ඇඳුම් වල දහඩිය පැල්ලම් ඉවත් කරන ක්‍රම 10 ක් (Here Are 10 Ways To Get Rid Of Sweat Stains On Clothing)

ඇඳුම් වල දහඩිය පැල්ලම් කියන්නේ තරමක් අප්‍රසන්න ඒ වගේම කෙනෙකු ලැජ්ජාවටත් පත් කිරීමට සමත් වෙන දෙයක්. අනිත් කුණු පැල්ලම් වලට වඩා දහඩිය පැල්ලමක්‌ දැකීමෙන් කෙනකු ඔබේ පිරිසිදුතාවය මනින්නත් ඉඩ තිබෙනවා.

ඒ වගේම දහඩිය කහට පැල්ලම් ඉවත් කිරීම පහසු දෙයකුත් නෙමෙයි. මේ නිසා විවිධ රසායනික ද්‍රව්‍ය යොදාගෙන ඔබගේ ඇඳුම් නාස්ති කරගන්නේ නැතිව, අත කදෙනකන් අතුල්ලන්නේ නැතිව මේ දහඩිය කහට පැල්ලම් ඇඳුම්වලින් ඉක්මනින්ම ඉවත් කරගන්න පහසු ක්‍රම කීපයක් අපි ඔබට කියා දෙනවා.

(01.)ඇස්ප්‍රින්. ඇස්ප්‍රින් කියන්නේ ඇදුම් වල කහට පැල්ලම් ඉවත් කිරීමට ඇති පහසුම ක්‍රමයක්. ඇස්ප්‍රින් පෙති දෙකක් හොඳින් කුඩු කර, එම කුඩ උණුවතුර කෝප්ප බාගයක් සමඟ මිශ්‍රකර එම දියරයේ කහට පැල්ලම ඇති තැන බස්වා පැය දෙකක් තුනක් පෙඟෙන්නට හරින්න. ඉන්පසු සාමාන්‍ය ආකාරයට සෝදාගන්න.

(02.)බඳුන් සෝදන සබන්. ඔබේ ඇඳුමේ ඇති දහඩිය කහට පැල්ලමක් ඉක්මනින්ම සුදු කරගැනීමට අවශ්‍ය ද? ඒ සඳහා බඳුන් සෝදන සබන් දියර කොටස් එකක් සමග හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් කොටස් 2ක් මිශ්‍රකර කහට පැල්ලම් ඇති ස්ථානයෙහි හොඳින් ගල්වා, පැල්ලම අතුල්ලා ඉන්පසු පැයක්‌ පමණ එසේම තිබෙන්නට හැර පසුව සෝදා හරින්න.

(03.)ලුණු. ඔබේ ඇඳුම් වල අත් යට දහඩිය කහට පැල්ලම් තදින් බැඳී ඇති අවස්ථාවක ඒවා ඉවත්කර ගැනීමට හොඳම විසඳුම වන්නේ ලුණුය. උණු වතුර ලීටර් 1ට පමණ ලුණු මේස හැඳි හතරක් හොඳින් මිශ්‍රකර පැල්ලම ඇති ස්ථානය, එම පැල්ලම නැති වන තුරුම ලුණු දියරයේ දමා පෙගෙන්නට හරින්න. පැල්ලම ඉවත් වූ පසු සාමාන්‍ය වතුරෙන් සෝදා හරින්න.

(04.)දෙහි. දෙහි යනු සාමාන්‍යයෙන් ඕනෑම ආකාරයේ ඕනෑම මතුපිටක පැල්ලම් ඉවත් කිරීමට ඇති අපූරු විසඳුමක්. ඇඳුමක ඇති දහඩිය පැල්ලම් ඉවත් කිරීම සඳහා ඔබ වතුර සහ දෙහි සමාන කොටස් මිශ්‍රකර එම දියරයෙන් පැල්ලම අතුල්ලමින් සෝදන්න. ඉතාමත් තදින් රැඳී ඇති පැල්ලමක් නම් මද වෙලාවක් එම මිශ්‍රණයේ පැල්ලම පෙඟෙන්න තබා එයින්ම සෝදාහරින්න.

(05.)විනාකිරි. ඇඳුම් වල ඇති දහඩිය සහ ඩියෝඩොරන්ට් පැල්ලම් යන දෙකම ඉතා පහසුවෙන් ඉවත් කර ගැනීමට ඇති හොඳම විසඳුම තමයි විනාකිරි කියන්නේ. මෙහිදී විනාකිරි ජලයෙන් තනුක කිරීම අවශ්‍ය වන්නේ නැහැ. ඉවත් කිරීමට අවශ්‍ය පැල්ලම ඇති තැනට කෙලින්ම විනාකිරි වත් කර හොඳින් අතුල්ලමින් සෝදා හරින්න.

