අද අපි කියලා දෙන්න යන්නේ දරුවන්ටම විශේෂ වූ කුකීස් වර්ගයක් ගැන. දරුවන්ට රසට කන්න පුළුවන් වගේම අම්මලට ලේසියෙන් හදන්නත් පුළුවන්. කඩෙන් මිලදී ගන්න බිස්කට් වගේ කල් තබාගැනීමේ ද්‍රව්‍ය මුකුත් දාන්නැති නිසා කිසිම බයක් නැතුව ළමයින්ට දෙන්නත් පුළුවන්නේ.
විනාඩි 30ක් වගේ සුළු වෙලාවකින් මෙය සාදා නිමකරගත හැකි වගේම කැමති ආකාරයට හැඩ කරගත හැකිය. එනම් අපි බලමු හදන්නේ කොමද කියලා.
අවශ්‍ය ද්‍රව්‍ය: (කුකීස් 12ක් හදන්න පුළුවන්)
- බටර් 100g
- සීනි 100g
- බිත්තර 01
- පාන් පිටි 150g
- බේකින් පවුඩර් තේ හැඳි 01
- වැනිලා තේ හැඳි 01
- මුලින්ම අවන් එකේ උෂ්ණත්වය සෙල්සියස් 190ක් කරගෙන රත්වෙන්න හරින්න.
- ඉන්පසු භාජනයකට බටර් හා සීනි දමා හොදින් සීනි දියවෙන තුරු විනාඩි 2-3ක් බීට් කරගන්න.
- පිටි වලට බේකින් පවුඩර් දමා හොදින් කවලම් කරගන්න.
- බේකින් පවුඩර් සමග මිශ්‍ර කරගත් පිටි, බිත්තර, වැනිලා බටර් මිශ්‍රණයට එකතු කරන්න.
- එම මිශ්‍රණය පිටි බෝලයක් වෙනසේ විනාඩි 2-3ක් හොදින් අනාගන්න.
- ගැබුර අඩු, දිග වැඩි බේකින් තැටියක් ගන්න. එයට තෙල් කඩදාසි දමන්න.
- බිස්කට් මිශ්‍රණයේ කුඩා කැබලි ගෙන රවුම් සකසා තැටියෙන් තබන්න.
- දැන් බේකින් තැටිය අවන් එකට දමා බේක් වෙන්න හරින්න.
- දුබුරු පැහැ වෙනතෙක් විනාඩි 15-20ක් තබන්න.එපමණයි.
Reviewed by Wanni Arachchige Udara Madusanka Perera
on
July 10, 2020
Rating: 5



0 comments:
Post a Comment