අවශ්‍ය ද්‍රව්‍ය:
- ඉරිගු
- තෙල් ස්වල්පයක්
- මිරිස් කුඩු ස්වල්පයක්
- රස අනූව ලුණු ස්වල්පයක්
සාදන ආකාරය:
- ඇලුමිනියම් භාජනයක් ලිප තබා තෙල් එක් කර ගන්න.
- භාජනය හොඳින් රත් වූ පසු ඉරිගු ඇට එක් කර ගන්න.
- මද රස්නේට ලිප සකසා ගන්න.
- පියනකින් වසා ගන්න .ඉරිගු ඇට පුපුරන විට පියන වසා තිබියදීම භාජනය දෙතුන් වර සොලවන්න.
- සාදාගත් පොප්කෝන් වලට මිරිස් කුඩු සහ රස අනූව ලුණු එක් කර මිශ්‍ර කර ගන්න.
ඇමරිකාව තම නිජබිම කර ගත් බඩ ඉරිගු බටහිර රට වල ඉතා ජනප්‍රිය ආහාරයකි .විශේෂයෙන්ම කුඩා දරුවන් හට උදෑසන ආහාර ලෙස ලබා දෙන කෝන් ෆලෙක්ස් සාදනුයේ මෙම ඉරිගු වලිනි.
ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් ඉහළ බඩ ඉරිගු වල ,කාබෝහයිඩ්‍රේට් ,ඛනිජ ලවණ හා විටමින් A, B, C වලින් අනූනය අතර තන්තු බහුල ය. ශරීර ශක්තිය වඩවන ඉරිගු ස්ථුල සිරුරක් බලාපොරොත්තු වෙන කෙසග අයට අත්වැලකි.
මල බද්ධට අර්ශෂ් වලට මෙන්ම දියවැඩියාව හා හදවත් රෝග පාලනය කරයි.
ලපටි අවධියේ දී පුලුස්සා ,තම්බා රස බලන ඉරිගු පොරි ලෙස ලුණු හා මිරිස් කුඩු සමගද පැණි ,කැරමල් ,චොකලට් සෝස් සමග රස බැලිය හැක.කුඩා දරුවන් ආස කරන පොප්කෝන් ඉතාමත් පිරිසිදුවට සෞඛ්‍ය ආරක්ෂිතව අඩු මුදලකට අපි අපේ අතින් අපේ ගෙදරදීම අපේ පොඩ්ඩන්ට හදලා දෙමුද ?
ස්තුතිය 🙏
Chef Nadee
Reviewed by Wanni Arachchige Udara Madusanka Perera
on
July 12, 2020
Rating: 5









0 comments:
Post a Comment