comments:

Post a Comment