(06.)බේකින් සෝඩා. බේකිං සෝඩා සහ 1/4 කෝප්ප උණුසුම් ජලය සමග සාදන ලද පේස්ට් එකකින් ඇඳුම් වලින් විවිධ පැල්ලම් ඉවත් කර ගත හැකිය. උදාහරණයක් ලෙස, දහඩිය පැල්ලම් ඉවත් කිරීම සඳහා එය කමිසවලට අතුල්ලන්න. ඉතා තද පැල්ලම් සඳහා, සේදීමට පෙර පැය දෙකක් පමණ පේස්ට් එක පැල්ලම මත වියළීමට ඉඩ දෙන්න. පේස්ට් එක ආලේප කිරීමෙන් හා සරල බේකින් සෝඩා වලින් සේදීමෙන් තාර පැල්ලම් අතුල්ලන්න. කොලර් වල පැල්ලම් සඳහා, ඔබ කමිසය සේදීමේදී පේස්ට් එක අතුල්ලමින් විනාකිරි ටිකක්ද එකතු කරන්න.

(07.)ඇමෝනියා. රෙදි සේදීමට පෙර ඇමෝනියා සහ ජලය අර්ධ සාන්ද්‍රනයකින් යුත් ද්‍රාවණයක්‌ පැල්ලම ඇති ප්‍රදේශයට යෙදීමෙන් ඇඳුම් මත දහඩිය මෙන්ම රුධිරය හා මුත්‍රා පැල්ලම් ඉවත් කරගත හැකියි. ඇමෝනියා යනු දහඩිය පැල්ලම් ඉවත් කිරීමට අපූරු ක්‍රමයකි. නමුත් ඔබ එය බ්ලීච් සමඟ මිශ්‍ර කිරීමෙන් වැළකී සිටිය යුතුය.

(08.)සීතල ජලය. දහඩිය කහට පැල්ලම් ඇතිවී ගෙන එන අවස්ථාවේදීම ඒවා වළක්වා ගැනීමට ඔබට සීතල ජලය භාවිතා කලහැකිය. මෙහිදී අයිස් වතුර භාවිතා කිරිම වඩාත් සුදුසුයි. සාමාන්‍යයෙන් ඉක්මනින් දහඩිය පැල්ලම් රැඳේ යයි සිතෙන සුදු ඇඳුම් වැනි දේවල් සේදීමේදී මෙසේ සීතල ජලය යොදාගෙන සෝදන්න. එසේම එම ඇඳුම් වල දැනටමත් කහට පැල්ලම් ඇතිවී ගෙන එනවා නම් කිසිම අවස්ථාවක උණුවතුර භාවිතා නොකරන්න. එමගින් එම පැල්ලම් තවත් තදින් ඇඳුමට අල්ලා සිටිනවා.

(09.)වොඩ්කා. සමාන කොටස් වලින් වොඩ්කා සහ උණුවතුර යොදාගෙන පැල්ලම් සේදීමෙන් එම පැල්ලම් පමණක් නොවෙයි දුඟද පවා ඇඳුමෙන් ඉවත් වෙනවා. ඉන්පසු සාමාන්‍ය වතුරෙන් සෝදා ගැනීම කළ හැකිය.

(10.)බොරැක්ස්. බොරැක්ස් කිසිමවිටක මෘදු රෙදි වර්ග සඳහා භාවිතා නොකරන්න. එසේ නැති සාමාන්‍ය ආකාරයේ දහඩිය පැල්ලම් රැඳී ඇති රෙදි සඳහා බොරැක්ස් කුඩුවලින් මේස හැඳි එකක් ජලය ස්වල්පයක් සමග පේස්ට් එකක් සෑදෙන ආකාරයට මිශ්‍රකරගන්න. ඉන්පසු පැල්ලම් ඇති ස්ථානයට එම පේස්ට් එක හොඳින් තවරා මිනිත්තු තිහක් පමණ තිබෙන්නට හැර පසුව සෝදා හරින්න.
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ඇඳුම් වල දහඩිය පැල්ලම් ඉවත් කරන ක්‍රම 10 ක් (Here Are 10 Ways To Get Rid Of Sweat Stains On Clothing) ඇඳුම් වල දහඩිය පැල්ලම් ඉවත් කරන ක්‍රම 10 ක් (Here Are 10 Ways To Get Rid Of Sweat Stains On Clothing) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 10, 2020 Rating: 5

0 comments:

Post a Comment