දිය යට සැගවුණු - කඩදොර විහාරය (Kadadora Vihara - Hidden Under Water)

ආගමික සිද්ධස්ථාන අතරින් ඓතිහාසික කඩදොර ශ්‍රී ප්‍රියබිම්බාරම විහාරයට හිමිවන්නේ සුවිශේෂී තැනකි. මහා ජල තලයෙන් යට වී දශක කිහිපයක් ගෙවුණද එම විහාරයේ ප්‍රතිමා ගෘහයේ වූ භූමි ස්පර්ශ මුද්‍රාවෙන් හා වීරාසනයෙන් යුත් බුද්ධ ප්‍රතිමාව තවමත් නිසලව සිටින අයුරු වියළි කාලයේදී කොත්මලේ ජලාශය සිඳීයන විට අදටත් දැකගත හැකිය.

ගැමුණු කුමරු හා වේළුසුමන යෝධයා නිතර මුණගැසුණු ස්ථානය ලෙසට මෙම විහාරය ජනප්‍රවාද ගතව ඇත. 

විහාරයේ ඓතිහාසික ඉදිකිරීම් සියල්ලම හඳුනාගත නොහැකි තරමටම අද විනාශ වී ඇති අතර විස්මය දනවන කරුණ වන්නේ බුද්ධ ප්‍රතිමාව සහිත ප්‍රතිමා ගෘහයේ නටඹුන් තවමත් ශේෂව පැවතීමයි.  

මෙසේ නිල්දිය පතුලේ සැඟව ගිය ඓතිහාසික කඩදොර විහාරය ඇතුළු ආගමික සිද්ධස්ථාන සිහිකිරීමේ අරමුණින් 1983 මැයි 20 වන දින කොත්මලය ජලාශය අසබඩ මහවැලි මහා සෑයේ ඉදිකිරීම් අරඹන ලදී. 

මෙරට පෞරාණික උරුමයට ළැදියාවක් දක්වන්නාවූ පිරිස් වෙත දැකගනු පිණිස ඓතිහාසික කඩදොර විහාරයේ බුද්ධ ප්‍රතිමාව තවත් කාලයක් නිරුපද්‍රිතව පවතීවායි යන්න අපගේ බලාපොරොත්තුව වේ.




උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
දිය යට සැගවුණු - කඩදොර විහාරය (Kadadora Vihara - Hidden Under Water) දිය යට සැගවුණු - කඩදොර විහාරය (Kadadora Vihara - Hidden Under Water) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 15, 2020 Rating: 5

0 comments:

Post a Comment