සිරිසඟබෝ හිස දන් දුන් - හස්තිකුච්ඡි විහාරය ☸️🙏 (Hatthikucchi Viharaya)

අද අපි කතා කරන්න යන්නේ තවත් සුවිශේෂි අතීත උරුමයක් ගැන ඒ නමින් හස්තිකුච්ඡි විහාරයයි.

අහස් කුස සිප ගන්නා සේ පිහිටි ඟිරි ශිඛර, හරිත පැහැ ගත් තුරු ලතාවන් හා නටඹුන් අතුරින් ඈතට විහිදී ගිය අඩි පාර දිගේ පිය මනිද්දී හමුවෙන මෙම විහාර නටඹුන් හරිම මනස්කාන්තයි.

අපේ කතාව අද මෙහෙම පටන් ගන්නම්.අක්කර 300 පමණ පුළුල් වපසරියක් පුරා විහිදී යන මෙම වන සෙනසුන හා බැඳුණු පුරාවෘත්ත මෙන්ම ඉතිහාසගත කරුණු රාශියකි.

ඒ තමා,ක්‍රි.ව.247 දී ලංකාවේ රාජ්‍යත්වයට පත් ශ්‍රී සංඝබෝධි හෙවත් සිරිසඟබෝ රජු මහා දාන පාරමිතා පිරූ ස්ථානය ලෙසත් හස්තිකුච්ඡි විහාරය සළකනු ලැබෙනවා.

ඒ වගේම,ඒ සිරිසඟබෝ රජු හිස දන් දුන් බවට සැලකෙන ස්ථානය මෙය ලෙස බවට සදහන් වෙනවා.

එහි එන පුරාවෘතයන්ට අනුව රජු හිස දන් දුන් ස්ථානය අසල විශාල ගල් පොකුණක් වූ බවට සඳහන් වන අතර එහි හෙළිකරන කරුණුවලට අනුව පිහිටි කල්ගුහා හා ගල් පොකුණු අද ද මේ භූමියෙහි දකිනට ලැබෙනවා.

සිරිසඟබෝ රජු හිස දන්දීමෙන් අනතුරුව ඉතිරි වූ කවන්ධය මෙම ස්ථානයේ භූමදානය කළ බවට හෙළිවන සාක්ෂිද මෙහි දකිනට ලැබෙනවා.

සාමාන්‍යයෙන් මෘත දේහයක් දැමූ පසු හිස හා පාදය පිහිටන ආකාරයට අනුව නිර්මාණය වූ කන්දක් මෙන් සැකසුණු සොහොන් කොතක් ඔබට මෙහි දකිනට හැකිවේ.

මේ හිස දන්දුන් කතාව ඔයාලා දන්නවා ඇති නේද කෙටියෙන් මතක් කරන්නම්.

ගෝඨාභය රජු සිරිසඟබෝ රජුගේ හිස රැගෙන එන්නෙකුට ත්‍යාගයක් පිරිනමන බව දැන්වූ අතර මිනිසුන් සිරිසඟබෝ රජුගේ හිස යැයි කියා වෙනත් මිනිසුන්ගේ හිසක් රැගෙන යන බව දුගියෙකුගෙන් දැනගන්නා සිරිසඟබෝ රජු එම දුගියාට හිස දන් දුන් බවත් එම හිස දන් දුන් ස්ථානය තමා මේ හස්තිකුච්ඡි විහාරය කියලයි කියන්නේ.

තවද මෙම භූමියෙන් අළු බඳුන් කීපයක් ද පුරා විද්‍යා කැනීම්වලින් හමු වී තිබෙනවා.

සිරිසඟබෝ රජු ආදානය කළ ස්ථානයේ ගෝඨාභය කුමරුන් විසින් වටදා ගෙයක් ඉඳි කළ බවට හෙළි වන සාධක අත්තනගලු විහාරවංශ කතාවේ සඳහන් වෙනවා.

ඒ වගේම සිරිසඟබෝ රජු මෙම භූමියට පැමිණීමට පෙර මෙම ස්ථානයේ යෝගාවචර භික්ෂුන් වහන්සේලාගේ භාවනා මධ්‍යස්ථානයක් ලෙස යොදාගත් බවටත් සදහන් ව තිබෙනවා.

ඒ වගේම තවත් වැදගත් කතාවක් වන්නේ.සියවස් කිහිපයක් පුරා දිවෙන ඉතිහාසයකට උරුමකම් කියන හස්තිකුච්ඡි විහාරය ක්‍රි.පූ. 3 සියවසේ සිට ක්‍රි.ව. 9 සියවස දක්වා වූ දීර්ඝ කාල පරාසයකට අයත් වූ සෙල්ලිපි එකම ස්ථානයකින් හමු වූ ලංකාවේ එකම පූජා භූමියද වෙනවා.

මේ පුදබිම නම් කිහිපයකින් හදුනවනවා ඇත්කුස විහාරය / අතිකු(චි)ය විහාරය /හස්ථිකුච්චි විහාරය /හත්තවනගල්ල නමින්ද මේ හස්තිකුච්ඡි විහාරය හදුන්වනවා.

මේ වගේ ඉතිහාස කතා රාශියකට උරුම කියන මේ පුද බලන්න යන්න කියලා අපි ආරාධනා කරනවා.මේ ගැන කියන්න කතා ගොඩක් තියෙනවා ඉදිරියේදි ලියන්නම්.

පින්තූර මුල්හිමිකරු සතුයි 📸🙏

Hatthikucchi Viharaya
Hatthikucchi Viharaya is a ruined ancient temple complex situated on the northern border of the North Western Province (Wayamba), Sri Lanka 3.5 km away from the Mahagalkadawala junction on the Padeniya – Anuradhapura (A28) road.









උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
සිරිසඟබෝ හිස දන් දුන් - හස්තිකුච්ඡි විහාරය ☸️🙏 (Hatthikucchi Viharaya) සිරිසඟබෝ හිස දන් දුන් - හස්තිකුච්ඡි විහාරය ☸️🙏 (Hatthikucchi Viharaya) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 01, 2020 Rating: 5

0 comments:

Post a Comment